මාලිංගට බුකී තිලංගගේ විරෝධය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාලිංගට බුකී තිලංගගේ විරෝධය

    Lasith%2BMalinga%2BCatoon.jpg


    2014 වසරේ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ලසිත් මාලිංගයි. එහෙත් අනතුරුව ඔහුට කණ්ඩායමේ නායකත්වය පමණක් නොව ස්ථානයද අහිමි වුණා. එහෙත් ඒ කිසිවකින් ඔහුගේ දක්ෂතා සැගවීමට හැකිවූයේ නැහැ. මේ අනුව යලිත් කණ්ඩායමේ නායකත්වය ඔහු ලබා ගන්නේ පසුගිය වසරේදීයි.
    ක්‍රීඩා අමාත්‍යවරයා මෝඩ කථා කියන විට ඊට උල්පන්දම් දෙන කේවට්ටයකු නොවී විවේචකයෙක් වීම හේතුවෙන් වරක් ඔහුට කණ්ඩායමෙන් ඉවතට විසිවීමට සිදුවුණා. එහෙත් ඔහුගේ ගමන් මග මේ කිසිවකින් වෙනස් නොවුනේ පුදුමාකාරයෙන්.

    ක්‍රිකට් හිටපු සභාපති තිලංග එවක නායක ලසිත් මාලිංගට කණ්ඩායමට පිවිසීමට තිබූ සියලු මාර්ග අවහිර කළා. බුකී තිලංග ඉවත්වන තුරු මාලිංගට කණ්ඩායමේ නිසි ස්ථානයක් හිමිවූයේ නැහැ. බුකී තිලංග ඉවතට විසිවී අමාත්‍ය හරීන් ක්‍රිකට් හරි මගට ගැනීමේ වැඩසටහන යටතේ මාලිංගට යලිත් නායකත්වය හිමිවූණා. එතැන් පටන් මාලිංග මේ වන විට කණ්ඩායම ස්ථාවර කිරීමේ සටනක නිරත වී සිටිනවා.

    එළබෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් මේ දිනවල සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනවා. එහි ගාල්ල කණ්ඩායමේ නායකයා වන්නේ ලසිත් මාලිංගයි. ටෙස්ට් නිත්‍ය නායක මහනුවර කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න අතර මාලිංගට සීතල යුද්දයක් පැවතියා. ඒ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය වෙනුවෙන්. එහෙත් ඉන් මේ වන විට මාලිංග ජයගෙන සිටිනවා. ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර කඩුලු 03 ක් දවා ගෙන ලංකාවට පැමිණ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදීම ඔහු කඩුලු 07 ක් දවා ගත්තා. පැය 24 ක් තුල රටවල් දෙකකදී තරගාවලි දෙකක් ක්‍රීඩා කරමින් කඩුලු 10 ක් දවා ගත් ලොව පළමු ක්‍රීඩකයා බවට ඔහු පත්ව තිබෙනවා.

    කෙසේ වෙතත් ඔහුව ඉතට ඇද දැමූ බුකී තිලංග යලිත් මාලිංග ඉවතට ඇද දැමීම සදහා පිබුරුපත් සකස් කරන බව වාර්තා වනවා. ඒ ඔහුගේ මතයට අවනතව මාලිංග යටත් වැසියකු වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව සදහන්. එය ඔහුගේ බුකී කටයුතු සදහා විශාල පාඩුවක් වීම මෙම ආරෝව පසුපස ඇතැයි ද ඇතමුන් පවසනවා.


    lankasportsnews.com