චතුර_සේනාරත්න...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    චතුර_සේනාරත්න...

    තවත් ජෝක් ත්‍රෙඩ් එකක් නෙමෙයි..:dull: ඇතුලට එන්න....මේක සමාජීය ප්‍රශ්නයක්...:dull:

    මට මේ ත්‍රෙඩ් ඒක දාන්න හිතුනේ පහුගිය ටිකේ මේ මනුස්සයව අල්ලාගෙන මුළු රටක් ම එයා කියන කතා වලට හිනා වෙලා සතුටු වෙන හැටි දැකල..කෙටියෙන් කියන්නම්...:yes:

    ටිකකට හිතන්න...අපි මේ මොකක්ද කරන්නේ ? කවුද මේ චතුර සේනාරත්න?? :confused:

    මේ ඉන්නේ රටේ වැදගත් තනතුරක් දරන, රටේ තීරණාත්මකම ස්ථානයකට මිනිස්සුන්ගේ චන්දෙන් පත් වෙලා ගිය කෙනෙක් නේද? :confused: ඉතින් මේ වගේ කෙනෙක් මේ වගේ මෝඩ කතා, මෝඩ හැසිරීම් ප්‍රදර්ශනය කරද්දී අපිට හිනා වෙන්න පුලුවන් ද? :confused: හරිනම් අපි අඬන්නයි ඕනේ...අපි මේ වගේ මිනිස්සුන්ව ද තියන් ඉන්නේ රටේ පාලනයට? ජෝකර් ල? :confused:

    ඇයි මිනිස්සු මේවට හිනා වෙවී ඉන්නේ? :oo: තමන්ගේ රට ගැන ඇත්තටම කැක්කුමක් නද්ද? :sorry: දැන් මෙහෙම හිනා වෙලා තව සති තුන හතරකින් ඕක නැති වෙලා යනවා...ඊට පස්සේ ආයෙම ඊළඟ චන්දෙත් මේ මනුස්සයට මනාපේ දෙනවා නේද? ඒ දීල මේ මානසික රෝගියාව අපි ආයේ අපේ පාර්ලිමේන්තුවට යවනවා...:dull:

    එතකොට රටට යන කල දසාව මොකක් ද ඇත්තටම? :baffled: අපි මීට වඩා බුද්ධිමත් විය යුතු නැද්ද? :) මේක අර ජෝක් කරන්නම ඉන්න ගප්පියා, චූටි මල්ලි පොඩි මල්ලි කරන ජෝක් වගේ සරලව අරන් හිනා වෙලා ඉන්න පුළුවන් කාරණයක් නෙමෙයි...:no: මේක තමයි අපේ රටේ තියෙන තත්වය පෙන්නුම් කරන හොඳම සාධකය...:yes:

    මේවා ගැන විවේචනය කරලා මේ මිනිස්සුන්ව එලවල හරි හමන් මිනිස්සු පත් කරගන්න කටයුතු කරනවා වෙනුවට මොනවද අපේ ෆේස්බුක් කාරයොයි මීඩියා කාරයොයි කරන්නේ? :oo: මේවා ජෝක් ඒකට අරන් තවත් ඒක ආතල් කරනවා...හැමදේම ආතල්...:no:

    රටට කෙල වෙලා යනකල්ම ආතල් ගමු...:no: මේවට තවත් හිනාවෙන්න එපා...:no: අපි බුද්ධිමත් වෙමු..අඩු ගානේ තරුණ පරම්පරාව වත්...එතකොටවත් අඩු ගානේ මේ රටේ අනාගතය සුභ වෙයි....අපිත් මෝඩයෝ වගේ මේ වලේම බැහැගෙන ආතල් ගත්තොත් අපේ දරුවොන්ට මේ රටෙන් ගන්න දෙයක් නැත්තටම නැති වෙනවා...:no:

    දේශපාලනයට කඩේ යන ඒක නවත්තල රටට වැඩදායි, උගත් බුද්ධිමත් පිරිසක් පත් කරගන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු...:yes:

    මේක මගේ අදහසක්...මට නම් සිරාවට කනගාටුයි අපේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන...:yes::yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    gampaha ewun pisso wage, pisso wage pissonta chande deegena deegena yanawa saththai yalu labana parath :yes::sorry:
    ගම්පහෙන් තෝරල යවන මෝඩ හුට්ටල මුලු රටම පාලනය කරන එක ප්‍රශ්නෙ:angry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මේකයි ඉතින්ං ගම්පහ මිනිස්සු දෙපැත්තට බෙදිලා
    නිමල් ලන්සා, චතුර වගේ අය පත්කරගත්තා...

    ජෙප්පෝ කියලා මොරටුවේ ඉංජිනේරු උපධියක් තියන බිමල් රත්නායකව ගෙදර යැව්වා...
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපේ එවුන් චන්දයක තියෙන වටිනාකම දන්නේ නෑ.... අපේ එවුන් තමන්ගේ ඒ අයිතිය පාවිච්චි කරන්නේ ගොඩාක් පටු විදියට හිතලා.... ජනපි‍්‍රයකමට, පුරුද්දට, බෝතලේට, බත් පැකට් එකකට, තහඩුවකට, වැසිකිළි කටකට තමන්ගේ අයිතිය බාල්දු කරනවා... හැබැයි ඒක ගම්පහද, නුවරද කොහේද කියන වැදගත් නෑ.... මුලූ ලංකාවෙම තත්වය ඕකයි.....
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඒත් ඉතින් ලබන චන්දෙ එනකන් අපිට කරන්න පුලුවන් දෙයක් නෑනේ..ලබන චන්දෙදෙ වෙන එකෙක්ව පත් කරන්න හිතාගෙන දැනට ඔන්න ඔහෙ හිනාවෙමු බන්..:P
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කාලකන්නි රටක්. කාලකන්නියෙක් රජ වෙලා ඉන්න නිසා අපේ රටට කිසිම ගෝ එකක් නැහැ. මිනිස්සු දැන් කුහකයි. මිනිස්සුන්ට සතුටක් නෑ. ඔළු මොට්ට වෙලා. ඒකයි මිනිස්සු අඬන්න ඕන එකේදි හිනා වෙන්නෙ. කියන්න කනගාටුයි මගේ උගත් මිත්‍රයා... මේ රට දැන් විනාසයි. :sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කාලකන්නි රටක්. කාලකන්නියෙක් රජ වෙලා ඉන්න නිසා අපේ රටට කිසිම ගෝ එකක් නැහැ. මිනිස්සු දැන් කුහකයි. මිනිස්සුන්ට සතුටක් නෑ. ඔළු මොට්ට වෙලා. ඒකයි මිනිස්සු අඬන්න ඕන එකේදි හිනා වෙන්නෙ. කියන්න කනගාටුයි මගේ උගත් මිත්‍රයා... මේ රට දැන් විනාසයි. :sorry:

    මේක අද ඊයෙක තිබ්බ දෙයක් නෙමෙයි...:no:

    ඉස්සරහටවත් එහෙම නොවෙන්න වැඩ කරන්නයි ඕනේ...පුද්ගලවාදය දැන්වත් අතාරින්න ඕනේ...

    රට ගැන හිතල චන්දෙ දෙන්න ඕනේ ඒක අරය මෙයා කියල දෙන ඒක තමයි අපිට කෙල වෙලා ඉන්න ප්‍රධාන හේතුව :yes:
     
    • Like
    Reactions: richlife

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරු ජයසූරිය වැනි පළපුදුරු දේශපාලකයන් පරදවමින්,
    පළමු වර පබා වැනි ඓතිහාසික වෘත්තියක යෙදෙන්නියක් ද,
    දෙවනුව චතුර වැනි උන්මත්තක කොටළුවෙක් ද,
    පාර්ලිමේන්තුවට යවා,
    පළමු වර අපේ හස්ත පරිමර්ධන කාර්යය ද,
    දෙවැනුව අපේ ලේ පිරිසිදු කිරීමේ කාර්යය ද,
    උපස්ථම්භනය කළ,
    ගම්පහ දිස්ත්‍රික් එ.ජා.පාක්ෂිකයන්ට,
    මාගේ උත්තමාචාරය පිරිනමමි...!!!!!!!
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,238
    113
    අදාළ නෑ නේ
    මීහරක් චන්දෙ දෙනකොට ඔය වගේ දේවල් වෙනවා බන්
    චන්දෙ දෙන්නේ මොකාටද, ඌ එන්නේ මොනවා කරන්නද කියල බලල නෙවෙයි නේ බන් අපේ එවුන් චන්දෙ දන්නෙ..... බත් පැකට් එකටයි උගේ නමටයි රැවටිලා චන්දෙ දෙන එකනේ බන් හැමදාම වෙන්නෙ
    ඕකා විතරක් නෙවෙයි තව කිසිම සුදුසුකම් නැති කීයක් පළාත් සභා, පාර්ලිමෙන්තු ගිහින් තියනවද මේ විදියට හැගීම් වලට වහල් වෙලා වැඩ කරන එකෙන්
    මේක වෙනස් වෙන්න නම් මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්න ඕන, මිනිස්සු මීට වඩා දියුනු වෙන්න ඕන
    හැබැයි මෙහෙ වෙන්නෙත් නැත්තෙ ඕකමනේ බන් :angry::angry::angry::angry:
    ඉතින් මූ වගේ ගොන් වස්සොයි පිස්සොයි තමා රට පාලනය කරන්නෙ :yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    කරු ජයසූරිය වැනි පළපුදුරු දේශපාලකයන් පරදවමින්,
    පළමු වර පබා වැනි ඓතිහාසික වෘත්තියක යෙදෙන්නියක් ද,
    දෙවනුව චතුර වැනි උන්මත්තක කොටළුවෙක් ද,
    පාර්ලිමේන්තුවට යවා,
    පළමු වර අපේ හස්ත පරිමර්ධන කාර්යය ද,
    දෙවැනුව අපේ ලේ පිරිසිදු කිරීමේ කාර්යය ද,
    උපස්ථම්භනය කළ,
    ගම්පහ දිස්ත්‍රික් එ.ජා.පාක්ෂිකයන්ට,
    මාගේ උත්තමාචාරය පිරිනමමි...!!!!!!!


    UNP witarak nemei UPFA ekenuth merwin, lansa wage aya giya ona tharam.
    nil kola walata bedunama kohomat unta chance wediy
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ ඇත්ත කතාව බං..:yes:
    උඹ ඕක ගැන ඔහොම සීරියස් කියනකන් මම උනත් මූ දීපු ආතල් එකට හිනා උන එක විතරයි කළේ..:sorry:
    ඌ කියන ගොං කතා වලට හිනා යන එකනම් කොහොමත් නවත්තන්න බෑ.. එවුනත් මේ වගේ සීන් ගැන උඹ කිව්වා වගේ හොඳට හිතලා බැලුවාම ඇත්තටම අඬන්නයි වෙන්නේ...:oo: