අභිධර්මයට අනුව හැම චිත්තක්ශන 17 කටම පාරක් අපේ රුප කැඩිලා අයේ හැදෙනව නේ. එතකොට අපි තැනකින් තවත් තැනකට යනව කියන්නේ කලින් තැන තිබ්බ රූප ටික නැතිවෙලා අලුතින් ගියපු තැන රූප අයේ හැදෙනව කියල ගන්න පුලුවන් නේ. එතකොට මට තියන ප්‍රශ්නෙ, ආලොකේ වේගය නියතයි කියල කියවෙනවනේ. ඒකියන්නේ එක තැනකින් තවත් තැනකට ආලොකයේ වේගෙට වඩා වැඩි වේගෙකින් යන්න බැ කියන එකනේ. එතකොට අර අපි කලින් කිව්වා වගේ, එක තැනකින් තවත් තැනකට යන්නේ අලුත් රූප කලාප නම්, අලුත් රුප කලාපයක් හැදෙන්න යන කාලය, ඒ කියන්නෙ චිත්තක්ශන 17ක්, ආලොකයේ වේගය එක්ක හිතල, චිත්තක්ශනයක කාලය මැනගන්න පුලුවන් ද? (මෙතැන දුර ගැන හිතාගන්න තාම අමරුයි)

