චාටර් සීන්!! :lol:

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මේකෙ කට්ටියට මෙතුවක්කාලෙකට උන චාටර් වෙච්ච සීන් දාන්න!!

    මන් මේ post ටික බීපුවාම වෙන ආතල් සිද්ධි - 3 thread එකේ දාපුව, අනිත් සීන් පස්සෙ දාන්නන්....

    මේක උනේ මන් මුලින්ම ජොයින්ට් එකක් ගහපු දවසෙ! අපෙ ගෙවල් ලග කොල්ලෙක් ඉන්නව උන්ගෙ ගෙදර දවල්ට කව්රුත් නෑ කට්ටිය ඔක්කොම වැඩට යනවා. අපි drink එක දාන්න සෙට් වෙන්නෙ එහෙට තමයි ගොඩක් වෙලාවට. දවසක් අපි ඔහොම සෙට් වෙන්න plan කරනකොට එකෙක් කිව්ව ජොයින්ට් එකක් අරන් එන්නන් කියල ගහන්න. අපි 4ක් තමයි සෙට් උනෙ. ඒ ජොයින්ට් එක ගේන එකයි තව එකෙකුයි කලින් ගහල තීනව. ඒත් එදා තමයි මගෙ පලවෙනි දවස. අපි ඇපල් බොතලයක් තමයි ගහුවෙ. ඒකෙ අන්තිම ශොට් එක වගේ තියෙද්දි ජොයින්ට් එක ගැහුව. මට ලොකු වෙනසක් තේරුනේ නෑ. බෝතලේට වැදිල තිබුනෙ ඒ වෙනකොටත්. මම ඉතින් ගෙනාපු එකාටත් අනන් මනන් කිව්ව, මොකක්ද බන් මෙලෝ රහක් නෑනෙ වැදුන්නෑනෙ කියල, දෙවනි වටේ වගෙ එනකොට පොඩ්ඩක් වෙනසක් තේරුනා ඒත් ගැහුව පපුවට යන්නම. ඒක ගහල අර අන්තිම ශොට් එකත් දාගෙන අරුගෙ සාලෙට ආව සින්දුවක් දාන්න. ටිකක් වෙලා යනකොට තේරුනා මොකක්ද වෙනව වගේ. කටේ කෙලත් නැති උනා. hart එකෙන් නිකන් රව්න් රව්න් යනව වගේ තේරුනා. මම උගෙ සෙටියෙ ගිහින් ඇල උනා ටිකක්, එකෙක් fan එක දැම්ම. අඩෝ fan එක කැරකෙන්න පටන් ගන්නකොට මට හිතුනෙ මම helicopter එකක ඉන්නෙ කියල. fan එකෙ තටු ටික ටික speed වෙලා හයියෙන් කැරකෙන්න ගන්නකොට මට තේරුනෙ උඩ යනව වගේ කියල. මම කෑ ගැහුව අරුන්ට "අඩෝ මන් හෙලිකොප්ටරේ උඩ යනෝ" ගාල. එහෙමම ටිකක් වෙලා යනකොට මට නින්ද ගිහිල්ල ආයෙ ඇහැරුනෙ අරුගෙ අම්ම ගෙදර ආවහම :( උගෙ අම්ම ගෙදර එනකොට මම හතර ගාතෙ දාල උන්ගෙ සෙටියෙ නිදි. එක කකුලකුයි අතකුයි බිම :P උන්ගෙ අම්ම මාව දැකල "ඈ මේ මොකද මේ" ගෑව. පට්ට නෝන්ඩී. ඒත් මට නැගිටින්න හෙන අමාරුයි. අරුටත් නෝන්ඩී මන් එහෙම ඉන්නකොට. ඊට පස්සෙ උගෙ අම්ම තමයි ඔලුවෙ දෙහි ගාල දෙහි එකක් බොන්න දීල ශේප් කරල ගෙදර එව්වෙ. මතක් වෙනකොටත් හෙන අව්ල්..

    මන් A/L කරල ගෙදර ඉන්න කාලෙ පොඩි ජොබ් කට්ටක් කරා. ඒකෙ ජනවාරි 1 වරුවයි වැඩ. කට්ටිය ඉතින් කලින් off වෙලා කොහොමත් සෙට් වෙනවනෙ. ඒ office එකෙ පිටිපස්සෙ පොඩි කාමරයක තමයි කට්ටිය සෙට් වෙන්නෙ. මත් ඉතින් වැඩ ඉවර වෙල තව එකෙක් එක්ක ඒ පැත්තට ගියා, අම්මටහුඩු දෙරෙන් අතුලට යනකොටම මගෙ හොඳම යාලුවෙක්ගෙ තාත්ත ඉන්නව සිස්සරහ වාඩි වෙල. ඔෆිස් එකේ එකෙක්ගෙ යාලුවෙක් උගෙ තාත්ත. ම්න් පොරව දකින්න ඉස්සෙල්ල පොර මාව දැක්ක. මම ශෙප් එකෙ යන්න හදනකොට පොර මට නම කියල කතා කරා "එන්න පුතා ඔය කොහෙද යන්නෙ කියල" :P ඒ පස්සෙ මන් ඇතුලට ගිහින් ශෙප් එකේ හිටිය මුකුත් කරන්න ගියෙ නෑ. ඔෆිස් එකේ උන් බොතලෙත් අතට දෙනව, ඇයි බන් අද ගහන්නැත්තෙ ගහපන් කියල. අරුගෙ තාත්තත් කිව්ව මන් හිටියට කමක් නෑ පුතෙ ශොට් එකක් ගන්න කියල. ඒ අස්සෙ එකෙක් දුමක් දික් කරනව ගහන්නැත්තන් මේක හරි ගහපන් කියල :lol::lol: අරුගෙ තාත්ත ගෙදර ගිහිල්ල අරුගෙ අම්මට කියල "හරි හොඳ යාලුවො මෙයාට ඉන්නෙ" කියල :lol::lol:

    මේකත් ගහල වෙච්ච චාටර්ම සීන් එකක් තමයි.. මේක උනේ O/L කරල ගෙදර ඉන්න කාලෙ වගේ. එදා අම්මල ලොකු අම්මලගෙ ගෙදර යන්න හිටියෙ මම ඉතින් වැඩේට සෙට් වෙන්න හොද දවසක් හින්ද අම්මල යන්න කලින්ම ගෙදරින් පැන්න ජොයින්ට් එකක් ගහන්න යන්න. ජොයින්ට් එක ගහල අත් වැඩ කරන කොට තීන ආතල් එක ගහපු කට්ටිය දන්නව ඇතිනෙ :P :D අම්මල ගියාම ගෙදර කව්රුත් නැති හින්ද මම අරක ගහල ශෙප් එකේ කොල්ලොන්වත් මිස් කරල ගෙදර ආව. මම ගෙදර තනියෙන් හින්ද අම්මල ආච්චිව තියල ගිහිල්ල. :( ඒත් ඉතින් ආපු වැඩේ කරගන්න ඕන හින්ද මම ෆෝන් එයි හෙඩ් සෙට් එකයි අරන් bathroom එකට ගියා. ඒකාලෙ ඉතින් අර chinese H2 එකනෙ ඕන මගුලකට තීන්නෙ. මන් වැඩේ කරනකොට එකපාරට ආච්චි bathroom එකට ආව කියහන්කො. අරකෙ සිහියෙන්ම හිටිය හින්ද දොර වහන්න අමතක වෙලා :lol::lol: ආච්චි බැන්න මතකයි "නෙද්දකින් වනචරය" කිලය :lol: ඒත් අම්මලට කිව්වෙ නෑ. ඒකටනන් ආච්චිට පින් දෙන්න ඕනෙ:D:P

