චපල ඔබට දොරගුලු බැන්දා......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චපල නුඹට දොරගුලු බැන්දා......



    සෙනෙහස සුවදයි ඔබ‍ගෙන් විහිදුනු...
    චමත්කාර හද රේණු වසා.........
    වසග වුනේ එකහිත ඇති හින්දයි...
    ප්‍රථම ප්‍රේමයේ විජිත පතා........
    බඹර තුඩට බැරි හදුනාගන්නට....
    මලක සියුම් පෙති පරව ගියා.....
    බිදුනු සිතින් සමුගෙන මම යන්නම්...
    නටුවෙන් ගිලිහුනු මලක් නියා......

    හිත ඇති සෙනෙහස බැතියෙන් පිදුවෙමි...
    විශ්වාසයෙ රන් දද බදවා..............
    රැකගත් කිසිවක් නැත එක් මොහොතක...
    සයනය උනුසුම් කරනු විනා.............
    ලය මැද රැකගත් උරුමය ගෙනදී...
    අනාගතේ යස ඉසුරු පතා.......
    විසිරුනු ඇතිරිලි යලි නොම ගන්නම්...
    සදකඩ පහනක් ‍‍නොවන නිසා.........


    ප්‍රථම ප්‍රේමයේ ඇවිලෙන ගිනිදැල්...
    හද අද්දර අවුලවා තියා...........
    මට මා අමතක කරනා තරමට...
    හිතවත ඔබ දුර ඇදී ගියා.........
    දිරි නැත තවමත් පිබිදෙමි කෙලෙසින්..
    වපර ඇසින් ලොව බලන නියා....
    සෙනෙහස බිලිදී සැගවී ඉන්නම්..
    ඔබ යන කල ඇගෙ පහස සොයා....

    අසරණ සිත්මල නටුවෙන් ගිලිහී
    පෙති විසිරෙන්නට ගිය හින්දා......
    සරණට හිටියේ එක් වන බඹරෙකි..
    ගත්තෙමි ඔහුගේ හද රන්දා.........
    මල්සර හී සර පමණට නොම ලත්..
    යුග දිවියක් නොම ඇති හින්දා....
    යලි එනු තහනම් අන්සතු මලකට..
    චපල නුඹට දොරගුලු බැන්දා......


    මේක ලිව්වෙ ගෑණූ ළමෙක්ගෙ ඇත්ත කථාවක් අහලා..
    එයා හිතන විදිහට..
    කමෙන්ට් ගොඩක් වටිනවා....


     
    Last edited:
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අනේ මන්ද සංකපාල මල්ලි ඔයා කවදා හැදෙයිද කියල...... :nerd::nerd::nerd: දැන් මදැයි ඔය දුක කරදරවලට සවන් දුන්න.......
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ela....
    11.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දිරි නැත තවමත් පිබිදෙමි කෙලෙසින්..
    වපර ඇසින් ලොව බලන නියා....
    සෙනෙහස බිලිදී සැගවී ඉන්නම්..
    ඔබ යන කල ඇගෙ පහස සොයා....

    kiyanna wachana na malli .... :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ප්‍රථම ප්‍රේමයේ ඇවිලෙන ගිනිදැල්...
    හද අද්දර අවුලවා තියා...........
    මට මා අමතක කරනා තරමට...
    හිතවත ඔබ දුර ඇදී ගියා.........