චන්ගුමි ගේ කෑමක් හදමුද?

angel_samadhi

Member
Jul 6, 2016
19
5
0
චන්ගුමි ගේ කෑමක් හදමුද?

මේකට කියන්නේ Oyi Namulh කියල. (කොරියානු පිපිඤ්ඤා සලාදය)

අවශ්‍ය ද්‍රව්‍ය -

පෙති කපාගත් විශාල පිපිඤ්ඤා ගෙඩි 2

ලූණු තේ හැඳි 3

විනාකිරි මේස හැඳි 2

චිලි ඔයිල් මේස හැඳී 1

සීනි තේ හැඳි 1

මිරිස් කුඩු තේ හැඳි කාලක්

රස අනුව තලාගත් සුදුලූනු

හොඳින් කැපූ ලීක්ස් ගස් 1

ටෝස්ට්කර තලාගත් තල තේ හැඳි 3

සාදන ක්‍රමය -

පිපිඤ්ඤා පෙති භාජනයකට දමන්න. ලුණු එක්කර ජලය වත්කරන්න. මිනිත්තු 15 ක් පෙඟෙන්නට හරින්න. වතුර පෙරා ඊට ඉතිරි ද්‍රව්‍ය එක්කරන්න. ඉන් පසු හොඳින් මිශ්‍ර කරන්න. කෑමට ගැනීමට පෙර ශීතකරණයේ තබන්න.