චන්ද්‍රිකා

sanjuprasad

Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    චන්ද්‍රිකා සහ අපි​

    G6yN9z8.jpg

    මේ නූල දාන්න හිතුනේ සැටලයිට් එහෙම නැත්නම් චන්ද්‍රිකා(මැතිනිය එහෙම නෙවෙයි):baffled::baffled: ගැන අපේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ තියෙන්නේ බොහොම අල්ප දැනුමක්.ඉතින් දන්න නොදන්න හැමෝටම මේක වැදගත් වෙයි කියල හිතලයි දාන්නෙ.මේකෙන් පස්සේ සම්පූර්ණ රූපවාහිනියේ අතීතය,වර්තමානය සහ අනාගතය ගැන නූලක් දාන්නත් හිතාගෙන ඉන්නවා.එක මේකෙන් පස්සේ බලමුකෝ;););)....හොදයි පටන් ගනිමු..

    හැමෝම දන්නවනේ ලංකාවේ ආයතන කිහිපයකින් සැටලයිට් සම්බන්දතා ලබා දෙනවා..පහල තියෙන්නේ ආයතන.දැන් බලමු සැටලයිට් සන්නිවේදනය වෙන්නේ කොහොමද කියලා

    Dialog Tv https://www.dialog.lk/television

    Dish Tv
    https://www.dishtv.lk/


    චන්ද්‍රිකා වැඩසටහන් පළමු විකාශය ආරම්බ වෙලා තියෙන්නේ 1962 වසරේ ජුලි 23 දා 'ටෙල්ස්ටාර්' කියන චන්ද්‍රිකාවෙන්.

    HBlnS5o.jpg


    රූපවාහිනී සංඥා විකාශනය කරන චන්ද්‍රිකා අභ්‍යවකාශයේ 36000 Km ඉහළ කක්ෂයක රදවලයි තියෙන්නේ..මේ කක්ෂයට කියන්නේ ක්ලාර්ක් කක්ෂය කියලා.ඒක ආතර් සී ක්ලාර්ක් මහතාට ගෞරවයක් විදියට තමයි ඒ විදියට නම් කරලා තියෙන්නේ. චන්ද්‍රිකා රුපවාහිනි සේවා වල ඇති විශේෂ වාසිය තමයි සාමාන්‍ය රූපවාහිනී සංඥාවලට වඩා ඉතා විශාල ප්‍රදේශයක් ආවරණය කරන්න පුළුවන් වීමයි.ඒ වගේම වෙනත් විදේශ රටක චැනල් ගණනාවක් වුනත් චන්ද්‍රිකා රූපවාහිනී සේවාවකින් බලන්න පුළුවන් වීමත් එක අතකින් වාසියක්.ඒ දවස් වල නම් ගොඩක් සැටලයිට් සේවා ඇනලොග් ක්‍රමයට තමයි විකාශනය කරලා තියෙන්නේ.වර්තමානයේදී නම් ඇනලොග් ක්‍රමයට නෙමෙයි ඩිජිටල් ක්‍රමයට තමයි විකාශනය වෙන්නේ.


    මේ වීඩියෝ දත්ත සම්ප්‍රේෂණය සදහා විවිධ සම්ප්‍රේෂණ ක්‍රම භාවිතා කරනවා.ඒ සදහා නීති සහ රෙගුලාසි නිකුත් කරනු ලබන්නේ;එසේ නිකුත් කරන ආයතන 3ක් තියෙනවා.

    1.ITU - International Telecommunication Union
    2.FCC - Federal Communication Committee
    3.CCIR - International Radio Consultative Committee

    අපේ රටේ නම් බලපැවැත්වෙන්නේ 3වෙනියට කියපු අයගේ නීති සහ රෙගුලාසි තමයි.
    නීති සහ රෙගුලාසි පිලිබදව පසුවට සැකෙවින් දැමීමට බලාපොරොත්තු වෙනවා.දැන් කියන්න හදන්නේ කොහොමද සැටලයිට් එකේ ඉදන් එන සංඥා අපේ ගෙදර තියෙන රිසිවරයට ලබා ගන්නේ කියල.


    ඩිෂ් ඇන්ටනා (Dish Antenna)​

    • පාරාවලයික හැඩයෙන් යුක්ත වේ.
    • 45cm සිට 3M දක්වා විශාල විෂ්කම්බයෙන් යුක්ත විය හැක.
    • අභ්‍යවකාශයේ සිට පැමිණෙන සංඥා පෘෂ්ටියෙන් එකලස් කර නාබිය වෙත පරාවර්තනය කිරීම මෙහි කාර්ය වේ.
    • ඇන්ටෙනාවේ නාබියේ ඇති (Feed Horn) මගින් සංඥාව ග්‍රහණය කර ගැනීම සිදු කරයි.


    C Band තරංග මාලාව සදහා 2M විෂ්කම්බය සහිත ඩිෂ් ඇන්ටෙනාවක්
    FjGuE3V.jpg


    Ku Band තරංග මාලාව සදහා වූ ඩිෂ් ඇන්ටෙනාවක්
    MKGHrBi.jpg






    LNBF(Low Noise Block Converter Feed Horn)

    Ni4jO9t.png


    ඩිෂ් ඇන්ටනාවේ නාබියේ ඇති LNBF උපකරණය මගින් ඩිෂ් ඇන්ටනාවේ පෘෂ්ටියෙන් පරාවර්තනය වන සංඥා ග්‍රහණය කරනු ලබයි.අනතුරුව එම සංඥා ප්‍රගුණ කර (amplify) අඩු සංක්යාත තරංග මාලාවකට හරවා කේබලයක් හරහා චන්ද්‍රිකා රුපවාහිනී රිසිවරයට ලබා දේ .කේබලයක් හරහා යැවීමේදී අඩු සංකයාවකින් හරවා යවනු ලබයි.(950-1450MHz).එසේ කරනු ලබන්නේ සංඥා වලට වන හානිය අවම කර ගැනීමටයි.

    ItSye6g.jpg



    මේ ලිපිය ලියන්න ගොඩක් මහන්සි වුනා.රේප් නැතත් අඩු පාඩු කියන්න.ඉදිරියේදී මීට වඩා ගොඩක් දේවල් ලියන්න බලාපොරොත්තු වෙනවා.ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා..

    • Encrypted Channels
    • ඝෝෂාව(Noise)
    • Broadcasting Standards
    • සම්ප්‍රේශ ප්‍රතිචාරක (transponders)
      ගැන හැකි ඉක්මනින් ලියන්න බලාපොරොත්තු වෙනවා..

    අනිත් ලිපියකින් එනකන් ජයින් ජයම වේවා
     
    Last edited:

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං රෙප් දුන්නා +++

    ඔහොම්ම cccam ගැනත් කියන්නකො
     
    Last edited:

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    දේශපාලන මල මගුල් වෙනුවට
    මේ වගෙ දෙවල් තමා ඔනෙ වටින වැඩක්.


    :):)

    thanks bro
    :love:


    වැදගත් ත්‍රෙඩ් එකක් මචං රෙප් දුන්නා +++

    ඔහොම්ම cccam ගැනත් කියන්නකො

    Aniwaren Dannam machan...:love: