චර්නොබිල්-වහන්න-යකඩ-'තොප්පියක්

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    චර්නොබිල්-වහන්න-යකඩ-'තොප්පියක්

    ලොව මෙතෙක් වාර්තා වී ඇති විනාශකාරීම න්‍යෂ්ඨික බලාගාර පිපිරීම සිදුවූ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරයේ න්‍යෂ්ඨික ප‍්‍රතික‍්‍රියාකාරකය වටා කොන්කී‍්‍රට් හා ලෝහයෙන් සැදි ආවරණයක් ස්ථාපිත කිරීමේ කටයුතු යුක්රේන රජය ආරම්භ කර ඇත.
    1989 දී සිදුවූ චර්නොබිල් පිපිරුම හමුවේ ඒ අවට වාසය කළ වැසියන් සියලූදෙනා ඉවත් කිරීම සිදුවූ අතර, කිලෝමිීටර ගණනාවක වපසරියකින් යුත් ප‍්‍රදේශයක් වාසයට නුසුදුසු යැයි නම් කෙරුනේ පිපිරුමෙන් අහසට එක්වූ විකිරණශීලී ද්‍රව්‍යයන් නැවත පොළව මතට පතිතව ජීවත් වීමට හානිකර තත්ත්වයක් ඇති වීමේ අවදානම නිසාවෙන්ය.
    එදවස චර්නොබිල් අවදානම මුළු යුරෝපයටම බලපැවැත්වුනක් විය.
    පිපිරීමෙන් චර්නොබිල් න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ වහල සම්පූර්ණයෙන්ම පාහේ ගැලවී ගියේය.පිපිරුමෙන් පසු වුවද දිගින් දිගටම පරිසරයට විකිරණශීලී ද්‍රව්‍යය එකතු වූයේ මේ නිසාවෙනි.
    මෙයට පිළියමක් ලෙස න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකය වැසෙන සේ යෙදීමට යන මෙම ආවරණය අඩි 900 ක පළලකින්ද, අඩි 108 ක උසකින්ද යුතුය.මෙතෙක් ලොව නිර්මානය කර ඇති ගොඩබිම ඔස්සේ එහා මෙහා ගෙන යා හැකි විශාලම ව්‍යුහය ලෙස සැළකෙන මෙය නියමිත පරිදි ස්ථානගත කිරීමට පමණක් දින පහක් පමණ වැය වන බව සදහන් වේ.
    ආවරණය යෙදුූ පසු න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයාකාරකයේ ඉතිරිව ඇති විකිරණශීලී ද්‍රව්‍යයන් ආරක්ෂාකාරීව ඉවත් කිරීම යුක්රේන රජයේ අපේක්ෂාවයි.
    චර්නොබිල් ඛේදවාචකයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව පිළිබදව නිශ්චිත සදහනක් නැතත් 2005 දී එළි දැක්වුනු එක්සත් ජාතීන් - චර්නොබිල් සංසදයේ ඒකාබද්ධ වාර්තාවකට අනුව මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 50 කි.ඔවුන් අතරින් බහුතරය බලාගාරයේ සේවකයෝය.

    CHERNOAR-1114-01.jpg


    CHERNOAR-1114-02.jpg


    http://www.lankadeepa.lk/index.php/articles/479755

     

    badeginiyama

    Banned
    Oct 9, 2016
    124
    10
    0
    මන් අහල ටියනව ඔය හරයේ විකුර්ති උනා සතු ඉනව කියල...