තමන්ගේ ජීවිතය උනත් විනාශ කරගන්න එක පවක් කියලා තමා අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ. බුද්ධ ධර්මයේ කොහෙවත් කියලා නෑ කිසිම හේතුවක් නිසා තමන්ගේ ජීවිතය නැති කරගන්න කියලා . වියට්නාමය සහ ඒ අවට රටවල බෞද්ධ භික්ෂුන් සිරුරට ගිනි තියාගෙන සියදිවි හානි කරගන්න එක common trend එකක් වෙලා . ලගකදී ලංකාවෙත් මේ වගේ සිද්දියක් උණා නුවර දළාදා මාලිගාව ඉස්සරහ .
මේ වගේ කැපකිරීම් වලින් යහපත් ප්රථිපලයක් ලැබෙන එක බොහෝවිට අඩුයි මිනිස්සුන්ට මාසයක් දෙකක් යද්දී අමතක වෙලා යනවා . කෙනෙක් අපේ ප්රශ්න වෙනුවෙන් ජීවිතය කැප කලා කියලා . අනෙක මේක අයහපත් ආදර්ශයක් . මේ වගේ දෙයක් කරනවට වඩා ජීවත්ව හිදිමින් ජනතාව මෙහෙයවන්න බෞද්ධ භික්ෂුන් පෙලබුනොත් හොදයි .