චතුර_ලක්ෂ_22 ක බිලක් ගෙවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා අරලියගහ මන්දිරයේ සිය විවාහ උත්සවය පැවැත්වීම වෙනුවෙන් රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක බිලක් ගෙවා ඇතැයි නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසීය.
අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ විශේෂ වැඩක් නැති දිනවල අදාළ බිල ගෙවා ශාලාව වෙන් කරගෙන මංගල උත්සව පැවැත්වීමට මාධ්‍යවේදීන්ට ද හැකියාවක් තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
රාජපක්ෂ යුගයේ අරලියගහ මන්දිරය භාවිතා කළ ආකාරය පිළිබඳව දැන් කිඹුල් කඳුලු හෙළන අයට අමතකවීම පුදුමයක් බව ද නලින් බණ්ඩාර මහතා පැවැසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මේ කරුණු අනාවරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ මුදල ගෙවූ රිසිට්පත ද ප්‍රදර්ශනය කළේය.
අරලියගහ මැඳුරේ මඟුල් ගෙදරට චතුර ලක්ෂ 22 ක බිලක් ගෙවයි