චතුරගේ අලුත්ම එක..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    චතුරගේ අලුත්ම එක..

    5710-chathura-senarathna-news214781729.jpg




    ඇමති රාජිතගේ පුතා සුදුසුකම් නැතිවත් වකුගඩු ලොක්කා කරලා​


    පරිපාලන වෛද්‍ය සේවයේ හා ප්‍රජා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පළපුරුදු සුදසුකම් ලත් වෛද්‍යවරුන් සිටිය ද කිසිදු පළපුරුද්දක් නැති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතා වකුගඩු ව්‍යාපෘති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංසදයේ ‍ලේකම් වෛද්‍ය ජයන්ත අබේරත්න මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

    සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතාව කිසිදු සුදසුකමකින් තොරව එම තනතුරට මීට සති තුනකට පෙර පත්කර ඇති බව හෙතෙම පෙන්වා දී ඇති අතර වැඩිදුරටත් ඒ මහතා කියා ඇත්තේ මේ වසරේ වකුගඩු රෝග ව්‍යාප්තිය වැළැක්වීම හා අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති බවයි.

    වකුගඩු රෝග පිළිබඳ කිසිදු දැනුමක් හෝ පළපුරුද්දක් සුදසුකමක් නොමැතිව වකුගඩු ව්‍යාපෘති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස චතුර සේනාරත්න මහතා පත්කිරීම අසාධාරණ කටයුත්තක් බව හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.

    බෝ නොවන රෝග ව්‍යාපෘති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සති තුනකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියව පත්කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    CID මෙහෙයුම සොයයි දමිදු නැතිවෙච්චි
    කප්පම් නැත්තං මරණවා දරුවා හෙට වෙද්දි
    අවුරුදු අටේ සඳුනිගේ සිරුර ළඳු කැලෑවක
    පොලිස් සුනඛයන්ගෙ ඉව අපරාධකරු සොයාගෙන
    මුළු රටම හඩයි මේ විනාශය දැනගෙන
    හෙට ශිර්ෂපාඨෙ කාමාතුරයා දිවි නසාගෙන
    පිපෙන්නට යන කුසුම අද පරවී වැටුණා
    කළු ගඟේ තව කිරි කැටියෙක්ව පාවී යනවා
    ලේ කිරි කළ මව අමිලව පාලමෙන් විසි කෙරුවා
    දුප්පත්කම නිසා අවුරුදු හතරෙන් ජීවෙට සමු දෙනවා
    අවුරුදු දහයෙ තිළිණිගෙ ලේ වල HIV ප්ලස්
    දූෂිත පියා අද පොලීසියෙ වෙනවා කම්බස්
    දෙලොවක් උහුලන දුක විකසිත වී සිනහ රැස්
    බුදුන් වැඩි දේශෙ කොහෙන්ද තව අනුහස්
    පස්වහන් දහසකට බුදුවන්න මගෙ නිරින්දා
    දොසක් වෙතොත් එක කඩු පාරෙන් ගෙල සින්දා
    කුණු බක්කියෙ කිරට අඬන දහසක් බිලින්දා
    ආශ්චර්යයක් ගැන හෙට කොහොම හිතන්නද මන්දා

    අහගෙන ඉන්න තිත්තයිද මන්දා
    සමාවෙන්න හදවත වෙයි ඔබෙ කම්පා
    දහමෙන් උතුම් බුද්ධ රට ලංකා
    ඇස් ඇරගෙන නිදි බාගෙට උඹලා
    ඔඩොක්කුවට ගෙන හුරතල් කරලා
    ඇගෙ හිනහව උදුරගත්තෙ ඇයි උඹලා
    පුංචි කැකුළ නුඹ විකසිත වෙන්නටත්
    පෙර තැලුවා ඒ තිරිසන් හතුරා
    කටේ කිරි සුවඳ නිල් අහසෙ මුදුකර
    අම්ම කියයි නේද ඒ දරුවා මතුදින
    නිදිකලෙ ඇයිද බඹ අටක ළිඳ තුළ
    මරණ සහතිකයෙ පිටපත අරගෙන
    කාමය වැඩුනද පහස නිවුනද
    නොසොනයන් ශාන්තියක් උඹේ ආත්මෙට
    වැරහැලි ගත උඹෙ සතුටෙන් පිරුණද
    තියලා නැවතුමේ තිත රතු පාටට
    ගුණදම් මතුදම් නොදුවන ලේ වල
    මොනවද දිව්වෙ දවස පුරාමත් කුඩු රස
    ගිණියම් අව්වෙ කාසියම හෙව්වේ
    කාගෙ වරදින්ද අසරණ දරුකැල
    අමාවක පුන්සද අහසක නොදකින
    නුඹෙ ඇස් දෙක තනියෙන් හැඩුවා නේද
    උගතෙක් වෙන්නට දින නොගැනපු උඹ
    ගැන්නෙ හිරකුටියෙ යකඩ කූරු ටික
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    CID මෙහෙයුම සොයයි දමිදු නැතිවෙච්චි
    කප්පම් නැත්තං මරණවා දරුවා හෙට වෙද්දි
    අවුරුදු අටේ සඳුනිගේ සිරුර ළඳු කැලෑවක
    පොලිස් සුනඛයන්ගෙ ඉව අපරාධකරු සොයාගෙන
    මුළු රටම හඩයි මේ විනාශය දැනගෙන
    හෙට ශිර්ෂපාඨෙ කාමාතුරයා දිවි නසාගෙන
    පිපෙන්නට යන කුසුම අද පරවී වැටුණා
    කළු ගඟේ තව කිරි කැටියෙක්ව පාවී යනවා
    ලේ කිරි කළ මව අමිලව පාලමෙන් විසි කෙරුවා
    දුප්පත්කම නිසා අවුරුදු හතරෙන් ජීවෙට සමු දෙනවා
    අවුරුදු දහයෙ තිළිණිගෙ ලේ වල HIV ප්ලස්
    දූෂිත පියා අද පොලීසියෙ වෙනවා කම්බස්
    දෙලොවක් උහුලන දුක විකසිත වී සිනහ රැස්
    බුදුන් වැඩි දේශෙ කොහෙන්ද තව අනුහස්
    පස්වහන් දහසකට බුදුවන්න මගෙ නිරින්දා
    දොසක් වෙතොත් එක කඩු පාරෙන් ගෙල සින්දා
    කුණු බක්කියෙ කිරට අඬන දහසක් බිලින්දා
    ආශ්චර්යයක් ගැන හෙට කොහොම හිතන්නද මන්දා

    අහගෙන ඉන්න තිත්තයිද මන්දා
    සමාවෙන්න හදවත වෙයි ඔබෙ කම්පා
    දහමෙන් උතුම් බුද්ධ රට ලංකා
    ඇස් ඇරගෙන නිදි බාගෙට උඹලා
    ඔඩොක්කුවට ගෙන හුරතල් කරලා
    ඇගෙ හිනහව උදුරගත්තෙ ඇයි උඹලා
    පුංචි කැකුළ නුඹ විකසිත වෙන්නටත්
    පෙර තැලුවා ඒ තිරිසන් හතුරා
    කටේ කිරි සුවඳ නිල් අහසෙ මුදුකර
    අම්ම කියයි නේද ඒ දරුවා මතුදින
    නිදිකලෙ ඇයිද බඹ අටක ළිඳ තුළ
    මරණ සහතිකයෙ පිටපත අරගෙන
    කාමය වැඩුනද පහස නිවුනද
    නොසොනයන් ශාන්තියක් උඹේ ආත්මෙට
    වැරහැලි ගත උඹෙ සතුටෙන් පිරුණද
    තියලා නැවතුමේ තිත රතු පාටට
    ගුණදම් මතුදම් නොදුවන ලේ වල
    මොනවද දිව්වෙ දවස පුරාමත් කුඩු රස
    ගිණියම් අව්වෙ කාසියම හෙව්වේ
    කාගෙ වරදින්ද අසරණ දරුකැල
    අමාවක පුන්සද අහසක නොදකින
    නුඹෙ ඇස් දෙක තනියෙන් හැඩුවා නේද
    උගතෙක් වෙන්නට දින නොගැනපු උඹ
    ගැන්නෙ හිරකුටියෙ යකඩ කූරු ටික

    මුළු රටම හඩයි මේ විනාශය දැනගෙන