ස්පෙසලිස්ට් කෙනෙක් චැනල් කරලා යන්න ඕන. මටයි වයිෆ්ටයි දෙන්නටම ලෙඩේ තියෙනවා. ඩොක්ට ලංකාවේ සුප්රසිද්දම කෙනෙක්. කලින් වතාවේ මට හැදුනම මන් ගිහින් පෙන්නුවේ. සතියකින් වගේ වයිෆ්ටත් තියෙනවා කියල තේරුණාම එයාවත් ආයේ දවසක් චැනල් කරලා එක්ක ගිය. කලින් දවසේ මට දුන්න බෙහෙත් වලට සතියක් වෙලත් ලොකු අඩුවක් තිබ්බේ නැහැ. ඒ නිසා මන් එක පෙන්නලා කිව්වම ඩොකා ලොකු සින් එකක් වගේ දැම්ම. එපොයින්ට්මන්ට් එකට මන් පෙන්නන්න හදන එක අවුල් වගේ මට හිතුනේ. දෙන්නටම සති 6කින් එන්න කිව්වේ. දැන් නම් ගොඩක් දුරට හොදයි. හැබැයි ආයේ යන්න ඕන. දෙන්නට දවස් දෙකක් යන්න ගියොත් ගමන් වියදම් එක්ක 12ක් වත් යනවා බන්. උබල කොමද කරන්නේ. එක අපොයින්ට්මන්ට් එකක් දාල දෙන්නම පෙන්නන එකට උන් කැමති නැද්ද ? එහෙම අහල එපා කිව්වොත් මට ආයේ උ ගාවට යන්න හිතෙන්නේ නැහැ