චාරිකා - අව්‍යාජත්වයෙන් ඈත් වෙන සින්දර මී මුරේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    38,363
    191,842
    113
    Colombo, Sri Lanka
    අව්‍යාජත්වයෙන් ඈත් වෙන සුන්දර මී මුරේ

    A9T83f8.jpg




    මීමුරේ ගම එකල සාමාන්‍ය සමාජයෙන් වෙන් වූ වෙනමම කලාපයක් මෙන් විය. විදුලිය රහිත වූ ඒ ගමට මුලින්ම විදුලිය ඇතුල් විය. ඉන් පසු මාර්ග ඇති විය. එක එනම් මීට දස වසකට පෙර මීමුරේ නම් ගමක් විය. එහිදී ඒ ගම අනෙක් සමාජයට වඩා විශාල වෙනස් කම් රැසක් තිබූ කදිම ගම්මානයකි. එහෙත් අද තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වී තිබේ. කුමන වෙනස් කමක් ගම ආසන්නයේ වුවද අවට ඇති දුම්බර කදුවැටිය හෝ ඒ කැළෑබද පරිසරයේ සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ඉතිරි වී තිබේ. එහෙත් මීට දසවසකට පෙර මිමුරේ ගිය ඇත්තන්ට අද මීමුරේ යනු කොළඹටත් වඩා වාණිජකරණය වී ඇති සංචාරක වටපිටාවකි.

    soIVa2A.jpg




    මීමුරේ ඇති වූ සංචාරක මාදිලිය​

    සංචාරක කලාපයක් ඇති වීම විවිධ ආකාරයට සිදු වේ. කුමක් හෝ විශාල සමාගමකින් හෝටලයක් ඇති වීම සමග ඒ හෝටලය ආශ්‍රිතව සංචාරකයින් ඇදී එන්නට පටන් ගනියි. ඉන් පසුව එම ප්‍රදේශය සංචාරකයින් අතර ජනප්‍රියත්වයට පත් වේ. එහෙත් මීමුරේ සිදු වූයේ එවැනි මහා පරිමාණ වූ සංචාරක ක්‍රියාදාමයක් නොවේ. එය කෑම්පින් සහ ඇඩ්වෙන්චර අත්දැකිම් හා සම්බන්ධ වූ ක්‍රියාදාම චාරිකාවක් විය. එනම් නගරයේ වැඩකරන වෙහෙස මහන්සි වන ජනයාට විවේක ගැනීමට ලාබ මාදිලියක් මීමුරේ කෑම්පින් විසින් ඇතිකරන ලදී. එය වගකිම අඩු ක්‍රමයකි. සරලවම රෑ කෑමට කන්න දෙන්නට දෙයක් නැතුව පාන් සහ පොල්සම්බෝල සංචාරකයින්ට දුන්නද එයද අලුත් ඇඩ්වෙන්චර අත්දැකිමකි. නිදාගන්නට පැදුරක් වත් නැතුව බිමම සිටින්නට සිදු වුවද එය මාකට් කරන්නේද අලුත්ම ඇඩ්වෙන්චර අත්දැකීමක් ලෙසය.


    cW6tzxu.jpg

    Source – srilankatourhub.com

    එය කෑම්පින් විය. එම කෑම්පින් වල ඇලේ දොලේ නෑම. කෑම්ප් ගැසීම. ගිනිමැල ගැසීම, කදු තරණය කිරීම, ඇල දොල වලින් පැනීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඇතුලත් විය. ඒවාට අදාල මිලක්ද නියම විය. මෙය සංචාරක හෝටලයක් මෙන් යම්කිසි විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කර තනාගත් විශේෂ ව්‍යාපාරික අවකාශයක් නොවීය. එසේම එම සංචාරක ක්‍රමවේදය තුල අලුත් අයෙකුට එයට ඇතුලුවීමට විශේෂ හැකියාවක් හෝ කුසලතාවයක් ද අවශ්‍ය නොවීය. එන්ම සරලවම ටික කලක් යනවිට පුද්ගලයෙකුගෙන් රුපියල් තුන්හාරදාහේ සිට හත් අට දහස දක්වා ගරාගන්නා මේ අලුත් කූඩාරම් සංචාරක සෙල්ලම ගැමියන්ටද පහසුවෙන්ම කළ හැකි කාර්යයක් විය. ගැමියන්ගෙන්ම අසාදැනගත් විස්තර කතා ආදිය කෑම්පින් ඔස්තාද් ලා විසින් තලුමරමින් රස කරමින් පැමිණෙන සංචාරකයින්ට කියනු බලා සිටි ගැමියන්ට එය ඔවුන්ටම කළ හැකි දෙයක් යැයි හැඟෙන්නට විය. ඉතිං ඒ පහසු ක්‍රියාවට ඔවුන් යොමු විය. ගැමියන්ද සංචාරකයින්ට සේවා සපයන්නට ඇදෙන්නට විය.


