චම්පිකගේ ජනාධිපති පිම්ම

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113

    චම්පකගේ ජනාධිපති පිම්ම

    මා දේශපාලනඥයන් සෑහෙන පිරිසක් අඳුනනවා. ඇසුරු කරළත් තියෙනවා. හිට්ලර් ඇඳින ගෙන හිටියේ නැහැ. ඇසුරු කරළත් නැහැ. ඒත් චම්පක රණවක අඳුනනවා. ඇසුරු කරළත් තියෙනවා. චම්පක ඉදිරියේ ප්‍රේමදාස (සජිත්ගෙ පියාණන්) ළදරුවෙක්. අපට අසූහතේ භිෂණය අවුරුදු හතළිහකට පමණ පසුව පන්සිය ගුණයකින් වැඩි කර ගන්න අවස්ථාවක් උදාකර ගන්න අවස්ථාවක් එළඹෙනවා.
    චම්පක ජාතික හෙළ උරුමයෙන් අස්වෙලා. ඒ සමග මධ්‍යම කාරක සභාවත් අස්වෙලා. දැන් අලුත් මධ්‍යම කාරක සභාවක් පත් කර ගෙන. නව නායක හාමුදුරුවන් හා ලේකම් බන්දුල පක්‍ෂයේ ලියා පදිංචිය අවලංගු නොකර තබා ගනීවි. චම්පක ඔවුන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. චම්පක හා පිරිස අස්වෙලා තියෙන්නෙ පක්‍ෂය සමග ඇති වූ ප්‍රශ්නයක් මතභේදයක් නිසා නො වෙයි. තවත් අලුත් දේශපාලන ගමනක් යන්න. ඒත් කොයි එකටත් සූදානම් සරීරෙ කියල පක්‍ෂය විසුරුවා හැරලත් නැහැ.
    චම්පක ගැන ලියන්න ඕන අනතුරක් පේන නිසා. ඔහුට මුල සිට ම අවශ්‍ය වුණෙ බලය. ඔහුට ඇති එක ම ප්‍රතිපත්තිය බලය ලබා ගැනීම සඳහා ප්‍රතිපත්ති අමතක කිරීම. ඔහු පාසල් ශිෂ්‍යයකු ලෙස හොරණ ජ වි පෙ දේශපාලනයේ යෙදුණ. මොරටුව විශ්වවිද්‍යාලයේත් ඔහු යම් කාලයක් ජ වි පෙ දේශපාලනයෙ යෙදුණා. ජ වි පෙ සාමාජිකයන්ගෙ අනුගාමිකයන්ගෙ හිතවතුන්ගෙ යම් ජාතිකත්වයක් තිබුණ. ඒ ඒ අයගෙ ජාතිකත්ව ප්‍රතිශතය අඩු වැඩි වුණා. චම්පකට යම් ජාතිකත්වයක් තිබුණා. විජේවීරටත් තිබුණා. ඒත් චම්පකට අවශ්‍ය බලය. ඔහුට ජ වි පෙ නායකයා වීමට අවශ්‍ය වුණා. එහෙත් එහි තවත් අය හිටියා.
    ඔහු එකල කී විධියට ජාතික චින්තනය සමග එකතු වුණා. එහෙත් ජාතික චින්තන වැඩ පිළිවෙළ ඔහුට බලය ලබා ගැනීමට ආධාරයක් නොවන බව පැහැදිලි වුණා. ඔහුට අනුව අප ලියන කියන පිරිසක් පමණක් වුණා. අපේ ක්‍රියාකාරීත්වය ඔහුට මදි වුණා. ඔහු විශ්වවිද්‍යාලවල ජාතික චින්තනයට හිතවත් සිසුන් සමග බලය ලබා ගැනීම සඳහා ඔහුගේ ම වූ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඉන් පසු ඔහු ඇති කළ ව්‍යාපාර මෙතෙකැයි කීම තරමක් අපහසුයි. ඒ ව්‍යාපාරවලට නම් දීම අතින් ඔහු දෙවැනි වන්නේ අහුබුදුවන්ට පමණයි.
    බලය නොමැති ව සමාජයේ යම් වෙනසක් කරන්න බැරි නැහැ. සමාජයේ ඔය කියන විප්ලව ඇති වන්නේ නැහැ. ඒත් සමාජය වෙනස් වෙනවා. ඒ වෙනස්කම් පැහැදිලි වූ විට අප ඒවා විප්ලව ලෙස හඳුන්වනවා. අදහස් මගින් සමාජය වෙනස් කරන්න පුළුවන්. සමාජයේ ක්‍රමික වෙනස් වීමක් තියෙනවා. ඒත් චම්පකට එවැනි වෙනස් කිරීමක් අවශ්‍ය නැහැ. ඔහුට ඕන බලය. කුමක් සඳහා වූ බලයක් ද? බලය සඳහා වූ බලයක්.
    අද ඔහු ආමිස පූජාවට හසු වූ භික්‍ෂූන් වහන්සේ ගැන කියනවා. ඔහුට දැන් වෙනස් භික්‍ෂු දේශපාලනයක් හා වෙනස් මගක් අවශ්‍ය කියනවා. ඒ වචන නැත්නම් අලංකාරෝත්ති පමණයි. ඔහු කී වතාවක් වෙනස් මග අරන් තියෙනවා ද? ඒ සෑම අවස්ථාවක ම තිබුණේ බලයට මග යන්න පමණයි.
    සමාජවාදය ගැන කතා කරන අය එක්කෝ ජාතිකත්වයට ආකර්ෂණය වෙන්න ඕන. නැත්නම් ඊනියා ජාත්‍යන්තරයක් හරහා එක්කෝ දක්‍ෂිණාංශයට යන්න ඕන නැත්නම් බොරු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හිස් වදන්වලට සීමා වෙන්න ඕන. මෙරට ජාත්‍යන්තරවාදී දක්‍ෂිණාංශික පක්‍ෂ ගණනාවක් තියෙනවා. දෙමළ ජාතිවාදී පක්‍ෂ, මුස්ලිම් පක්‍ෂ ආදිය අවසාන වශයෙන් ගත් කල ජාත්‍යන්තරවාදී දක්‍ෂිණාංශික පක්‍ෂ. එහෙත් ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තරවාදි දක්‍ෂිණාංශික පක්‍ෂය වුණෙ එ ජා පක්‍ෂය. වික්‍රමබාහුට පෙර චම්පක එ ජා පක්‍ෂයට ගියා. ඒ කියන්නෙ ඔහු ඒ පක්‍ෂයේ සාමාජිකයකු වූ බවක් නො වෙයි. චම්පකට බලය සඳහා මග තියෙන්නෙ දක්‍ෂිණාංශය හරහා පමණයි. අප ඒ බව දුටුවේ බොහෝ කලකට පෙර.
    පසුගිය වසර දහයක පමණ කාලයෙහි එ ජා පක්‍ෂය දෙදරුම් කෑවා. එ ජා පක්‍ෂය දක්‍ෂිණාංශික පක්‍ෂයක් පමණක් නොව මෙරට ප්‍රභූ පැළැන්තියේ පක්‍ෂය ද වුණා. ඩී එස් සේනානායකගේ සිට ජේ ආර් ජයවර්ධන දක්වා පක්‍ෂ නායකයන් එක්කෝ රාජකීය විද්‍යාලයේ නැත්නම් ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුන්. එ ජා ප ආණ්ඩුවල අමාත්‍ය මණ්ඩලවල ඔවුන් හා ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුන් විශාල පිරිසක් දකින්නට හැකි වුණා. ජේ ආර් ජයවර්ධනගේ බලය තමන් අතට ගැනීමේ ප්‍රතිපත්තිය නිසා මෙහි වෙනසක් ඇති වුණා. රාජකීය විද්‍යාලයේ ලලිත් ඇතුළත්මුදලි හා ත්‍රිත්ව විද්‍යාලයේ ගාමිණී දිසානායක රාජාලියාගේ පිහිට පැතුවා. ශාන්ත තෝමස් විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ රවි කරුණානායක වැන්නන් ද ඒ සමග රාජාලියාට එකතු වුණා.
    ආර් ප්‍රේමදාස දක්‍ෂයෙක්. ඔහුටත් අවශ්‍ය ව තිබුණේ බලය. ඔහු ප්‍රභූ පැළැන්තියේ අයකුවත් ප්‍රභූ පාසලක ඉගෙන ගත් අයකුවත් නො වෙයි. එහෙත් ඔහු ජේ ආර්ගේ අගමැති වුණා. ජේ ආර් ඔහුට දී තිබුණේ ඔහු කී ආකාරයෙන් ම පියන් කෙනකු වැනි අගමැති කමක්. එහෙත් ලලිත් ගාමිණි වැන්නන් නැති එ ජා පක්‍ෂයක නායකයා වීමට ඔහුට හැකි වුණා. ඔහු ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කමකුත් ලබා ගත්තේ ශිෂ්‍යයකු නො වී. මා හිතන්නෙ පාසලක ශිෂ්‍යයකු නොවී ආදි ශිෂ්‍යයකු වී ඇති එක ම තැනැත්තා ආර් ප්‍රේමදාස කියා.
    රාජකීය විදුහලේ සැබෑ ආදි ශිෂ්‍යයකු වූ රනිල් වික්‍රමසිංහ තම මාමා නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ ලලිත් ගාමිණි සමග එකතු වුණේ නැහැ. ඔහු ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ව්‍යාජ ආදි ශිෂ්‍ය ප්‍රේමදාසට සහාය දුන්නා. ප්‍රේමදාසගෙන් පසු රනිල්ට එ ජා ප නායකත්වය ලැබුණ නමුත් රවි කරුණානායක වැන්නන් ආපසු එ ජා පක්‍ෂයට පැමිණි නමුත් එ ජා ප ප්‍රභූ නායකත්වයට ජාතිකත්වය ඉදිරියේ ප්‍රශ්න ඇති වුණා. 2010 හා 2015 ජනාධිපතිවරණවල දී එ ජා පක්‍ෂයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට බැරි වුණා. සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන මගින් පක්‍ෂයේ ප්‍රභූ මුහුණුවර නැති කෙරුණා.
    එ ජා පක්‍ෂයේ ප්‍රභූ මුහුණුවර ඉවත් කිරීමට කාලය පැමිණුනා. නායකත්වයට අභියෝග කෙරුණා. ඒ සඳහා තෝරා ගැණුනේ ප්‍රේමදාස පුතාණන්. ඔහු රාජකීය විදුහලේ ටික කලක් ඉගෙනුම ලබා එංගලන්තයේ මිල් හිල් පාසලේත් ඉගෙන ගෙන තියෙනවා. මිල් හිල් රජයේ නොවන පාසලක්. එය මුල දී ශිෂ්‍යයන්ට පමණක් සීමා වී තිබුණත් පසුව ශිෂ්‍යාවන් ද ඇතුළත් කර ගෙන තියෙනවා. මා හිතන්නේ සජිත් යන කාලයේ එය මිශ්‍ර පාසලක්. සජිත් පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියකු බවට පත් වුණා. ඔහු උපාධි පරීක්‍ෂණයට පෙනී සිටියා නම් උපාධිධාරියකු වෙන්න තිබුණා.
    සජිත් අසමත් අදක්‍ෂයෙක්. ඔහුට ප්‍රභූ මුහුණුවරක් ලබා ගන්න බැහැ. අමාරු ඉංගිරිසි වචන යොදා ගැනීම ප්‍රභූත්වයට මගක් නො වෙයි. අද ප්‍රභූ දේශපාලනඥයන්ට තැනක් නැති බව ඔහු අවබෝධ කර ගත්තේ නැහැ. ඔහුගේ ඊනියා නායකත්වයෙන් රනිල්ට අභියෝග කෙරුණත් පක්‍ෂ නායකත්වය ලබා ගැනීමට නොහැකි වුණා. ඔහු පක්‍ෂය හැර දා ගොස් එක්සත් ජාතික පෙරමුණක ජනාධිපති අපේක්‍ෂක වුණා. ඔහු වෙන්ඩ ජනාධිපති. දැනට ඔහු සමගි ජන බලවේගය නම් පෙරමුණක නායකයා. එය වෙන්ඩ නායකකමක් බව චම්පක දන්නවා. එහි නායකත්වයට සුදුස්සන් නැහැ. නලින් බණ්ඩාර හා අනෙක් අය වෙන්ඩ නායකයන්වත් නො වෙයි. සරත් ෆොන්සේකා සජිත් මෙන් ම පරාජිත අපේක්‍ෂකයෙක්.සමගි ජන බලවේගයේ නායකත්ව හිඩැස පිරවීම චම්පකගේ අපේක්‍ෂාවයි.
    චම්පක ජාතික හෙළ උරුමයෙන් අස් වුණේ කුමකට ද යන්න ගැන අටුවා ටීකා අවශ්‍ය නැහැ. ඔහුට අවශ්‍ය සමගි ජන බලවේගය පක්‍ෂයක් ලෙස සකස් කර නායකයා වෙන්න. පක්‍ෂයට ව්‍යවස්ථාවක් වැඩ පිළිවෙළක් ජාතිකත්වය ගාවා ගත් මුහුණුවරක් දීමට ඔහුට අවශ්‍යයිි. ඊනියා ආමිසයට යටත් නොවන භික්‍ෂූන් වහන්සේට හා ජාතිකත්වයට ආකර්ෂණයක් ඇති තරුණයන්ට ඔහු ආමන්ත්‍රණය කරාවි. ඔහුට අවශ්‍ය සමහි ජන බලවේගය පක්‍ෂයක් ලෙස සකස්කර ජාතිකත්ව මුහුණුවරක් දී එහි නායකයා ලෙස 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටයි.
    චම්පක මේ පනින්නේ ඔහුගේ ජනාධිපති පිම්මයි. බලය සඳහා බලය අවශ්‍ය චම්පක ෆැසිස්ට්වාදය කර පින්නා ගත්තෙක්. අද එ ජා පක්‍ෂයට තමන්ට හිමි වූ මන්ත්‍රී ධුරය පුරවා ගන්න බැහැ. ඒත් චම්පක එදා හෙළ උරුමයට හිමි වූ මන්ත්‍රී ධුරය ලබා ගත් හැටි මතක ද? ඔහු එස් එල් ගුණසේකර මහාචාර්ය ඉන්ද්‍රරතන වැන්නන්ට සැලකූ ආකාරය මතක ද? ඔහු බලයට ආසන්න වෙමින් ඉන්නවා. ඔහු නවත්වන්න පුළුවන්. ඒ ඔහුගේ ෆැසිස්ට්වාදී දේශපාලනය පරාජය කිරීමෙන්. ඒ කළ හැක්කේ ඊනියා ජාත්‍යන්තරවාදයට නොව ජාතිකත්වයකටයි. චම්පක එසේ නොහිතුවත් ලිවීමෙන් හා කීමෙන් ඒ පරාජය කරන්න
    පුළුවන්.
    චම්පකට හිතවත් අය ඉන්නවා. මේ ලිපියට ප්‍රතිචාර දක්වන්නන් සමහරූ එවැන්නන්. දෙව්දත් තෙරුන්ටත් හිට්ලර්ටත් හිතවත් අය හිටියා.

    - නලින් ද සිල්වා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    චම්පිකයා එනවනම් හොඳයි බූරු පුතා නැතුව, හැබැයි චම්පිකයා ගේම දෙනවා බූරු පුතානොට ඉක්මනටම.
    ඒ ගොනාට නං චන්ද හම්බවෙන්නේ නෑ..චම්පිකට ගහන මඩ ටික බලගන්න පුලුවන් ඉස්සරහට..
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ලොල් නලින් සිල්වා ඕකට පොහොට්ටු එවුන් ඇරෙන්න අනිත් එවුන් ඔක්කොම වහ කදුරු.කට්ටිය මොකෝ මේ කලබල වෙලා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෝඨා කියන්නෙත් 100% ක් සුපිරිසිඳු චරිතයක් නෙමෙයිනේ.ඕන තරම් වැරදි තියෙන්නෙ.ඉතිං පාඨලීගෙ පොඩි වැරදි අල්ලන් මෙහෙම මඩ ගහන ඵක හරි නෑ..ලියපු දේවල් අනුව පොහොට්ටුවට කඩේ යන බවක් පේනවා..
     
    • Haha
    Reactions: Identity

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    චම්පක රනවක හෝ සිංහල උරුමය එච්චරා අකර්ශනීය පක්ෂයක් නෙවෙයි.එක ආසනයක් දිනා ගන්න බැරි වුනා.නමුත් මේ අය ඒ කාලේ බන කියලා ජනප්‍රිය උන දුස්සීල සාදුලා සහ වෙනත් සංවිදාන අහරා ජනප්‍රිය උන සාදුලා එකතු කරගෙන සෝම කියන බික්ෂුවගේ මල කඳ මාකට් කරලා අර සාදුලා ටික පාර්ලිමන්ට් එකට ගියා.හය දෙනෙක් විතර.ඒ වෙලාවේ චම්පකලා කීවේ අපි ගිහියො කවදාවත් පාර්ලිමන්ට් එකට එන්නේ නෑ කියලා.ඇමතිකම් ගන්නේ නැ.ඒඉව කියලා රවට්ටපු එක කරේ.නමුත් චම්ප පස්සේ සාදු කෙනෙක් අයින් කරලා පාර්ලිමන්ට් එකට ආවා ඇමතිකමක් ගන්න..පස්සේ 2010 අරෙල්ල හින්දා සහ පෙරමුනෙන් ඉල්ලපු නිසා ආපහු පාර්ලිමන්ට් එකට පැන ගත්තා.ඊට පස්සේ මරා එක්ක වලියක් දාගෙන ආපහු යූන්පි එකට ගියා..දැන් යූන්පි එකෙන් සජිත් ගාවට.චම්පකට 2024 ජනාදිපති අපේක්ෂක කම දෙන්නෙ පරදිනවනම් විතරයි.දිනන්න පුලුවන් කියලා ෂුවර් නම් සජියා දෙන්නේ නෑ.කොහොමත් 2024 පොහොට්‍ටුවට ඇපත් නෑ.ඒක නිසා සජියා ආපහු ඉල්ලයි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    චම්පික 2025 උඩින්ම දිනනවා කළ බල වෙන්න දෙයක් නැහැ 😂 😂 😂 😂
    ඌ එයිද, ආවත් දිනයිද නැද්ද නං දන්නේ නෑ..බූරු පුතාට වඩානං හොදයි කියලා තේරෙනවා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජාතික චින්තනෙයි උගත්කමයි සුදු ඇඳුමයි ඔක්කොම තිබිල නලින්ට බැරිවුනානේ දේසපාලනේට එන්න :baffled:
     
    • Sad
    Reactions: missaka86

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මෙහෙමයි සජිත් කියන්නෙ මහින්ද නෙමෙයි.හැබැයි unp එකේ අයට සජිත් ගැන තියෙන්නෙත් අනිත් පැත්තෙ අයට මහින්ද ගැන තියෙන මෙව්වා එකම තමයි.ඒක විමල්ට මහින්දගෙන්වත්,චම්පිකට සජිත්ගෙන්වත් ගන්න බැහැ.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    උබලටත් ප්‍රදාන දාරාවෙ එකෙක්ම ඔනෙ නේද ජනාධිපති කරන්න. ගූ කන සිංහලු ඊලග පාර චම්පික ගෙනැල්ල ඇර ගනී වගේ.
     
    • Like
    Reactions: navinnuwan

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උබලටත් ප්‍රදාන දාරාවෙ එකෙක්ම ඔනෙ නේද ජනාධිපති කරන්න. ගූ කන සිංහලු ඊලග පාර චම්පික ගෙනැල්ල ඇර ගනී වගේ.
    මමනම් කැමතියි විකල්පයක් එනවට, හැබැයි ඒ විකල්ප කියන්නේ අනුරකුමාර, නාගානන්ද, පල්ලෙවත්ත වගේ ගොන් බිජ්ජෝ නෙවේ.