ඝාතන_200

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රාජපක්ෂලා යනු හොරුන් පමණක් නොව භයානක මිනීමරුවන්: මහින්ද රාජපක්ෂ ඝාතන 200 කට වඩා වගකිව යුතුයි - Video



Niroshan_Padukka_Janatha_sakkiya1.jpg




රාජපක්ෂලා යනු හොරුන් පමණක් නොව මහා භයානක මිනීමරුවන් බවත් මහින්ද රාජපක්ෂ පමණක් වග කිව යුතු ඝාතන සංඛ්‍යාව 200 කට අධික බවත් ජනාධිපති මෛත්‍රී බොරලැස්ගමුවේදී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඝාතනය කිරීමට කරන ලද උත්සාහය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන්නේ නම් ඒ හා සම්බන්ධ තොරතුරු ලබා දීමට සූදානම් බවත් ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතා පැවසීය.
ඔහු මෙසේ කීවේ ලංකා ඊ නිව්ස් තහනම් යුගයේ එහි ලිපි මාලාවක් ලෙස පළවූ නිරෝෂන් පාදුක්ක විසින් රචිත ජනතා සාක්කිය පොත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීමේ උත්සව සභාව අමතා කරන ලද කතාවේදීය. පසුගිය ජුනි 11 දා පිළියන්දලදී පැවැති මෙම උත්සවය ලන්ඩනයේ සිට ඇමැතූ ඊ නිව්ස් කතුවරයා කියා සිටියේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් එදා මාධ්‍ය ඇමැතිව සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එදා කරන ලද ප්‍රකාශයක් අනුව ඔහු ඒ ගැන දැන සිටි බවත් අද ඔහු සත්‍ය ප්‍රකාශ කළ යුතු බවත්ය.
විදෙස් ගත මාධ්‍යවේදීන් වෙනුවෙන් කතා කළ ඊ නිව්ස් කතුවරයා කියා සිටියේ තමන්ද ඇතුළු විදෙස් ගත මාධ්‍යවේදීන් ඉටු කරමින් සිටින්නේ නිවසින් පිට ගොස් රස කෑමක් රස විඳීමෙන් පසු තම දරුවන්ට ඉන් කොටසක් රැගෙන යන පියාගේ යුතුකම බවයි. එනම් තමන් ජීවත් වන රටවලදී භුක්ති විඳින යහපාලනයෙන් කොටසක් හෝ තම රටේ සිටින දරුවන්ට ගෙන යෑමේ යුතුකම විදෙස් ගත ජනමාධ්‍යවේදීන් ඉටු කරන බවයි.



ඔහුගේ කතාව සම්පූර්ණයෙන් පහත දැක්වේ