    FJrPyFb.jpg


    කුඩා සිල්ලර කඩ වැනි කුඩා ආයෝජනයකින් පටන් ගත හැකි කුඩා ව්‍යාපාර අවස්ථාවල දැකිය හැකි පොදු ලක්ෂණය වන හැමෝම බිස්නස් එකට බැසීම මෙහිදීද සිදු විය. මුලින්ම ගමට ගිය ඔස්තාද්ලාගේ ගෝලයෝ, අතවැසි කමට ගිය අය ආදීන්ද ඉන් පසු වෙනම කන්ඩායම් ගෙන මීමුරේ යන්ට විය. එතැන තරගයකි. එය උසස් මට්ටමේ ව්‍යාපාරික තරගයක් නොවේ. ඇතැම්විට කණ්ඩායම් – කණ්ඩායම් අතර තරගයකි ගුටි කෙලියකි පොලිස්සිය එන වැඩකි. තවත් විටෙක සංචාරක මෙහෙයවන අය සහ ගමේ අය අතර ගැටුම් ය. මෙවැනි ගැටුම්ද කිහිපයක්ම මීමුරේ ආශ්‍රිතව ඇති විය.


    eCrXC78.jpg




    එදා මිමුරේ​

    කැලේ යන්නට කදු නගින්නට අමුතු කැසිල්ලක් තිබෙන විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිස් මීට වසර 7-8කට පෙර මීමුරේ ගියෝය. එවිට එහි වූයේ අදට වඩා වෙනස් අත්දැකීමකි. එදා මීමුරේට ලඟා වන්නට තිබුනේ කුඩා වෑන් රියකි. එම වෑන්රිය කිලෝමීටර 40ක පමණ දුර සෙමෙන් ගෙවා යන්නේ කැඩී තිබූ පාරේ තිබූ වලවල් හේතුවෙනි. එම වෑන් රිය ගමනේ පැය දෙක තුනට එක් තැනක තේ බොන්නද වෑන් රිය නැවැත්වීය. ගැමියාට මහා කලබලයක් නොවීය. ඔහු කඩෙන් පොල් රොටියක් කා හෙමිහිට තේ වතුර එකක්ද බී නැවත ගමන ආරම්භ කළේය.

    FqlprfA.jpg

    එකල ගමට ගිය පැරණි වෑන්රිය – Source – Amila Chathuranga


    සූරිය අරණ සමග ජනප්‍රිය වූ මිමුරේ සංචාරක ඇඩ්වෙන්චර කෑම්ප් කරුවන්ද එහි පැමිණෙන තෙක් හුදකලාව නිසලව පැවතුනි. එකල ගමේ වූයේ එක් කඩයකි. ඒ ආසන්න නිවසකින් අවැසි නම් බතක් එලෝලුවක් හදාගත හැකිවිය. ගිය ඇතැමෙක් නැවතුනේ පංසලේය. සාමාන්‍ය සමාජයෙන් බොහෝ දුර හෙයින් අරක්කු ආදී මත් පැන් මෙන්ම මස් මාලු ආදිය ආහාරයට ගැනීමක් එකල නොවීය. සොබාව සෞන්දර්යයට ලැදි පිරිසක් එකල මීමුරේ ගම විය. අද තත්වය සෑහෙන දුරට වෙනස් වී තිබේ.

    pUywDep.jpg


    ආර්ථික ශක්තිය අතින් ගත්තේ වුවද එදා තමුන්ම අපහසුවෙන් රැකබලාගත් ගහ කොළ මත හැදෙන බෝග ජාති අලෙවි කරමින් මීමුරේ ජනයා කල් ගෙවීය. ගම්මිරිස් ආදී සුළු අපනයන බෝගද ගමේ ආර්ථිකයට ශක්තියක් විය. දස වසකට එපිට ගමට පිටින් කවුරු හෝ පැමිණයෙහාත් ගම ජනයා ඒ කවුද කින්ද මන්ද ලෙස සොයා බැලූ මුත් ඔවුන්ට පැකේජ් අලෙවි කරන්නට හෝ වෙනත් දේට ගම්වැසියා දායක වූයේ නැත. එකල ගම තුල පැරණී ක්‍රමයට වී වගාකල කුඹුරු සැබැවින්ම බාහිර ලෝකෙයෙන් හුදකලා වූ ගමක් ආදිය දැකගන්නට පිටින් යන පිරිසට හැකියාව ලැබුණි.

    yzISa2e.jpg



    අද මීමුරේ​

    අද වනවිට දේශීය සංචාරකයින් වැඩිවීම හේතුකොටගෙන ගමේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මීමුරේ කුඩා ගමකි. මහා මුහදු වෙරළක හෝ පිට්ටනියක මෙන් මෙහි කුඩාරම් ගොඩක් ගසාගෙන සිටීමට අවකාශ නැත. එම පිරිස ඉන් පසු කුඹුරු වල කූඩාරම් ගහන්නට පටන් ගෙන ඇත.

    MyyNqNT.jpg


    ගොවිතැනින් දිවි ගෙවන ජනයා ඇගපත ටිකක් සොදාග්නනට නා කියා ගන්නට පැමිණෙන්නේ ගමේ දොල පහර වෙතයි. එහෙත් පැමිනෙන සංචාරකයින් විසින් දැන් දොල පහර ආක්‍රමණය කොට ඇත. වැසිය යුතු තැන් වසාගෙන සංවරව නාන ගැමියාට වඩා පොෂ් වෙන්නට දගලන දේශීය සංචාරකයා වෙනස්ය. ඔවුන් විදෙස් වල මෙන් නාන ඇඳුම් ඇගලාගෙන ගැමියාට සිය දරුවන් රැගෙන නාන්නට යන්නට බැරි තරමට ඒ දොල පහර අසබඩ බීගෙන කලහ කරති.


    5rgsxFl.jpg



    ඇතැම් තැනක මස් පුලුස්සන තැන්ය. එගම වැසියන්ද මස් මාංශ වලින් සම්පූර්ණයෙන් මිදුනු යෝගින් පිිරිසක් නොවූවද එලිපහලියෙ මස් පුළුස්සා ඒවා අරක්කු මත්පැන් සමගින් බඩට දා ගැනීම ගැමි සිරිත නොවේ. පසුගිය කාලයෙ සංචාරකයින් වැඩි කාලවල බාබකිව් යන්ත්‍ර කිහිපයකින්ම මස් පිලිස්සි කිහිප තැනකම එතනෝල් පානය කරන්නෝ විය. ලංකාවේ එතනෝල් පානය කළවුන් ඉන් පසු හැසිරෙන අයුරු නැවත විස්තර කිරිමට අවශ්‍ය නැත. කලුවර වැටුණු ගමන් නින්දට යෑමට හුරුවුණු ගැමියාට කඨෝර සංගීත ඛණ්ඩ සහිත බීගත් උන්ගේ සංගීත සාජ්ජ මහ රෑ වනතෙක් අසා සිටින්නට සිදු විය.


    1IgTp6L.jpg


    ඇතැම් කණ්ඩායම් වල ගැහැණු ළමුන් පැමිණ ඔවුන්ට අතවර සිදුවන්නට ගිය අවස්ථාද වාර්තා විය. එවැනි සිදුවීම් නාගරික සංචාරක නඩවලට කිසිම හිරිකිතයක් නැති සාමාන්‍ය දේවල් වන්නට හැකි වුවද ගැමියාට සහ ගමට ආගන්තුක දේවල්ය.



    X0IUtf7.jpg


    විශාලම උවදුර නම් ගමේ ජනයාට සිදු වූ උවදුරය. පාසැලේ ගුරුවරු පවසන ආකාරයට දැන් එම පාසැලේ දරුවන් පාසල් යෑම පමා ප්‍රතික්ෂේප කොට පැමිණෙන සංචාරකයින්ට සේවා සපයා කීයක් හෝ හොයාගන්නට පෙළඹී තිබේ. ගැමියන්ද හැකි සෑම දෙයක්ම විකුණා සංචාරකයින්ගෙන් මුදලක් ගැනිමට සිතයි. කඩමංඩියට දුර බැවින් අරක්කු බෝතලයක් මස් ටිකක් ගෙනත් දීමත් පාසැල් යන දරුවන්ට මුදල් සෙවිය හැකි මගකි.

    k7lOY3L.jpg

    Source – aroundguides.com



    වෙනස දිරවීම​

    මෙම සංචාරකයින්ට මැජික් පෙන්වීම ඔවුන් දියේ ගිල්වීම, ඉහල සිට ජලයට පැන්නවීම, ලකේගල නැග්ගවීම ආදි දේ ට සංචාරකයින් ගෙන් මුදලක් අය කරනු ලැබේ. එහෙත් ඒවා කරන්නේ සුදුසුකම් ලත් අයද? ඒ සදහා උපකරණ තිබේද? ආරක්ෂක විදි තිබේද? යන්න සොයාබලන්නට කිසිවෙක් නැත. එසේම අන්තර්ජාලයේ ඊමේල් හරහා හුවමාරු වන ආකර්ෂණී‍ය දැන්වීමක් දැක ආසාවට මීමුරේ පැමිණීයද යම් කුඩා හෝ සෞඛ්‍ය ගැටළුවකට මුහුන පෑවොත් දොස්තර මහතකු බැහැදකින්නට කඳුකර මගේ පැය දෙක තුනකට වඩා ගමනක් ගමන් කළ යුතුවේ.

    7691moB.jpg
    8g38OlJ.jpg


    මීමුරේ යනු දැන් තවදුරටත් ගැමි සිරිය විහිදෙන ගැමියන් ගේ දිවි රටාව දැකිය හැකි ස්ථානයක් නොවේ. එය සංචාරක නඩ ගෙනයන්නන් විසින් බොහෝ සෙයින් විකෘති කරනු ලැබූ පිටිසර පළාතකි. දැන් දැන් වෙනත් ගම් කරාද මෙම සංචාරක කෑම්පින් නඩ කාක්කන් ඇස ගසනු පෙනේ. පරිසරයට හිංසා ගෙන දෙන ගැම දිවිය කනපිට හරවන මෙම කෑම්පින් නඩ කලාවෙන් ලැබෙන විනෝදය ගැන සිතනවාක් මෙන්ම ඒ අවට සමාජයට ගැමි පරිසරයට සිදුවන හානිය ගැනත් මදක් අවධානය යොමුකළ යුතුව තිබේ.




    Source
    Lifie
    Image Source – picture.lk
    Pic from internet.
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    6,839
    12,165
    113
    මීමුරේ යනු දැන් තවදුරටත් ගැමි සිරිය විහිදෙන ගැමියන් ගේ දිවි රටාව දැකිය හැකි ස්ථානයක් නොවේ.

    ඔව් ඉතින් ඒක තමයි වෙන්න ඕන. හැමදාම දුශ්කර විදියට තිබිලා හරියන්නේ නෑනෙ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    1,130
    1,741
    113
    සංසාරය
    මං කල්පනා කරේ ඔය කියන අව්‍යාජ්‍යත්වයෙ නෛසර්ගික වටිනකමක් තියෙනවද කියල. මට හැම නිතරම හිතෙනව ඕව අපි අපේ හිතේ තියන හිස් අහුමුළු පුරවන්න හදාගත්තු රොමාන්තික මනස්ගාත කියල 🤷🏻
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    2,783
    3,616
    113
    ඒ මිනිස්සු හැමදාම කට්ට කාගන පහසුකම් නැතිව ඉන්න එක වෙන්න ඇති මේක ලියපු බුවාට ඔ්න. ප්‍රශ්න තියනවා නං ඒව විසඳන ක්‍රම තියනවානෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,153
    77,589
    113
    ආශ්චර්යමත් රටක
    මේ කියන විදියට ලැට් එකක් වෙන්න කලින් අපි ගියා. මතක විදියට 2011 නැත්තං 2012. ඔය පරණ වෑන් එකේ ගියෙත්. නියම ඇඩ්වෙන්චර් අත්දැකීමක් ගත්තා. හැබැයි ඉතින් කැලේ ඇතුළ බලන්න යන්න උනේ නෑ. ඒකට දවසක යන්න හිතෙනවා. 😍
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,099
    113
    අව්‍යාජත්වයෙන් ඈත් වෙන සින්දර මී මුරේ

    A9T83f8.jpg




    මීමුරේ ගම එකල සාමාන්‍ය සමාජයෙන් වෙන් වූ වෙනමම කලාපයක් මෙන් විය. විදුලිය රහිත වූ ඒ ගමට මුලින්ම විදුලිය ඇතුල් විය. ඉන් පසු මාර්ග ඇති විය. එක එනම් මීට දස වසකට පෙර මීමුරේ නම් ගමක් විය. එහිදී ඒ ගම අනෙක් සමාජයට වඩා විශාල වෙනස් කම් රැසක් තිබූ කදිම ගම්මානයකි. එහෙත් අද තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වී තිබේ. කුමන වෙනස් කමක් ගම ආසන්නයේ වුවද අවට ඇති දුම්බර කදුවැටිය හෝ ඒ කැළෑබද පරිසරයේ සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් ඉතිරි වී තිබේ. එහෙත් මීට දසවසකට පෙර මිමුරේ ගිය ඇත්තන්ට අද මීමුරේ යනු කොළඹටත් වඩා වාණිජකරණය වී ඇති සංචාරක වටපිටාවකි.

    soIVa2A.jpg




    මීමුරේ ඇති වූ සංචාරක මාදිලිය​

    සංචාරක කලාපයක් ඇති වීම විවිධ ආකාරයට සිදු වේ. කුමක් හෝ විශාල සමාගමකින් හෝටලයක් ඇති වීම සමග ඒ හෝටලය ආශ්‍රිතව සංචාරකයින් ඇදී එන්නට පටන් ගනියි. ඉන් පසුව එම ප්‍රදේශය සංචාරකයින් අතර ජනප්‍රියත්වයට පත් වේ. එහෙත් මීමුරේ සිදු වූයේ එවැනි මහා පරිමාණ වූ සංචාරක ක්‍රියාදාමයක් නොවේ. එය කෑම්පින් සහ ඇඩ්වෙන්චර අත්දැකිම් හා සම්බන්ධ වූ ක්‍රියාදාම චාරිකාවක් විය. එනම් නගරයේ වැඩකරන වෙහෙස මහන්සි වන ජනයාට විවේක ගැනීමට ලාබ මාදිලියක් මීමුරේ කෑම්පින් විසින් ඇතිකරන ලදී. එය වගකිම අඩු ක්‍රමයකි. සරලවම රෑ කෑමට කන්න දෙන්නට දෙයක් නැතුව පාන් සහ පොල්සම්බෝල සංචාරකයින්ට දුන්නද එයද අලුත් ඇඩ්වෙන්චර අත්දැකිමකි. නිදාගන්නට පැදුරක් වත් නැතුව බිමම සිටින්නට සිදු වුවද එය මාකට් කරන්නේද අලුත්ම ඇඩ්වෙන්චර අත්දැකීමක් ලෙසය.


    cW6tzxu.jpg

    Source – srilankatourhub.com

    එය කෑම්පින් විය. එම කෑම්පින් වල ඇලේ දොලේ නෑම. කෑම්ප් ගැසීම. ගිනිමැල ගැසීම, කදු තරණය කිරීම, ඇල දොල වලින් පැනීම ආදී විවිධ ක්‍රියාකාරකම් ඇතුලත් විය. ඒවාට අදාල මිලක්ද නියම විය. මෙය සංචාරක හෝටලයක් මෙන් යම්කිසි විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කර තනාගත් විශේෂ ව්‍යාපාරික අවකාශයක් නොවීය. එසේම එම සංචාරක ක්‍රමවේදය තුල අලුත් අයෙකුට එයට ඇතුලුවීමට විශේෂ හැකියාවක් හෝ කුසලතාවයක් ද අවශ්‍ය නොවීය. එන්ම සරලවම ටික කලක් යනවිට පුද්ගලයෙකුගෙන් රුපියල් තුන්හාරදාහේ සිට හත් අට දහස දක්වා ගරාගන්නා මේ අලුත් කූඩාරම් සංචාරක සෙල්ලම ගැමියන්ටද පහසුවෙන්ම කළ හැකි කාර්යයක් විය. ගැමියන්ගෙන්ම අසාදැනගත් විස්තර කතා ආදිය කෑම්පින් ඔස්තාද් ලා විසින් තලුමරමින් රස කරමින් පැමිණෙන සංචාරකයින්ට කියනු බලා සිටි ගැමියන්ට එය ඔවුන්ටම කළ හැකි දෙයක් යැයි හැඟෙන්නට විය. ඉතිං ඒ පහසු ක්‍රියාවට ඔවුන් යොමු විය. ගැමියන්ද සංචාරකයින්ට සේවා සපයන්නට ඇදෙන්නට විය.


    FJrPyFb.jpg


    කුඩා සිල්ලර කඩ වැනි කුඩා ආයෝජනයකින් පටන් ගත හැකි කුඩා ව්‍යාපාර අවස්ථාවල දැකිය හැකි පොදු ලක්ෂණය වන හැමෝම බිස්නස් එකට බැසීම මෙහිදීද සිදු විය. මුලින්ම ගමට ගිය ඔස්තාද්ලාගේ ගෝලයෝ, අතවැසි කමට ගිය අය ආදීන්ද ඉන් පසු වෙනම කන්ඩායම් ගෙන මීමුරේ යන්ට විය. එතැන තරගයකි. එය උසස් මට්ටමේ ව්‍යාපාරික තරගයක් නොවේ. ඇතැම්විට කණ්ඩායම් – කණ්ඩායම් අතර තරගයකි ගුටි කෙලියකි පොලිස්සිය එන වැඩකි. තවත් විටෙක සංචාරක මෙහෙයවන අය සහ ගමේ අය අතර ගැටුම් ය. මෙවැනි ගැටුම්ද කිහිපයක්ම මීමුරේ ආශ්‍රිතව ඇති විය.


    eCrXC78.jpg




    එදා මිමුරේ​

    කැලේ යන්නට කදු නගින්නට අමුතු කැසිල්ලක් තිබෙන විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිස් මීට වසර 7-8කට පෙර මීමුරේ ගියෝය. එවිට එහි වූයේ අදට වඩා වෙනස් අත්දැකීමකි. එදා මීමුරේට ලඟා වන්නට තිබුනේ කුඩා වෑන් රියකි. එම වෑන්රිය කිලෝමීටර 40ක පමණ දුර සෙමෙන් ගෙවා යන්නේ කැඩී තිබූ පාරේ තිබූ වලවල් හේතුවෙනි. එම වෑන් රිය ගමනේ පැය දෙක තුනට එක් තැනක තේ බොන්නද වෑන් රිය නැවැත්වීය. ගැමියාට මහා කලබලයක් නොවීය. ඔහු කඩෙන් පොල් රොටියක් කා හෙමිහිට තේ වතුර එකක්ද බී නැවත ගමන ආරම්භ කළේය.

    FqlprfA.jpg

    එකල ගමට ගිය පැරණි වෑන්රිය – Source – Amila Chathuranga


    සූරිය අරණ සමග ජනප්‍රිය වූ මිමුරේ සංචාරක ඇඩ්වෙන්චර කෑම්ප් කරුවන්ද එහි පැමිණෙන තෙක් හුදකලාව නිසලව පැවතුනි. එකල ගමේ වූයේ එක් කඩයකි. ඒ ආසන්න නිවසකින් අවැසි නම් බතක් එලෝලුවක් හදාගත හැකිවිය. ගිය ඇතැමෙක් නැවතුනේ පංසලේය. සාමාන්‍ය සමාජයෙන් බොහෝ දුර හෙයින් අරක්කු ආදී මත් පැන් මෙන්ම මස් මාලු ආදිය ආහාරයට ගැනීමක් එකල නොවීය. සොබාව සෞන්දර්යයට ලැදි පිරිසක් එකල මීමුරේ ගම විය. අද තත්වය සෑහෙන දුරට වෙනස් වී තිබේ.

    pUywDep.jpg


    ආර්ථික ශක්තිය අතින් ගත්තේ වුවද එදා තමුන්ම අපහසුවෙන් රැකබලාගත් ගහ කොළ මත හැදෙන බෝග ජාති අලෙවි කරමින් මීමුරේ ජනයා කල් ගෙවීය. ගම්මිරිස් ආදී සුළු අපනයන බෝගද ගමේ ආර්ථිකයට ශක්තියක් විය. දස වසකට එපිට ගමට පිටින් කවුරු හෝ පැමිණයෙහාත් ගම ජනයා ඒ කවුද කින්ද මන්ද ලෙස සොයා බැලූ මුත් ඔවුන්ට පැකේජ් අලෙවි කරන්නට හෝ වෙනත් දේට ගම්වැසියා දායක වූයේ නැත. එකල ගම තුල පැරණී ක්‍රමයට වී වගාකල කුඹුරු සැබැවින්ම බාහිර ලෝකෙයෙන් හුදකලා වූ ගමක් ආදිය දැකගන්නට පිටින් යන පිරිසට හැකියාව ලැබුණි.

    yzISa2e.jpg



    අද මීමුරේ​

    අද වනවිට දේශීය සංචාරකයින් වැඩිවීම හේතුකොටගෙන ගමේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මීමුරේ කුඩා ගමකි. මහා මුහදු වෙරළක හෝ පිට්ටනියක මෙන් මෙහි කුඩාරම් ගොඩක් ගසාගෙන සිටීමට අවකාශ නැත. එම පිරිස ඉන් පසු කුඹුරු වල කූඩාරම් ගහන්නට පටන් ගෙන ඇත.

    MyyNqNT.jpg


    ගොවිතැනින් දිවි ගෙවන ජනයා ඇගපත ටිකක් සොදාග්නනට නා කියා ගන්නට පැමිණෙන්නේ ගමේ දොල පහර වෙතයි. එහෙත් පැමිනෙන සංචාරකයින් විසින් දැන් දොල පහර ආක්‍රමණය කොට ඇත. වැසිය යුතු තැන් වසාගෙන සංවරව නාන ගැමියාට වඩා පොෂ් වෙන්නට දගලන දේශීය සංචාරකයා වෙනස්ය. ඔවුන් විදෙස් වල මෙන් නාන ඇඳුම් ඇගලාගෙන ගැමියාට සිය දරුවන් රැගෙන නාන්නට යන්නට බැරි තරමට ඒ දොල පහර අසබඩ බීගෙන කලහ කරති.


    5rgsxFl.jpg



    ඇතැම් තැනක මස් පුලුස්සන තැන්ය. එගම වැසියන්ද මස් මාංශ වලින් සම්පූර්ණයෙන් මිදුනු යෝගින් පිිරිසක් නොවූවද එලිපහලියෙ මස් පුළුස්සා ඒවා අරක්කු මත්පැන් සමගින් බඩට දා ගැනීම ගැමි සිරිත නොවේ. පසුගිය කාලයෙ සංචාරකයින් වැඩි කාලවල බාබකිව් යන්ත්‍ර කිහිපයකින්ම මස් පිලිස්සි කිහිප තැනකම එතනෝල් පානය කරන්නෝ විය. ලංකාවේ එතනෝල් පානය කළවුන් ඉන් පසු හැසිරෙන අයුරු නැවත විස්තර කිරිමට අවශ්‍ය නැත. කලුවර වැටුණු ගමන් නින්දට යෑමට හුරුවුණු ගැමියාට කඨෝර සංගීත ඛණ්ඩ සහිත බීගත් උන්ගේ සංගීත සාජ්ජ මහ රෑ වනතෙක් අසා සිටින්නට සිදු විය.


    1IgTp6L.jpg


    ඇතැම් කණ්ඩායම් වල ගැහැණු ළමුන් පැමිණ ඔවුන්ට අතවර සිදුවන්නට ගිය අවස්ථාද වාර්තා විය. එවැනි සිදුවීම් නාගරික සංචාරක නඩවලට කිසිම හිරිකිතයක් නැති සාමාන්‍ය දේවල් වන්නට හැකි වුවද ගැමියාට සහ ගමට ආගන්තුක දේවල්ය.



    X0IUtf7.jpg


    විශාලම උවදුර නම් ගමේ ජනයාට සිදු වූ උවදුරය. පාසැලේ ගුරුවරු පවසන ආකාරයට දැන් එම පාසැලේ දරුවන් පාසල් යෑම පමා ප්‍රතික්ෂේප කොට පැමිණෙන සංචාරකයින්ට සේවා සපයා කීයක් හෝ හොයාගන්නට පෙළඹී තිබේ. ගැමියන්ද හැකි සෑම දෙයක්ම විකුණා සංචාරකයින්ගෙන් මුදලක් ගැනිමට සිතයි. කඩමංඩියට දුර බැවින් අරක්කු බෝතලයක් මස් ටිකක් ගෙනත් දීමත් පාසැල් යන දරුවන්ට මුදල් සෙවිය හැකි මගකි.

    k7lOY3L.jpg

    Source – aroundguides.com



    වෙනස දිරවීම​

    මෙම සංචාරකයින්ට මැජික් පෙන්වීම ඔවුන් දියේ ගිල්වීම, ඉහල සිට ජලයට පැන්නවීම, ලකේගල නැග්ගවීම ආදි දේ ට සංචාරකයින් ගෙන් මුදලක් අය කරනු ලැබේ. එහෙත් ඒවා කරන්නේ සුදුසුකම් ලත් අයද? ඒ සදහා උපකරණ තිබේද? ආරක්ෂක විදි තිබේද? යන්න සොයාබලන්නට කිසිවෙක් නැත. එසේම අන්තර්ජාලයේ ඊමේල් හරහා හුවමාරු වන ආකර්ෂණී‍ය දැන්වීමක් දැක ආසාවට මීමුරේ පැමිණීයද යම් කුඩා හෝ සෞඛ්‍ය ගැටළුවකට මුහුන පෑවොත් දොස්තර මහතකු බැහැදකින්නට කඳුකර මගේ පැය දෙක තුනකට වඩා ගමනක් ගමන් කළ යුතුවේ.

    7691moB.jpg
    8g38OlJ.jpg


    මීමුරේ යනු දැන් තවදුරටත් ගැමි සිරිය විහිදෙන ගැමියන් ගේ දිවි රටාව දැකිය හැකි ස්ථානයක් නොවේ. එය සංචාරක නඩ ගෙනයන්නන් විසින් බොහෝ සෙයින් විකෘති කරනු ලැබූ පිටිසර පළාතකි. දැන් දැන් වෙනත් ගම් කරාද මෙම සංචාරක කෑම්පින් නඩ කාක්කන් ඇස ගසනු පෙනේ. පරිසරයට හිංසා ගෙන දෙන ගැම දිවිය කනපිට හරවන මෙම කෑම්පින් නඩ කලාවෙන් ලැබෙන විනෝදය ගැන සිතනවාක් මෙන්ම ඒ අවට සමාජයට ගැමි පරිසරයට සිදුවන හානිය ගැනත් මදක් අවධානය යොමුකළ යුතුව තිබේ.




    Source
    Lifie
    Image Source – picture.lk
    Pic from internet.
    Me ariticle eka liyapu ekage mulu angema thiyenne irisiyawa.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,021
    922
    113
    කැලේ යන්නට කදු නගින්නට අමුතු කැසිල්ලක් තිබෙන විශ්ව විද්‍යාල සිසුන් වැනි තරුණ පිරිස් මීට වසර 7-8කට පෙර මීමුරේ ගියෝය. එවිට එහි වූයේ අදට වඩා වෙනස් අත්දැකීමකි. එදා මීමුරේට ලඟා වන්නට තිබුනේ කුඩා වෑන් රියකි. එම වෑන්රිය කිලෝමීටර 40ක පමණ දුර සෙමෙන් ගෙවා යන්නේ කැඩී තිබූ පාරේ තිබූ වලවල් හේතුවෙනි. එම වෑන් රිය ගමනේ පැය දෙක තුනට එක් තැනක තේ බොන්නද වෑන් රිය නැවැත්වීය. ගැමියාට මහා කලබලයක් නොවීය. ඔහු කඩෙන් පොල් රොටියක් කා හෙමිහිට තේ වතුර එකක්ද බී නැවත ගමන ආරම්භ කළේය.

    FqlprfA.jpg
    මේ isuzu වෑන් එකේ මමත් ගිහින් තියෙනවා 2015 වගේ :D