චන්ද්‍රිකා නාශක අවි

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    චන්ද්‍රිකා නාශක අවියක් ගැන නුතන පරපුර පළමුවරට දැන ගන්නට ඇත්තේ බොහෝවිට 2007 වසරේදී චීනය විසින් සිය චන්ද්‍රිකාවක් විනාශ කිරීමට පොළවේ සිට කි.මී. 865ක් උසකට මිසයිලයක් නිකුත් කිරීමත් සමගයි.නමුත් එවැනි හැකියාවක් තිබෙන සහ එවැනි ක්‍රියාවක් සිදුකල පළමු රට චීනය නොවේ.කලක් ලෝක බලවතෙක්ව සිටි සෝවියට් දේශයත්(නූතන රුසියාව) ,නූතන ලෝකයේ තනි සුපිරි බලවතා වන එක්සත් ජනපදය සතුවත් එවැනි හැකියාවක් සහිත අවි තිබේ.


    2016 මැයි 25දා රුසියාව direct ascent anti-satellite missile එසේත් නැතිනම් Nudol නම් මිසයිල පද්ධතිය සාර්ථක අත්හදා බලා තිබේ.Planet4589.org වෙබ් අඩවියට අනුව 2015 වසරේ අප්‍රේල් මාසයේදී Nudol පද්ධතියේ අසාර්ථක දියත් කිරීමේ උත්සාහයක් වාර්තා වි තිබේ.Nudol මිසයිල පද්ධතිය අත්හදා බලා තිබෙන්නේ මොස්කව් හි සිට සැතපුම් 500ක් උතුරින් වූ Plesetsk නම් ප්‍රදේශයේ බව කියවේ.රුසියානුවන් දියත් කල මෙම Nudol මිසයිලය එක්සත් ජනපද ඔත්තු බලන චන්ද්‍රිකාව ඔස්සේ සාර්ථකව නිරීක්ෂණය කර තිබේ.ඇමෙරිකානුවන්ට අනුව රුසියානු මිසයිල අත්හදා බැලීම සාර්ථක එකකි.


    මෙම අත්හදා බැලීම සාර්ථක වීම ඔස්සේ එක්සත් ජනපද සන්නිවේදන,ඔත්තු බැලීම් සහ නැවිගේෂන් පද්ධති විනාශ කිරීමේ හැකියාව අත්පත් කරගන්නට රුසියාව සමත්ව තිබෙන බව ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන්ගේ අදහසයි.කෙසේ වෙතත් මෙම අවිය ගැන තවමත් වැඩිදුර තොරතුරු හෙළිවී නැත.Nudol මිසයිලය එල්ල කලේ නිශ්චිත ඉලක්කයක් එනම් චන්ද්‍රිකාවකට ද නැතිනම් ඉලක්ක කිරීමක් නොකර උපකක්ෂීය ගමන් පථයක ගමන් කිරීමට හැරියේද යන්න සොයාගෙන නොමැත.

    බදාදා සිදුකල අත්හදා බැලීම Nudol මිසයිලයේ දෙවන සාර්ථක අත්හදා බැලීම බව කියවේ.එය මුල් වරට සාර්ථකව අත්හදා බලා තිබෙන්නේ 2015 නොවැම්බර් මාසයේ 18 වනදා බවයි සැලකෙන්නේ.රුසියාව මෙවැනි අවියක් අත්හදා බැලීම පුදුමයට කරුණක් නොවේ.මෙවැනි අවියකින් ඇමෙරිකානු චන්ද්‍රිකා ජාලයට පහරදීමක් සිදුකිරීම ඔස්සේ යුදමය අවස්ථාවකදී ඇමෙරිකානු මෙහෙයුම් අඩාල කිරීමේ හැකියාව ලැබේ.චීනයද ඒ බව හොඳින් දනියි.චීනය 2007 වසරේ ජනවාරි මස 11 දා අක්‍රීයව තිබූ ඔවුන්ගේ Fengyun-1C නම් කාලගුණ චන්ද්‍රිකාව SC-19 ASAT නම් මිසයිලය භාවිතා කර විනාශ කර දමන ලදි.එය පිහිටා තිබුණේ පොළොවේ සිට කි.මී. 865ක් උසින්ය.


    එක්සත් ජනපද USA-193 චන්ද්‍රිකාව විනාශ කිරීමට SM-3 මිසයිලය දියත් කරන අයුරු

    ඇමෙරිකා එක්සත් ජනපදය 2006 වසරේදී කක්ෂ ගත කල USA-193 නම් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව ගුවන් ගත කර මාසයකට පමණ පසුව අසාර්ථක වූ බවට වාර්තා විය.තම කක්ෂයෙන් පිට පනිමින් තිබූ මෙම චන්ද්‍රිකාව පොළොවට කඩා වැටීමේ අවධානම නිසා 2008 වසරේ පෙබරවාරි මස 14 දා ඇමෙරිකානු නාවික හමුදාව විසින් දියත් කල RIM-161 Standard Missile 3 නම් මිසයිලය මගින් විනාශ කර දමන ලදි.එම අවස්ථාවේදී SM-3 මිසයිලය චන්ද්‍රිකා නාශක අවියක් ලෙස ක්‍රියාකරන ලදි.


    වෙනත් රටවලට නොමැති අතිශය දියුණු ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති රුසියාව සතුය.ඔවුන් මේ වනවිට S-500 නම් ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය සංවර්ධනය කරමින් සිටියි.ඒ ඔස්සේ රුසියානුවන්ට අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල ,හයිපර්සොනික්(ශබ්දයේ වේගය මෙන් 5 ගුණයක් හෝ ඊට වැඩි වේගයෙන් ගමන් කරන) කෲස් මිසයිල සහ ගුවන් යානා වැනසීමට හැකියාව ලැබේ.එසේම සැතපුම් 125 උසින් වූ ඉලක්ක වෙත පහරදීමේ හැකියාවද එය සතුය.මෙහි අඩංගු මිසයිල 18,000 km/h වේගයෙන් ගමන් කරමින් එකවර සතුරු බැලස්ටික් මිසයිල 10 නැවැත්වීමේ හැකියාව සහිතය. ගුවන් ආරක්ෂක පද්ධතියේ පළමු රෙජිමේන්තුව මොස්කව් සහ මධ්‍යම රුසියාවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනු ඇත.

    S-400

    රුසියාව සතු අභ්‍යාවකාශ අවිය සම්බන්ධව ඇමෙරිකානු ජේයේෂ්ඨ හමුදා නිලධාරීන් අනතුරු අඟවා සිටියි.ඉදිරියේදී එය බරපතල ප්‍රශ්නයක් බවට පත්වීමේ අවධානමක් තිබෙන බව ඔවුන්ගේ අදහසයි.

    GPS හෙවත් ගෝලීය පිහිටිම් පද්ධතිය සිය අවිවල ඉලක්ක සොයාගැනීම වෙනුවෙන් එක්සත් ජනපදය භාවිතා කරන්නේ එය ලාභදායි නිසාය.ඕනෑම කාලගුණයක එය භාවිතා කල හැකිය.චන්ද්‍රිකා නාශක අවි නිසා GPS ජාලයට අදාල චන්ද්‍රිකා බිඳ වැටුණ හොත් ඇමෙරිකානුවන්ගේ ප්‍රහාරක හැකියාවන් විශේෂයෙන්ම නියාමක මිසයිල,බෝම්බ එල්ල කිරීම අසාර්ථක වේ.මෙම අවිය ඔස්සේ අවදානමට ලක් වෙන්නේ පහළ කක්ෂයේ පිහිටා ඇති චන්ද්‍රිකාය.


    Source:Nationalinterest.org
    Copoied-unofficialbattlefield.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Winter Olympics Applause GIF by SB Nation