චන්ද්‍රිකාට ප්‍රභාකරන් "මහතා" වෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    චන්ද්‍රිකාට ප්‍රභාකරන් "මහතා" වෙයි

    ප‍්‍රභාකරන් සර්ට මං ලියුම් 42ක් යැවුවා… සජිත්ගේ ජන හමුවක චන්ද‍්‍රිකා යාපනේදී කියයි..

    තමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවටත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

    හිටපු ජනාධිපතිතුමිය මේ බව පවසා සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට සහභාගී වෙමින් රැස්ව සිටි පිරිස අමතමිනි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිතුමිය පවසා සිටියේ,

    ‘මම ජනාධිපති වෙලා මාස කිහිපයකට පස්සේ අපි මාස 08ක් එල්.ටී.ටී.ඊය සමග සාම සාකච්ඡා කරගෙන ගියා යුද්දේ නවත්තලා මේ ප්‍රශ්න කොහොමද විසඳන්නේ කියලා බලන්න නමුත් මාස අටකට පස්සේ එල්.ටී.ටී.ඊය ආයේ යුද්දෙකට ගියා ඒ අතරෙත් යුද්ද කරද්දිත් සාම සාකච්ඡා වෙලාවේදී මම එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් මහතාට ලිව්වා ලියුම් 42ක් එයයි මමයි හුවමාරු කරගත්තා ඒ ලියුම් මම ගාව තියනවා අපි ඒවා ප්‍රකාශයට පත් කරනවා.

    ‘එතනදි මම කිව්වා යුද්දෙ කරන්න ඕනනම් ඔයා යුද්දෙ කරන්න එතකොට අපිත් ඔයාට විරුද්ධව යුද්දේ කරනවා නමුත් මේ අහිංසක දෙමළ ජනතාවට ඒ අයගේ සියලු දේ විනාශ වෙලා තියෙන්නේ නැවත වතාවක් අපිට සංවර්ධනය කරන්න ඔයගොල්ලන් එකඟ වෙනවද කියලා එත්කොට අපේ නිලධාරීන් එවලා ඔයගොල්ලන් එක්කත් එල්.ටී.ටී.ඊයත් එක්කත් සාකච්ඡා කරලා ජනතාවගේ ගෙවල් හදලා දෙන්න ඒ අයට වතුර ලබා දෙන්න ආහාර ලබා දෙන්න පුලුවන් තරම් රැකියා ලබා දෙන්න කෘෂිකර්මය නැවත පටන් ගන්න වැව් ආදිය හදල දෙන්න ඒ වෙලාවේ අපි යාපනය නිදහස් කරලා ඉවරයි ඔයගොල්ල එකඟ වෙනවද කියලා කෙලින්ම ප්‍රභාකරන් මහත්මයා කව්වේ එකඟ නැහැ ඔයගොල්ලන් මුකුත් කරන්න එපා කිව්වා කවදහරි කරනවනම් කරන්නේ මම විතරයි කිව්වා ඊට පස්සේ අපි 1995 දෙසැම්බර් මාසේ යාපනය නිදහස් කරගත්තා ඊට පස්සේ අපි ටිකටික යාපනය ඇතුලු ප්‍රදේශ සංවර්ධනය කරන්න පටන් ගත්තා ඊට පස්සේ එල්.ටී.ටී.ඊයටත් ඒක තේරිලා ජනතාවටත් මේක අවශ්‍යයි කියලා ඒ ගොල්ලත් විරුද්ධ වෙන්නුතුව අපිට කරන්න දුන්නා.

    ‘‘එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීණ් එකපැත්තක ඉන්නවා සාමාන්‍ය අහිංසක ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ගරු කරන දෙමළ ජනතාව තව පැත්තක ඉන්නවා කියලා මම හැම වෙලාවෙම කල්පනා කෙරුවා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමග අහිංසක දෙමළ ජනතාව අපි කවදාවත් කලවම් කරගත්තේ නැහැ ඒ නිසා තමයි එල්.ටී.ටී.ඊය යුද්ද කරන්න ඕන කිව්වා මම සාම සාකච්ඡා කරන්න ඕන කිව්වා සාම සාකච්ඡා වලට පයින් ගහලා අවුරුද්දකට පස්සේ ආයෙත් යුද්දෙ කරන්න ඕන කිව්වා එතකොට රජයක් හැටියට අපිට නිකම් ඉන්න බැහැ යුද්දෙට එනකොට ඒ කෙනා එක්ක අපි යුද්ද කරන්න ඕන නමුත් මම පුලුවන් තරම් පෞදගලිකව සතියේ එක දවසක් සම්පූරණනේ හමුදාවේ නායකයින් සමග සාකච්ඡා කරලා ජනාධිපති හැටියට මෙහෙ කෙරෙන හැම මෙහෙයුමක් ගැනම සාකච්ඡා කරමින් එල්.ටී.ටී.ඊ නොවන අයට කිසිම කරදරයක් කරන්න එපා කියලා උපදෙස් දීලා පුලුවන් තරම් හානිය අඩු කෙරුවා.

    – වන්නි රොමේෂ් මධුෂංඛ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    පුතානෝ මිස්ටර් ප්‍රභාකරන් කියන්නෙ ඔය
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    කරුණාඅම්මාන්ට ට අපේ ලේකමතුමා කියන උනුත් ඉන්නව