මිනි මෑරුම් එක පෙලට
කඹුරුපිටියේදී අයෙක් මරා දමයි..
කාලයේ කඹුරුපිටිය පොලිස් වසමේ රන්සෑගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධකින් පහරදී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කඹුරුපිටිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 65 ක් වන කොස්ගහහේන, රන්සෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධය සිදු වූ නිවසෙහි හිමිකාරියගේ ස්වාමිපුරුෂයා විදේශගතව සිටින අතර ඇය කලක සිට එම ප්‍රදේශයේ පදිංචි අපරාධය සිදුකල සැකකරු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.
17 වන දින මොවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වී ඇති අතර එම ආරවුල බේරීමට නිවසේ සිටි සේවකයෙකු (මරණකරු) හා අසල්වැසි නිවසක පදිංචි කාන්තාවක් මැදිහත්වීමේදී සැකකරු විසින් ඔහුගේ ඉනේ සඟවා තිබූ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර නිවසේ හිමිකාරිය හා අසල්වැසි කාන්තාව බරපතල තුවාල ලබා ඇත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කඹුරුපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.