චතුරගේ අලුත්ම එක..
ඇමති රාජිතගේ පුතා සුදුසුකම් නැතිවත් වකුගඩු ලොක්කා කරලා
පරිපාලන වෛද්‍ය සේවයේ හා ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්රයේ පළපුරුදු සුදසුකම් ලත් වෛද්‍යවරුන් සිටිය ද කිසිදු පළපුරුද්දක් නැති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතා වකුගඩු ව්‍යාපෘති කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇති බව රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය ජයන්ත අබේරත්න මහතා පුවත්පතකට පවසා තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා වන චතුර සේනාරත්න මහතාව කිසිදු සුදසුකමකින් තොරව එම තනතුරට මීට සති තුනකට පෙර පත්කර ඇති බව හෙතෙම පෙන්වා දී ඇති අතර වැඩිදුරටත් ඒ මහතා කියා ඇත්තේ මේ වසරේ වකුගඩු රෝග ව්‍යාප්තිය වැළැක්වීම හා අවම කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 300ක් වෙන්කර ඇති බවයි.
වකුගඩු රෝග පිළිබඳ කිසිදු දැනුමක් හෝ පළපුරුද්දක් සුදසුකමක් නොමැතිව වකුගඩු ව්‍යාපෘති කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස චතුර සේනාරත්න මහතා පත්කිරීම අසාධාරණ කටයුත්තක් බව හෙතෙම ප්‍රකාශ කර තිබෙනවා.
බෝ නොවන රෝග ව්‍යාපෘති කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ලෙස සති තුනකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියව පත්කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.