චන්දිමාල්ගෙන් ලෝක වාර්ථාවක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චන්දිමාල්ගෙන් ලෝක වාර්ථාවක්

චන්දිමාල් වාර්තාවක් අභියස
BY HARI GOSSIP · AUGUST 23, 2016

Views: 1
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයේදී නොදැවි ලකුණු 80ක් ලබා ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා.

මෙය ඔහු නොකඩවා ලබාගත් පස්වන අර්ධ ශතකයයි.

ඔහු පසුගිය එංගලන්ත තරඟාවලියේදී අවසන් තරඟ 4දී අර්ධ ශතක ලබා ගැනීමට සමත් වුණා.

සනත් ජයසූරිය,තිලකරත්න ඩිල්ෂාන් හා කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් මින්පෙර නොකඩවා අර්ධ ශතක 5ක් ලබාගෙන තිබුණා.

චන්දිමාල්ගේ ලෝක වාර්ථාව වන්නේ කන්ඩායමක් පිට පිටම පස් වතාවක් පරාජිත උන අවස්තාවක පිට පිටම අර්ධ ශතක වාර්ථා කල ලොව එකම ක්‍රීඩකයා ලෙසයි
චන්දිමාල් හෙට පැවැත්වෙන තරඟයේදීත් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූවොත් ලොව එම දස්කම කළ 6 වැනියා ලෙස වාර්තා පොත් අතරට එකතු වනු ඇති.

මින් පෙර එම දස්කම කර ඇත්තේ ගෝඩන් ග්‍රීනිඩ්ජ්,ඇන්ඩෘ ජොන්ස්,මාක් වෝ,මොහොමඩ් යුසුෆ් හා කේන් විලියම්සන් පමණයි.

කෙසේ වෙතත් පසුගියදා පැවැති තරඟයේදී පන්දුවක් පපුවේ වැදීමෙන් චන්දිමාල් තරඟයෙන් අනතුරුව රෝහල් ගතකර තිබුණා.

ඔහු හෙට තරඟයට සහභාගී වනවාද නැද්ද යන්න මෙතෙක් නිශ්චිතව වාර්තා වන්නේ නැහැ.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඊලග පාරත් හාෆ් සෙන්චරියක් ගැහුවොත් ලංකාවට බඩුම තමයි.ඕකව කලින් එවන්නේ නැතිව හුගක් පස්සෙන්ම එව්වනම් හරි