ගොඩක් අය හිතන් ඉන්නේ අපිට internet එන්නේ චන්ද්‍රිකා ඔස්සේ කියලනේ.. ඇත්තටම ඒක එහෙම නෙමෙයි... එහනම් කොහොමද..
මං කලින් කිව්වා වගේ ගොඩක් දෙනෙක් හිතනවා ඇති ලංකාවට internet දෙනනේ චන්ද්‍රිකා එහෙමත් නැත්තම් සැටලයිට් වලින් කියලා නමුත් ඒක වැරදී.. මුහුදු පතුලේ දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. ඉතින් මේ කේබල් වලට කියන්නේ සබ්මැරින් කේබල් (Submarine Cable) කියලා. මේ වගේ ප්‍රධාන සබ්මැරීන් කේබල් 5කින් අපේ රටට දත්ත ලැබෙනවා.. ඉතිම් මේ කේබල් ගැන අපි දැන් පොඩ්ඩක් ගැඹුරින් කතා කරමු....
SEA-ME-WE කේබල් පද්ධති...
මේ කේබල් ජාතිය තමයි ලංකාවට එන Submarine කේබල් පද්ධතියේ ප්‍රධාන කේබල් පද්ධතිය. මේ කේබල් එකේ තේරුම තමයි South East Asia -Middle East-West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉදලා සිංගප්පූරුව දක්වාම තියෙනවා. ඉතින් මේ රටවල් දෙක අතරේ තියෙන හැම රටකම වගේ තියනවා ඒ රට නියෝජිනය කරන ආයතනයක්... අපේ ලංකාවේ නම් SLT ආයතනය මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා.
ඉතින් මේ කේබල් වලට ආයෝජනය කරන ප්‍රමාණය අනුව තමයි. මේ කේබල් වලින් අපට ලැබෙන ධාරිතාවය ගැන තීරණය වෙන්නෙ.
Copper Cable (තඹ රැහැන්)....
ගොඩක් ඉස්සර තමයි මේ සබ්මැරින් කේබල් හදලා තිබුනේ.. මේවා නිර්මාණය කරලා තියෙන්නේ තඹ වලින්. මේ තඹ කම්බි වල විශ්කම්භය අඩියකට වඩා ටිකක් අඩුයි.
ලංකාවට නම් මුලින්ම ආවේ SEA-ME-WE 1 කියන කේබල් එක. මේ කේබල් සම්පුර්ණයෙන්ම තඹ. ඉතින් මේ කේබල් එක සම්බන්ධ වුනේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකට අයිතිය තිබුණෙත් SLT ආයතනය...
කාලයත් එක්ක මේකේ ධාරිතාව මදි වුනා.. ඒ කියන්නේ තඹ කම්බි වලින් එන දත්ත වල වේගය එහෙම ගොඩක් අඩුයි.. ඒ නිසා අර රටවල් එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුනේ මේකේ කේබල් 2ක් තිබුනා. එහෙම බෙදුවේ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි.
මේවායේ වියදම අධික වීම,අනාගතයේදී මේ වේගවල් ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEA-ME-WE 2 වගේ තඹ කම්බි සියල්ලම වගේ අභාවයට ගියා...
Fiber Optics (ප්‍රකාශ තන්තු)...
Fiber Optic Technology ගැන
මේ නම නම් ඔයාලා හැමෝම අහලා ඇති. මොකද SLT එකෙන් දාන හැම ඇඩ් එකකම වගේ මේ නම කියනවානේ...
ඉතින් අර තඹ කම්බි භාවිතයෙන් ඉවත් උනාට පස්සේ ආපු Submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (Fiber Optics).. මුලින් fiber optics කියන්නේ මොන වගේ දෙයක් ද කියලා බලමුකෝ නේ..
ඉතින් මේ fiber optics ඇතුලේ කිසිම කම්බියක් එහෙම නෑ... තියෙන්නේ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එත්කොට ඔයාලා හිතනවා ඇති කොහොමද මේක දිගේ දත්ත හුවමාරු (Data transfer) කරන්නේ කියලා.
හරිම සරලයි. ඕනැම දත්තයක් ද්වීමය (Binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුලුවන්නේ. 0110101001 වගේ. චිත්‍රපටි වල එහෙම දැකලා ඇති නේ.
ඒ කියන්නේ 1 සහ 0 විතරක් උපයෝගී කරගෙන තමයි මේවයින් දත්ත සම්ප්‍රේෂණය කරන්නේ.. පුදුමයි නේ...
මෙහෙම හිතන්නකෝ... ඔයා ගගේ එක ඉවුරක ඉන්නවා කියලා.. ඔයාගේ යාළුවා අනිත් ඉවුරේ ඉන්නවා. ඔයාට ඕනේ එයාට පනිවියක් යවන්න... හැබැයි ඔයා ගාව තියෙන්නේ torch එකක් විතරයි.. ඔය කියන දේවල් අහෙන්නෙත් නෑ... දැන් මක්කද කරන්නේ
මේ වගේ වෙලාවට ඔයාට පුලුවන් 0111010 කියන පණිවිඩය යවන්න. මොකද ඔයා ගාව
ඔන්න ඔය ක්‍රමය තමයි fiber optics වලත් තියෙන්නේ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තේ 1ද 0ද කියන එක අදුරගන්නේ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක් තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්නවත් බැහැ... හූහූ නේ..
ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරු වුනා. පරණ copper cable එහෙමම මුහුද මැද ඇතඇරලා දැම්මා... මේ යටින් තියෙන්නේ එහෙම අත් අරලා දාපු CABLE වගයක Photos..
වර්ථමානයේ අපිට එන submarine cables ගැන දැන් අපි බලමු...ද් දැනට ලංකාවට එන submarine cables කිහිපයක්ම තියෙනවා. මේ ඔක්කොම fiber optics වලින් හදලා තියෙන්නේ...
SEA-ME-WE 3
මේකේ landing station එක තියෙන්නේ ගල්කිස්සේ. මේක නම් ටිකක් පරණයි.. ඉතින් පරණ නිසා ලගදිම මේකේ ඔපරේෂන්ස් නවතියි වගේ තමා පේන්නේ නම්... මේ cable වල ලංකාවේ අයිතිය තියෙන්නෙත් SLT එකටම තමා...
SEA-ME-WE 4
මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බටයක් වගේ යන්නේ... දැකලා ඇතිනේ.. මේක විතරක් නෙමෙයි ගෝල්ෆේස් එකට ගියාම මේක වගේම SEA-ME-WE 1 සහ 2 ත් බලන්න මතක් කරලා.... මේකෙත් ලංකාවේ අයිතිය තියෙන්නේ SLT එකට.. ලංකාව වැඩිපුරම වැඩ ගන්නේ මේකෙන් තමා..
SEA-ME-WE 5
මේක නම් පට්ට..මොකද මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සදහා භාණ්ඩයේ වේගය 100 Gbps. ඒ වගේම තරංග ආයාම 80ක් යවන්න පුලුවන්. එතකොට සම්පුර්ණ වේගය 8 Tbps විතර වෙනවා. අනිත් ඒවත් එක්ක බලද්දී අම්මෝ නේ...
හැබැයි ලංකාවේ නම් තව අවුරුදු 10 කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නේ නැ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නේ...
මේකේ Landing Station එක මාතර. මේකෙත් ලංකාවේ අයිතිය තියෙන්නේ SLT එකටම තමා...
Dhiraagu
මේක නම් ලෝකේ වටේ යන එකක් නෙමෙයි. මේක point to point සම්බන්ධයක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි සම්බන් වෙන්නේ. මේකත් SLT එකට තමයි ලංකාවේ අයිතිය තියෙන්නේ...
Bharat Lanka
මේකත් point to point එකක්.. මේක සම්බන්ධ වෙන්නේ ලංකාවයි ඉන්දියාවේ tuticorin (තුත්තුකුඩිය) අතර... මේකෙත් ලංකාවේ අයිතිය SLT ආයතනයට .....
SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත් තමා මේ Bharat Lanka එක ප්‍රයෝජනයට ගත්තේ... ඒ කියන්නේ 3 සහ 4 දෝශයක් අවොත් අපි ලෝකයට සම්බන්ද වුනේ ඉන්දියාව හරහා ... මේ cable එකෙන්...
Bay of Bengal Gateway (BBG)
මේක USA ඉදලා සිංගප්පූරුවට යන cable එකක්.. ඔන්න මේකේ අයිතිය නම් තියෙන්නේ SLT එකට නෙමෙයි.
මේකේ ලංකාවේ අයිතිය Dialog එකට තමයි තියෙන්නේ.... මේකේ උපරිම වේගය 6.4 Tbps ක් කියලා තමයි කියන්නේ... Landing Station එක තියෙන්නේ ගල්කිස්සේ...
ඉතින් දැනට ලංකාවට සම්බන්ධ වෙන්නේ ඔය සබ්මැරින් කේබල් පද්ධති 7 ට විතරයි. එකෙන් 5ක අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් හැටියටත් තමයි තියෙන්නේ...
ඉතින් මේ සබ්මැරින් කේබල් වලට මුහුද දිගේ ගමන මොන වගේද කියලා අපි බලමු.
මේවා සාමාන්‍යයෙන් යන්නේ මුහුදු පතුලෙන්. මේ කේබල් ස්‍ථාපනය කරන්න,නඩත්තු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවෝ පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතන...(නැතුව බෑනේ..) එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදේ අණසක පතුරුවාගෙන ඉන්නේ.
අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවානේ ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නේ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එළියක් කිවුවට මේක එළියක්ම නෙමෙයි. තේරුම් ගැනීමේ පහසුවට එළියක් කියලා හිතාගන්නකෝ
මේ ලේසර් ආලෝකයටත් යන්න පුලුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එලිය යන්නේ නෑ.
එතකොට මොකද කරන්නේ ?
එතකොට තමයි රිපීටර්ස් (Repeaters) අපේ පිහිටට එන්නේ.
මේ රිපීටර්ස් (Repeaters) මුහුදේ තැනින් තැන හයිකරලා තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊලඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නේ රිපීටර්ස් එකේ තියෙන optical amplifiers කියන කොටස්.
ඔය ඒකේ ආවරණ වර්ගයට තමයි Armour එක කියන්නේ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන් කරන්න කොට ඒ වටා චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවෙනවානේ මේකේත් එහෙම තමයි. ඔන්න ඔය චුම්බක ක්ෂේත්‍රය කට්ටියක් වරදවා වටහා ගන්නවා. ඒ තමයි මෝරු.
ඉතිම් ඔය 2 තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට වන හානි. ඉතින් ඔය එක කේබල් එකකට හානියක් වුනා කියලා අපිට තව කේබල් ඕනි තරම් තියෙන නිසා ලංකාවට Internet නැති වෙවි කියලා බයවෙන්න ඔනි නෑ
ලිපිය වටිනවා කියලා හිතනවා නම් තව මේකේ වැරදි තැනක් එහෙම තියනවා නම් පහලින් replyකරන්න..
හැමෝටම සුභ දවසක්..