    කට්ටියගෙ සීන් ටිකත් දාගෙන යන්න එහෙනන් :lol::lol:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    එක දවසක් clz අරිල පඩිපෙලින් බහිනකොට කෙල්ලො සෙට් එකක් පඩිපෙන නගින්න හිටිය. මගෙ පිටිපස්සෙනුත් තව කට්ටිය ආව. පඩිපෙලේ අන්තිම පඩි 3 වගේ තියෙද්දි මාව ලිස්සුව කියහන්කො. මට "බුදුඅම්මෝ" කියල හයියෙන් කියඋනා. පොත් ටිකයි එක සෙරෙප්පුවකුයි උඩින් ගියා. පුක වැදුනෙ බිම. පට්ට නෝන්ඩී. පල්ලෙහා හිටිය කෙල්ලෙක් පොත් ටික ගෙනල්ල දුන්න! ඒ අස්සෙ මොකෙක් හරි වේ# කොල්ලෙක් අර විසික් වෙච්ච සෙරෙප්පුව හන්ගල! පල්ලෙහා හිටිය කෙල්ලො හිනාවෙනව මන් දැක්ක!! පට්ටෙටම එපා උන දවසක් තමයි ඒක. සැරෙන් සැරේ මතක් වෙන්නෙ බුදු අම්මෝ කියපු එක! :lol::lol:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මට වෙලා තීන චාටර්ම සීන් එක තමයි දවසක් මං ගෙදර සාලෙ ලඟ තියන බත් රූම් එකේ නෑව 8 ට විතර මනෝ පාරක් දාගෙන නෑවේ හරියට මතක නෑ මොනව ගැනද හිතුවේ කියල දන්නෙම නැතුව දොර ඇර ගෙන එලියට ආවා අඩි දෙක්යි තිබ්බේ නංඟී මේ මොකක්ද ඔයි කියුවා පල්ලෙහා බැලුවාම ටවල් එකවත් ඇඳල නෑ ෆුල් නේකඩ් අම්මල නන්ගි තාත්තා වැඩ කාරි ඔක්කොම ටීවී බලනව මට මැරෙන්න හිතුනා හුචස් ගාල කර්ටන් එකෙන් විලි වසා ගත්තා ටක් ගාලා ඇතුලට දුව ගෙන ටවල් එක ඇඳගෙන බිම බලාගෙන මගේ රුම් එකට ගියා ගෙදර උන්ට අමතක වෙලත් ඇති ඒත් ජීවිතේට මට අමතක වෙන්නේ නෑ දැන් නාල එලියට බහින කොට දෙපාරක් රිචෙක් කරල තමයි එලියට බහින්නේ
     
    Last edited:

    :lol::lol::lol::lol: uba adiyak gahala neda hitiye?? na kiyalanan kiyanna epa :yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේක උනේ ගිය මාසෙ... මම උදේ ඔෆිස් ගියාම චෙයාර් එකෙ වාඩිවෙලා වැඩ කරන්න පටන් ගත්ත විතරයි කෙල්ලෙක් ඇහුවා කවුද උදේම ඔයාව කිස් කලේ කියලා, අම්මට හුඩු ශර්ට් එකේ උරහිසේ ලිප්ස් දෙක එහෙම පිටින්ම.. කෙල්ලො ටික ඔක්කොම වටවුනා ඒක බලන්න විලි ලැජ්ජාවෙ බෑ, මම වොශ් රූම් ගිහින් හෝදලා ලිප්ස්ටික් ටික යැව්වා. බස් එකට නගින කොට කවුද වේසියෙක්ගෙ ලිප්ස් දෙක මගෙ පිටේ තියලා..
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක ඇත්තම ඇත්ත එකක්. 2001 වගේ උනෙ. මම ඒ කාලෙ ඩ්‍රින්ක් එකත් එක්ක මල් ගහන්නෙ නෑ. දවසක් බොක්කෙ ෆිට් එකක් ඉතාලි ඉඳං ඇවිල්ල තව යාලුවො දෙන්නෙක් එක්ක ආව මාව එක්ක යන්ඩ පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්ඩ. උන්ගෙ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම ඉතාලි. අරූ තනියම ලංකාවට ඇවිත් තිබ්ඛෙ. කට්ටිය උගෙ ගෙදර සෙට් වෙලා ලීටර් එක හමාරක් විතර හිස් කරල ඉද්දි උගෙ යාලුවෙක් ජොයින්ට් එකක් ඔතල අදින්ඩ ගත්ත.
    මටත් දික් කෙරුවම වෙරි පෝරුවෙ ෂොට් 3ක් 4ක් ඇදල ඇරිය.
    ටිකකින් බඹර චක්කර ඇහේ කැරකෙන්ඩ ගත්ත නිසා අරූට කිව්ව තව පැයකින් විතර නැගිට්ටවහං කියල. මම ගිහිං එතන තිබ්බ පුටුවක ෂේප් එකේ ඇස් පියා ගත්ත විතරයි අරූ ඇවිල්ල මාව හොලෝනව නැගිටින්ඩ කියල.
    මොන හුයන්නක්ද යකෝ ඇහැ පියඋනා විතරයි හැම@#@ හදන්නෙ කියල ඇහුව විතරයි අත නිකං පොලගෙක් කෑව වගේ රිදෙන්ඩ ගත්ත.
    ඇහැ ඇරල බැලුවම අයිය ඇඳේ ඉඳගෙන අම්ම දොර රෙද්ද බාගෙට ඇරගෙන මගෙ දිහා බය වෙලා වගේ බලාගෙන.

    අරුං කාල බීල ඉවරවෙලා පාන්දර 2ට විතර මාව ගෙදරින් දාල ගිහිං. අයිය හිතල තියෙන්නෙ වෙරි වැඩි වෙලා කියල ෂේප් එකේ අම්මට නොදැනෙන්ඩ මලකුන ඇදං ගිහිං ඇඳේ දාල.
    පහුවෙනිද උදේ 9ට විතර ඇහැරෙන්නෙ නැති නිසා අයියයි අම්මයි ඇවිත් ඇහැරවන්ඩ. කුණුහරුප එක දෙක කියවෙද්දි අයිය අත කොනිත්තපු පාර තමා ඇහැරුනෙ.
    කිසි අව්ලක් උනේ නෑ හැබැයි දවස් 2ක් විතර යනකං අම්ම නෝ කතා නෝ සිනා.
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    පෝරිසාදයා;20346092 said:
    මේක උනේ ගිය මාසෙ... මම උදේ ඔෆිස් ගියාම චෙයාර් එකෙ වාඩිවෙලා වැඩ කරන්න පටන් ගත්ත විතරයි කෙල්ලෙක් ඇහුවා කවුද උදේම ඔයාව කිස් කලේ කියලා, අම්මට හුඩු ශර්ට් එකේ උරහිසේ ලිප්ස් දෙක එහෙම පිටින්ම.. කෙල්ලො ටික ඔක්කොම වටවුනා ඒක බලන්න විලි ලැජ්ජාවෙ බෑ, මම වොශ් රූම් ගිහින් හෝදලා ලිප්ස්ටික් ටික යැව්වා. බස් එකට නගින කොට කවුද වේසියෙක්ගෙ ලිප්ස් දෙක මගෙ පිටේ තියලා..

    lol :lol::lol: දැන් office එකෙන් කෑල්ලක් දාල හමාරයි පුතෝ!!
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මේක ඇත්තම ඇත්ත එකක්. 2001 වගේ උනෙ. මම ඒ කාලෙ ඩ්‍රින්ක් එකත් එක්ක මල් ගහන්නෙ නෑ. දවසක් බොක්කෙ ෆිට් එකක් ඉතාලි ඉඳං ඇවිල්ල තව යාලුවො දෙන්නෙක් එක්ක ආව මාව එක්ක යන්ඩ පොඩි ඩ්‍රින්ක් එකකට සෙට් වෙන්ඩ. උන්ගෙ ගෙදර අම්මයි තාත්තයි දෙන්නම ඉතාලි. අරූ තනියම ලංකාවට ඇවිත් තිබ්ඛෙ. කට්ටිය උගෙ ගෙදර සෙට් වෙලා ලීටර් එක හමාරක් විතර හිස් කරල ඉද්දි උගෙ යාලුවෙක් ජොයින්ට් එකක් ඔතල අදින්ඩ ගත්ත.
    මටත් දික් කෙරුවම වෙරි පෝරුවෙ ෂොට් 3ක් 4ක් ඇදල ඇරිය.
    ටිකකින් බඹර චක්කර ඇහේ කැරකෙන්ඩ ගත්ත නිසා අරූට කිව්ව තව පැයකින් විතර නැගිට්ටවහං කියල. මම ගිහිං එතන තිබ්බ පුටුවක ෂේප් එකේ ඇස් පියා ගත්ත විතරයි අරූ ඇවිල්ල මාව හොලෝනව නැගිටින්ඩ කියල.
    මොන හුයන්නක්ද යකෝ ඇහැ පියඋනා විතරයි හැම@#@ හදන්නෙ කියල ඇහුව විතරයි අත නිකං පොලගෙක් කෑව වගේ රිදෙන්ඩ ගත්ත.
    ඇහැ ඇරල බැලුවම අයිය ඇඳේ ඉඳගෙන අම්ම දොර රෙද්ද බාගෙට ඇරගෙන මගෙ දිහා බය වෙලා වගේ බලාගෙන.

    අරුං කාල බීල ඉවරවෙලා පාන්දර 2ට විතර මාව ගෙදරින් දාල ගිහිං. අයිය හිතල තියෙන්නෙ වෙරි වැඩි වෙලා කියල ෂේප් එකේ අම්මට නොදැනෙන්ඩ මලකුන ඇදං ගිහිං ඇඳේ දාල.
    පහුවෙනිද උදේ 9ට විතර ඇහැරෙන්නෙ නැති නිසා අයියයි අම්මයි ඇවිත් ඇහැරවන්ඩ. කුණුහරුප එක දෙක කියවෙද්දි අයිය අත කොනිත්තපු පාර තමා ඇහැරුනෙ.
    කිසි අව්ලක් උනේ නෑ හැබැයි දවස් 2ක් විතර යනකං අම්ම නෝ කතා නෝ සිනා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මේකනන් මට උන මම ඉල්ලන් නොන්ඩි උන සීන් එකක්..
    මගෙ cousin කෙනෙක් පොර බඳින්න ඉන්න කෑල්ලගෙ ගෙදර මාව එක්කන් ගියා,, ගෙදට්ට ගියාම පොරගෙ කෑල්ලයි නැන්දම්මයි මාමන්ඩඉස්සරහට ඇවිල්ල කතා කරකර හිටිය. ඔහොම ඉන්නකොට අරූගෙ කෑල්ල තේ අරන් ආව. මම තේ එකෙ අන්තිම ශොට් එක වෙනකන් කට්ටිය එක්ක කතා කරකර බීල අන්තිම ශොට් එක බොනකොට ඉස්බොල්ලෙ ගියා කියහන්කො.. හෙන අමාරුවෙන් අල්ලන් ඉන්න ට්‍රයි කරා ඒත් බැරිම තැන කැස්ස බුහාහ් ගාල ::(:shocked::no:
    තේත් විසික්උනා ,, මම ශෙප් එකේ සර්වියට් එකෙන් පිහිදගෙන කෝප්පෙත් තිබ්බ. පස්සෙ මට හිතුන ඒක නිකන් සෙම හින්ද ආපු කැස්සක් කියල කට්ටියට පෙන්නන්න. මම ඉතින් සැරෙන් සැරේ බොරුවට නහය පීර පීර කැස්ස. කෑල්ලගෙ අම්ම එක පාරට කින්ඩියට වගේ ඇහුව පුතාට කැස්ස හැදුනද කියල,, අරූටත් නෝන්ඩී මම දාපු ගොන් පාට් එකට.. ඒමදිවට අරුත් එක්ක එනගමනුත් මම සැරෙන් සැරේ බොරුවට කැස්ස. අරූ ඇහුව හෙබිරිස්සාවද කියල. මාත් ඉතින් ගත් කටටම කිව්ව ඔව් අයිය හෙන අමාරුයි කියල. අරුත් ශෙප් එකෙ ඇඟට පතට නොදැනි කියනව 'එනකොටනන් තිබුන්නෑ නෙද කියල' .. පස්සෙ හිතුන එහෙම ගොන් පාට් දාන්නැතුව ශෙප් එකෙ හිටියනන් ඔය මුකුත් නෑනෙ කියල :lol::lol: