චතුරංගට ටොක්කක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වසර 2022 දී රජයේ ආදායම ලැබී තිබෙන ආකාරයයි මේ.

    ඔබට පේනවා මේ සමස්ථ ආදායමෙන් 88.5% ක්ම ලැබෙන්නේ බදු ආදායමෙන් කියලා.

    ඒවා ආදායම් බදු, වැට් බදු, සුරා බදු, ගුවන්තොටුපල බදු, ආනයන බදු ආදී නොයෙකුත් ආකාර වලින් රජය අය කර ගන්නවා.

    ඉතිරි 11.5% ම ලැබෙනේ වෙනත් මාර්ග වලින්. ඒ විවිධ අයකිරීම් සහ මහ බැංකුව මගීන් ලැබෙන ආදායම් වලින්.

    අපි නිතර කියනවා වගේ රටේ ආර්ථිකයෙන් ලොකු කොටසක් අල්ලගෙන ඉන්න රාජ්‍ය අංශය ලාභය සහ ලාභාංශ විදියට රහයට දීලා තියෙන්නේ 1.4% යි. මේ අගය සාමාන්‍ය අවුරුද්දක 02% කට වඩා අඩුයි.

    ඒ වගේම අනිත් පැත්ටෙන් පාඩු ලබන ඒවාට අලාභ ගෙවන්නත් මිළක් වැය වෙනවා, ඒ ටික එන්නේ අර බදු මුදලින්.

    ඒ නිසා ඉතා පැහැදිලියි රජයක මූලික ආදායම වෙන්නේ ඒ රටේම මිනිස්සු උපයන මුදලින් බදු අය කර ගැනීම කියන කරුණ. මේ ටික මදි නම් බදු අය කර ගන්න ජනතාවට වඩා හොඳ ආදායම් උත්පාදනය වෙන ආර්ථිකයක් හදන්න අවශ්‍යයයි. අප කළ යුත්තේ ජනතාවට වඩාත් හොඳින් ආදායම් ජනිත වෙන ආර්ථිකයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීමයි. එසේ නොකොට රජයක් මගීන් කර්මාන්ත කරන්නට යෑම නොවෙයි. පුරවැසියා මූලික නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කිරීමත්, එමගින් ජනිත වෙන ධනයෙන් ආදායම් බදු, වැට් බදු, ආනයන බදු, සුරා බදු ආදී ලෙස බදු අය කර ගැනීමත් තමයි අපිට තියෙන විසඳුම.

    මේ රටේ තියෙන ලොකුම ගැටලුව බොරු මත වපුරන දේශපාලන ව්‍යාපාර වලින් මිනිස්සුන්ගේ ඔළු වල විෂබීජ පුරවන එක. රටක් නිවැරැදි දිශාවකට ගෙනියන්න ජනතාව එකතු කර ගන්න අපිට අපහසු ඒ නිසා.

    ක්‍රම වෙනසක් ඔබට ඕනේ නම්, ඔබේ මනස විවෘත කර ගෙන, ඔළුවට පුරවලා තියෙන වැරදි මත වලින් මිදෙන්න. නැත්නම් මේ රට කපේකට හදන්න වෙන්නේ නෑ.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර