චාවේස් තවත් CIA ඝාතනයක් ?

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
චාවේස් තවත් CIA ඝාතනයක් ?

වෙනිසියුලා ජනාධිපතිවරයා මිය යාමට පෙර තමන්ට හා අනෙකුත් ලතින් ඇමරිකානු නායකයන්ට ඇමරිකානු රජය විසින් පිලිකා ඇතිකර ඇතැයි සැක කරමින් සිටියේය. වසරකට පෙර චාවේස් කියා සිටියේ ලතින් ඇමරිකානු නායකයන් රැසකටම පිලිකා වැලඳීම ඉතා පුදුම සහගත අමුතු දෙයක් බවයි.

නමුත් CIA විසින් චාවේස් ඝාතනය කලේ යයි 100% ක් ම පැවසිය නොහැක. එය ඇමරිකානු බැංකුකරුවන් වෙනුවෙන් ක‍්‍රියාත්මක ඝාතකයන් විසින් සිදු කලා විය හැකිය. නමුත් කොයි අතින් බැලූවත් ඇමරිකාව මීට ගෑවී ඇති බවට සැක මතුවෙයි. උදාහරණයක් ලෙස කියුබානු ජනපති ෆිඩෙල් කස්ත්‍රෝ ඝාතනයට යොදාගන්නා ලද උපක‍්‍රම දැක්විය හැකිය.

ජෝන් පර්කින්ස් ගේ ‘කන්ෆෙෂන්ස් ඔෆ් ඇන් ඉකොනොමික් හිට් මෑන්‘ කෘතියේ ඇමරිකානු බැංකුකරුවන් විසින් ඝාතකයන් යොදා ගැනීම පිලිබඳ හෙලිකර ඇත. පර්කින්ස් ගේ කාර්යභාරය වී තිබුණේ විවිධ රටවල නායකයන් හමුවී ඔවුන් ණය ගැනීමට පොලඹවා ඇමරිකාවේ වහල් භාවයට පත් කිරීමයි. රටවල් බංකොලොත් වූ විට බැංකුකරුවන් ඒවායේ ස්වභාවික සම්පත් අල්ලා ගෙන රජයේ හා ආර්ථිකයේ පාලනය අතට ගනී. CIA සම්බන්ධ ඝාතකයන් තම ඝාතන කටයුතු සඳහා පිලිකා වෛරස යොදා ගන්නා බවට සාක්ෂි ඇත.

ඇමරිකානු රජයේ බැංකුකරුවන් ගේ රූකඩයක් නොවූ චාවේස් මරා දැමිමට දිගින් දිගටම උත්සාහ ගෙන ඇත. ලතින් ඇමරිකානු නායනයන්ට එරෙහි ඝාතන උත්සාහයන් දහස් ගණනක් අතරින් 600 ක්ම කස්ත්‍රෝට එරෙහි ඒවාය. 1960 ගණන්වල සිට පිලිකා වෛරස වලින් මිනිසුන් මරා දැමීම ගැන ඇමරිකාව පර්යේෂණ පවත්වයි. හියුගෝ චාවේස් ගේ මරණය ස්වභාවික එකක් බව මෙවැනි හේතු නිසා පිලිගත නොහැක.

මුලාශ්‍ර
http://www.presstv.ir/detail/2013/03/06/292131/was-hugo-chavez-murdered-by-the-cia/
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    Chavez kiyanne supiri porak. ohoma maranawa nam maranna oni Iran & middle east unwa.

    Chavez, Castro etc.. Real leaders