චන්ද්‍රිකා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය සමගින් හිටපු ජනාධිපතිනිය දැඩි ලෙස මානසික කම්පනයකට පත්ව ඇතැයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මැතිවරණයේදී ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙහෙයවමින් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා කැපවී කටයුතු කරමින් සිටියාය.
ඒ අනුව ඇය ඉදිරි දින කිහිපයේදී තමන් එංගලන්තය බලා පිටත් වීමට නියමිතව ඇත.
මීට ටික කලකට පෙර ඇය මෙරට ඇයගේ දේපළ විකුණා දැමීමට තීරණය කළ බව වාර්තා විය.
කෙසේ නමුත් ඇය හිටපු ජනාධිපතිනියක් බැවින් මෙරට රජය විසින් ඇයට ලබා දෙන නිල නිවස ආරක්ෂාව ඇතුළු සියළු දේ ජීවිත කාලය පුරාම ඇයට හිමිය.
cnews