චතුරංගනී_සේනාව_පැරණි_ලක්දිව

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    චතුරංගනී_සේනාව_පැරණි_ලක්දිව

    චතුරංගනී සේනාව පැරණි ලක්දිව


    15873537_1341916325880257_988319732202381784_n.jpg


    පැරණි ලක්දිව සහ ඉන්දීය උපමහද්වීපික යුද්ධ සේනාංක පිළිබඳව පරීක්ෂා කරන විට සිවුරඟ සෙනඟ හෙවත් චතුරංගනී සේනාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. චතුරංග බල යනුවෙන් කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රය, ශක‍්‍ර නීති සාරය, රඝුවංශය සහ මාලවිකාග්නිමිත‍්‍රයේ චතුර්විධ සේනාංක හඳුන්වා ඇත. මෙහි ඇතුළත් ප‍්‍රධාන සේනාංක හතර නම්,

    1. ඇත් සේනාංකය

    2. අශ්ව සේනාංකය

    3. රථ සේනාංකය

    4. පාබල සේනාංකය

    එහෙත් කඳු පන්ති, වනාන්තර, රැුල් බිම් වැනි භෞතික සාධක සහ සතුරු සේනාවේ ස්වරූපය අනුව කාලානුරූපීව පැරණි ලක්දිව සහ ඉන්දියාවේ චතුරංගනී සේනාවේ අංග වෙනස් වූ බව පෙනේ. විශේෂයෙන්ම බොහෝ ඉන්දීය ඉතිහාසඥයින් පෙන්වා දෙන ආකාරයට මෞර්ය, ගුප්ත, චාලූක්‍ය, චෝල, පල්ලව, පාණ්ඩ්‍ය, විජයනගර්, මූගල් වැනි රාජවංශවලට අයත් රජවරුන් සතුව නාවික සේනා, චරපුරුෂ සේනා, අගම්පඩි හෙවත් කුලී සේනා, ශ්‍රේණි හෙවත් වාණිජ මණ්ඩලවලින් මඟින් සැපයූ සේනා, පුරෝගාමී සේනා, ගරිල්ලා සටනට දක්ෂ වනචාරී සේනා සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් සේනාව වැනි විවිධ සේනාංක රාශියක් පැවතී ඇත.

    එහෙත් කි‍්‍ර. ව. 1න් පසුව රිය සේනාංකය අභාවයට ගිය බව පෙනේ. මහාභාරතයේ සහ රාමායනයේ ප‍්‍රශංසා මුඛයෙන් විස්තර කෙරෙන මෙම සේනාංකය වෛදික, නන්ද, මෞර්ය යුගයන්හිදී ඉතා ජනපි‍්‍රය විය. පසුව කිසියම් ඉපැරණි රාජ්‍යයක සේනාවන් පිළිබඳව විග‍්‍රහ කිරීමේදී එය චතුරංගනී සේනාව යනුවෙන් හැඳින්වීම සම්ප‍්‍රදායක් ලෙස අනුගමනය කිරීමට භාරතීය ඓතිහාසික රචකයන් පුරුදු වූ බව පෙනේ. උක්ත ශෛලිය ඉපැරණි ලාංකේය වංශකතාකරුවන්ද අනුගමනය කළ බව දක්නා ලැබේ.

    ඇත් සේනාංකය

    ඉපැරණි චතුරංගනී සේනාවේ අත්‍යවශයෙන්ම පැවති අංගයක් වූයේ ඇත් සේනාංකයයි. ඉන්දියාවේ පැවති විවිධ රාජවංශවලට අයත් ඇත් සේනාංකවල ප‍්‍රමාණය විශාල විය. අවසාන නන්ද අධිරාජ්‍යයාගේ ඇත් සේනාංකයේ ප‍්‍රමාණය ඇතුන් 3000 – 6000 අතර විය. හර්ෂවර්ධන අධිරාජයාගේ ඇත් සේනාංකයේ ඇතුන් 60000ක් වූ බව හියුංසාන් නම් චීන දේශසංචාරකයා වාර්තා කරයි. කි‍්‍ර. ව. 13 දඹදෙණි යුගයේ රජ කළ ෂෂ වැනි පරාක‍්‍රමබාහු රජුට ඇතුන් 990කින් යුත් ඇත් සේනාවක් සිටි බව දඹදෙණි අස්න වාර්තා කරයි. යුද්ධ ව්‍යාපාරයකදී ඇත් සේනාංකයෙන් ඉටු වන කාර්ය්‍යභාරය මෙලෙස සම්පිණ්ඩනය කළ හැක.

    x සතුරු සේනා බිය ගන්වා ඔවුන්ගේ ධෛර්යය හීන කිරීම.

    x සතුරු සේනාවේ සංවිධානාත්මක ව්‍යූහය අඩපණ කිරීම.

    x සතුරු බළකොටු, බැරැුක්ක, යුද අට්ටාල, පවුරු බිඳ දැමීම.

    x ස්වපාක්ෂික සේනාවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍යාධාර ප‍්‍රවාහනය කිරීම.

    x සේනාවේ වැදගත් ප‍්‍රධානීන් ප‍්‍රවාහනය කිරීම.

    සුප‍්‍රකට ඉන්දීය ඉතිහාසඥ ඒ. ඇල්. බෂාම් යුද්ධ කාර්යයේදී ඇත් සේනාංකයක වැදගත්කම මෙලෙස අවධාරණය කරයි.


    15843976_1341893952549161_6370661301347364682_o.jpg


    ‘‘ඉතා තද සැලකිල්ලෙන් යුතුව හස්තීහූ පුහුණු කරනු ලැබූහ. හමුදාවේ පෙරමුණෙහි ගමන් කරමින් වර්තමානයෙහි නම් යුද්ධ ටැංකිවල ආකාරයෙන් ඇත්තු සතුරු හමුදාවන්ගේ පෙළ බිඳිමින් ද ඔවුන්ගේ කොටු පෙතට වාසල් ආදී රක්ෂණාවරණයන් සුනු විසුනු කරමින් ද සටන් වලැ යෙදුණහ. වඩා නොගැඹුරු ගංගා හා ඇළ දොළ තරණය කිරීමට උදව් වන පාලමක ස්වරූපයෙන් ද සිට කි‍්‍රයා කිරීමට ඔවුනට හැකිවිය.’’

    (අසිරිමත් ඉන්දියාව – පිටුව 169)

    සාමාන්‍යයෙන් සටන් සඳහා දෙරටේම ඇතුන් සූදානම් කිරීමේදී පදම් කළ සමින් කළ ශීර්ෂාවරණයකින් සහ ශරීරාවරණයක් හෙවත් කවචයකින් උන් ආවරණය කරන ලදි. උන්ගේ දළ අගට පිත්තල ලෝහයෙන් කළ කොපු සවි කෙරිණ. ඇතැම් විට දළ අගට මනාව තලා මුවහත් කරන ලද පිහියා, දිගු කඩු සහ චක‍්‍රායුධ වැනි මාරාන්තික අවි සවිකළ බව රඝුවංශය, කවි සිළුමිණ, දඹදෙණි අස්න වැනි ඉපැරණි ලාංකේය සහ ඉන්දීය මූලාශ‍්‍ර සාක්ෂි දරයි. විශේෂයෙන්ම කි‍්‍ර. පූ. 6 උතුරු ඉන්දියාවේ හූනවරුන්ගේ රාජ්‍යයට පැමිණ වූ සුං යුන් :උම ඔිමබට ශමබ* නම් චීන සංචාරකයා හොඬවැලට තබා බදින ලද දිගු කඩුවලින් විශාල සතුරන් ප‍්‍රමාණයක් ඝාතනය කළ යුද ඇතුන් පිළිබඳ වාර්තා කරයි. කි‍්‍ර.ව. 16 සියවසේ ලංකාවේ වාසය කළ රිබෙයිරෝ නම් පෘතුගීසි කපිතාන්වරයාද උඩරට සේනාවේ සිටි ඇතුන්ගේ දළ අගට දිගු කඩු සවි කළ බවට වාර්තා කරයි. තවද කි‍්‍ර. ව. 13 සියවසේ ලංකාවේ ඇතුන් මත දාරුමය ජංගම මුරකොටු පැවති බව දඹදෙණි අස්න වාර්තා කරයි. මෙහි ඇත්ගොව්වාට අමතරව දුනු හී රැුගත් සෙබළුන් 4 – 5 පමණ රැුඳී සිටියහ. ඇතැම් විට ඇතුන්ගේ ප‍්‍රචණ්ඩ බව වැඩි කිරීම සඳහා ඔවුනට මත්පැන් පොවන ලදී.


    14947657_1243729409032283_3496381623197743384_n.jpg



    අශ්ව සේනාංකය

    අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා දීර්ඝ කාලපරිච්ෙඡ්දය තුළ රජැයූ සෑම ලාංකීක පාලකවරුන් සතුවම විවිධ ප‍්‍රමාණයෙන් යුත් අශ්වරෝහක සේනා පැවති බව දේශීය වංශකතා සාක්ෂි දරයි. පහත දැක්වෙන චූලවංශ ප‍්‍රකාශයෙන් එය මොනවට පැහැදිලි වෙයි.

    ‘‘ගජබාරජ තෙමේ මෙසේ අභිමානයෙන් උඩඟු වූයේ සේනාව සජ්ජිත කරන්ට අභයන්තරගත අමාත්‍යයන්ට නියෝග කළේය. ඇමතියෝ මොනවට සන්නාහ ලා සාදන ලද ඇතුන් ද අසුන් ද යුද්ධයේහි දක්ෂ වූ දශ ප‍්‍රකාරයකින් යුද්ධ පිණිස සන්නද්ධ වූ මහා යෝධයන් ඇත්තාවූ සේනාවන්ද එසේම කේරළ කර්ණාට ද්‍රවිඩාදී භටයන් කෂයකින්ම මොනවට සාදා රජහට දැන්වූහ’’ (මහාවංශය – පිටු 164)

    නන්ද, මෞර්ය, ශුංග, කුෂාණ, චෝල, මුගල් යනාදි ඉන්දීය ඉපැරණි අධිරාජ්‍යය පෙළපත් සතුව ප‍්‍රමාණයෙන් විශාල ශක්තිමත් අශ්වාරෝහක සේනාංක පැවති බව සාහිත්‍ය මූලාශ‍්‍ර වාර්තා කරයි. නිදසුන් ලෙස කර්ටියස් නම් ගී‍්‍රක ඉතිහාසඥයා දක්වන පරිදි ධනනන්ද නම් අවසාන නන්ද අධිරාජ්‍යයාට 20000ක අශ්ව සේනාවක් තිබිණි. හියුංසාන් නම් චීන භික්ෂුව පෙන්වා දෙන පරිදි හර්ෂවර්ධන අධිරාජ්‍යයාට 20000 – 100000 ක පමණ මහා අශ්ව සේනාවක් පැවතිණි.

    මූලික වංශයෙන් අශ්වාරෝහක සේනාවක කාර්යභාරය මෙලෙස සම්පිණ්ඩනය කොට දැක්විය හැක.

    x යුද්ධ පිටියට හදිසියේම කඩා වැද සතුරාට ක්ෂණික ප‍්‍රහාර එල්ල කිරීම.

    x ක්ෂණික ප‍්‍රහාර එල්ල කොට සතුරු සේනා සංවිධාන දුර්වල කිරීම.

    x සේනාවේ වැදගත් නිලධාරීන් ප‍්‍රවාහනය කිරීම.

    ඉපැරණි ඉන්දීය සහ ලාංකේය රජවරු ස්වකීය සේනාංක ප‍්‍රතිසංවිධානය කිරීමේදී අශ්වාරෝහක සේනාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ. ඔවුහූ ගී‍්‍රසිය, රෝමය, මොරොක්කෝව, පර්සියාව, සින්ඞ් සහ මධ්‍යම ආසියාවේ සිතියන් තැනිතලාව යන ප‍්‍රදේශවලින් යුද්ධ කාර්යය සඳහා අශ්වයින් ආනයනය කළහ. සාමාන්‍යයෙන් පදම් කළ සමින් කළ ශරීරාවරණ පැළදගත් අශ්වාරෝහකයා විසින් සටන් සඳහා කඩුව, ලන්සය, දුන්න, ඊතලය වැනි ආයුධ භාවිතා කරන ලදි. එහෙත් යුද්ධ කාර්යය අතින් අර්ධද්වීපික අශ්ව සේනාංක සංවිධානය බෙහෙවින්ම දුර්වලව පැවති බව ඒ. ඇල්. බෂාම් අවධාරණය කරන්නේ මෙපරිද්දෙනි.

    ‘‘අස් හමුදාව වැදගත් එකක් වුවත්, පූර්වකාලීන බොහෝ ජනතාවන්ගේ අස් හමුදා තරමටම එය තත්ත්වයෙන් නවීන නොවීය. ඉන්දියාවේ වයඹ දිගින් ආ ආක‍්‍රමණකාරීන්ගේ පහර ලැබූ ඉන්දියානු හමුදාවන් පරාජයට වැදගත් හේතුවක් වූයේ ඔවුන්ගේ අස් හමුදාවල දුර්වලතාවයමය. කි‍්‍ර. පූ. 326 දී පෝරස් පරදවා අලෙක්සන්දරයන් නිශ්චිත ජයග‍්‍රහණයක් ලැබුවේද කි‍්‍ර. ව. 1192 දී පෘථිවිරාජයන් පරදවා ඝෝර්හි මුහමද් ජය ලැබුවේද වැඩි වශයෙන් ම ඔවුන්ගේ ඉතා ඉහළ, වඩා සැහැල්ලූ අශ්වාරෝහක හමුදාවන් නිසාය. ආරෝහක ධනුර්ධජයෝ ඉන්දීය හමුදාවලට විශේෂයෙන් අන්තරායකර වූහ.

    (අසිර්මත් ඉන්දියාව – පිටුව 169)

    ඇතැම් අශ්ව වෙළ\මේ නිරතවූවන් රාජ්‍යයක ආණ්ඩු පෙරළීමට තරම් බල සම්පන්නව සිටි බව කි‍්‍ර. පූ. 2 ලක්දිව රජ කළ සූරතිස්ස රජු බලයෙන් පහකොට ආණ්ඩු බලය ලබාගත් සේන ගුත්තික කථා පුවතින් පැහැදිලි වේ. එසේම කි‍්‍ර. ව. 11 ලංකාව ආක‍්‍රමණය කිරීම සඳහා චෝලයන්ට ඔත්තු සැපයූවේද අශ්ව වෙළඳුන් පිරිසකි.

    රිය සේනාංකය

    අර්ධද්වීපික චතුරංගනී සේනා අතරින් ප‍්‍රථමයෙන්ම අභාවයට ගිය සේනාංකය වන්නේ රථ හෙවත් රිය සේනාංකයයි. කි‍්‍ර. පූ. 1500 – 600 වෛදික යුගයේ ඉතා ජනපි‍්‍රයව පැවති රිය සේනාංකය කි‍්‍ර. පූ. 1 අනතුරුව අතුරුදහන් විය. වෛදික යුගයේ මෙය ඉතා ජනපි‍්‍රය වීමට හේතුව වන්නේ එකල ආර්ය ජනාවාස වැඩි වශයෙන් හින්දුස්ථාන තැනිතලාවේ ව්‍යාප්තව පැවතීමය. සාමාන්‍යයෙන් රිය සේනාංක පහසුවෙන් මෙහෙයවීම සඳහා සුදුසු වන්නේ තැනිතලා ප‍්‍රදේශවලය. කෙසේවෙතත් කි‍්‍ර. පූ. 3 සියවසේ ඉන්දියාවේ විශාල ප‍්‍රදේශයක් පාලනය කළ නන්දවරුන් සතුව 2000ක රිය සේනාංකයක් පැවති බව පුරාණ මූලාශ‍්‍රවල සඳහන් වේ. මීට අමතරව මෞර්ය, ශුංග, කුෂාණ පාලකවරුන්ට රිය සේනාංක පැවති බව පෙනේ. විශේෂයෙන්ම කෞටිල්‍ය අර්ථ ශාස්ත‍්‍රයේ රිය සේනාංකයක වැදගත්කම අවධාරණය කරයි. අනතුරුව මෙය කිසියම් රාජ්‍යයක හෝ සේනාවක ප‍්‍රභූවරුන් ගමන් කරන රථයක් බවට පරිවර්තනය විය. අප රටේද රජවරුන්ගේ ප‍්‍රවාහන කටයුතු සඳහා අසුන් කීපදෙනෙකු යෙ¥ ප‍්‍රවාහන රථ විශේෂයක් භාවිතා කළ බව වලගම්බා කථා පුවතින් පැහැදිලි වෙයි.

    ‘‘එසේම රැුක්කයුතු යයි කියා මහාචූල මහානාග කුමරු දෙන්නාත් ගත්තේය, රථයාගේ සැහැල්ලූ බව පිණිස යහපත් සිළුමිණක් දී, මිහිපල් තෙමේ සෝමාදේවිය ඇයගේ අනුමැතියෙන් රථයෙන් බැස්වීය.’’

    (ම. ව. – පිටුව 128)

    අශ්වාරෝහක යුද්ධ රථ මනාව හැසිරවීම සඳහා යෝග්‍ය තැනිතලා භූමි නොමැතිවීම සහ බොහෝ යුද්ධ ව්‍යාපාර කැලෑබද ප‍්‍රදේශවල සිදුවීම හේතු කොට ගෙන ලංකාවේ චතුරංගනී සේනාවෙන් රිය සේනාංකය අතුරුදහන් වූ බව පෙනේ. කෙසේ වෙතත් යුද්ධ කාර්යය සංවිධානයේදී රිය සේනාංකයකින් ඉටු කෙරුණු වැදගත්ම කාර්යභාරය වන්නේ ක්ෂණික ප‍්‍රහාරයක් එල්ල කොට සතුරු සේනාවේ සංවිධානාත්මකභාවය සහ සැකැස්ම බිඳ දැමීමය.

    පාබල සේනාංකය

    ඉපැරණි චතුරංගනී සේනාවක කොඳුනාරටිය හෙවත් ප‍්‍රධාන කොටස වූයේ පාබල සේනාංකයයි. ඇත්, අස්, රිය යන අනෙකුත් ප‍්‍රධාන සේනාංකවලට වඩා පාබල සේනාංකයෙහි පිරිස් බලය ප‍්‍රමාණයෙන් විශාල විය. කර්ටියස් පෙන්වාදෙන පරිදි අවසාන නන්ද අධිරාජයාගේ පාබල සේනාවේ ප‍්‍රමාණය 200000කි. නන්දවරුන් අභිභවා පැමිණ චන්ද්‍රගුප්ත මෞර්යයන් සතුව 600000ක පාබල සේනාවක් පැවති බව ප්ලූටාර්ක් නම් රෝම ඉතිහාසඥයා වාර්තා කරයි. සුප‍්‍රකට දේශසංචාරක හියුංසාන් හිමියන් පෙන්වා දෙන පරිදි කි‍්‍ර. ව. 6 සියවසේ හර්ෂවර්ධන රජතුමා 50000 – 100000ක පාබල සේනාංකයක් නඩත්තු කොට ඇත. පාබල සේනාවක කාර්යභාරය මෙලෙස පෙන්වා දිය හැක.

    x සතුරු භූමිය ආක‍්‍රමණය කර ක‍්‍රමයෙන් ප‍්‍රහාර එල්ල කොට සතුරා දුර්වල කිරීම.

    x බළකොටු, කඳවුරු සහ වෙනත් යුදමය වශයෙන් වැදගත් සතුරු මර්මස්ථාන අල්ලා ගැනීම.

    x සූක්ෂමව සතුරු සේනාව කොටස් කර ගරිල්ලා ප‍්‍රහාර එල්ල කිරීම.

    x ස්වකීය සේනාවන්ට අත්‍යවශ්‍ය ආහාරපාන, වෛද්‍යාධාර සහ යුධෝපකරණ ප‍්‍රවාහනය කිරීම.

    x ස්වකීය පාර්ශ්වයේ බලය තහවුරු කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන කඳවුරු, බලකොටු ඉදිකර ගැනීම.

    x ස්වකීය පාර්ශ්වයේ වැදගත් නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා ශරීරාරක්ෂකයින් වශයෙන් කි‍්‍රයා කිරීම.

    x සතුරු පාර්ශ්වයේ යුද්ධ සංවිධානය පිළිබඳව ඔත්තු බැලීම සහ වැදගත් සතුරු නිලධාරීන් රහසිගතවම ඝාතනය කිරීම.

    x සතුරු සේනා බලකොටු වැනි මර්මස්ථාන විනාශ කිරීමට හෝ වටලා අල්ලා ගැනීම අවශ්‍ය වන වැටලූම් යුධෝපකරණ කි‍්‍රයාකරවීම.

    මෙපරිද්දෙන් යුද්ධ කාර්ය සංවිධාන අතින් වැදගත්වූ පාබල සේනාංකයට අවශ්‍ය පිරිස බඳවාගනු ලැබුවේ ස්වදේශීය පරිපාලකවරුන්, මිත‍්‍ර රටවල්, කුලී සේනා සපයන වෙළඳ ශ්‍රේණි සහ වනවාසී ගෝති‍්‍රකයන් මගිනි. සාමාන්‍යයෙන් පාබල සෙබළුන් සංග‍්‍රාමවතීර්ණ වීමට පෙර සැහැල්ලූ ලෝහයෙන් සහ පදම් කළ සමින් නිපදවන ලද ශරීරාවරණ පැළªහ. උක්ත ශරීරාවරණ කට්ටලයට හිස් වැසුමක් හෝ තලප්පාවක්, පපු ආවරණයක්, පාදාවරණයක්, අත් ආවරණයක් සහ පළිහක් අන්තර්ගත විය. මීට අමතරව යුද්ධයකදී බෙර, නළා යනාදී තූර්ය භාණ්ඩ අනුසාරයෙන් යුද්ධ සංඥා යැවීම සිදුකරන ලද්දේද පාබල සේනාංක මඟිනි. ඉපැරණි ඉන්දීය සහ ලාංකේය පාබල සෙබළුන් භාවිත කළ ප‍්‍රමුඛපෙළේ අවි ආයුධ පහත දැක්වේ.

    කඩුව, මුගුර, වෙලායුධය, ශේලායුධය, දුන්න, හෙල්ල, යගදාව, මහත් ඊතලේ, චන්ද්‍රවක්කය, ගල් පටිය, සවලය, කන්ඩිතලය, තෝමරය, රණ පොරව, තෙබ, ඉෂ්ටි, කිරිච්චිය, පාරා වළල්ල, කරවල, ති‍්‍රශූලය, සුරිග, සවලය, වජිරමුෂ්ටි, සොරනොල්ල.

    කල්යාමේදී රිය සේනාංකය අභාවයට ගොස් ඇත් සහ පාබල සේනාංක ප‍්‍රමුඛස්ථානයට පත් වූ බව කිව හැක. නමුත් කි‍්‍ර. ව. 1500ට පසුව තුවක්කුව සහ කාලතුවක්කුව මුල් කොටගත් පෘතුගීසි, ලන්දේසී, ඉංගී‍්‍රසි, ප‍්‍රංශ ආක‍්‍රමණ හේතු කොට ගෙන සම්ප‍්‍රදායික උපමහද්වීපික ආරක්ෂක සංවිධාන කටයුතු දුර්වල වූ බව පෙනේ. පසුව අර්ධද්වීපික වාසීහූද යුරෝපානු යුධෝපක‍්‍රම අනුගමනය කරන්නට වූහ.



    සලකන අයට සහ Bump , Comment කරන අයට 11+ ගානේ දෙනවා.....