ඔය බන් ලමයි බලාගන්න එවුන් හැම කෙනාම ඔහොමයි බන්, අපේ ගෙදරත් කලින් හිටියා එකියක්, බබා බලාගන්න එකේ ලොකු අවුලක් නැහැ(මම WFH නිසා ඒ වැඩේ කොහොමත් හොඳට කරන්න වෙනවා කවුරු ආවත්)
හැබැයි ගෙදර තියන කන බොන බඩු අරගෙන යනවා, අපි බඩු ගේන දවසට ඒ බලාගන්න ආපු කෙනාටත් මොන මොනවා හරි ගෙනත් දෙනවා, අපේ ගෙදර ගොඩක් එලවලු එහෙම වවලා තියනවා ඒවත් නිතරම වගේ දෙනවා, ඒ කරලත් කුස්සියෙ තියන තුනපහ, තේකොල, සීනි අරව මේවත් හොරෙන් අරන් යනවා, මුලින් අපි ඒ තරම් ගනන් ගත්තෙ නැහැ, අපි මාසෙට ගේන සීනි තේකොල තුනපහ ළූණු එහෙම සතියෙන් වගේ ඉවරවෙන්න ගත්තා, මේක දිගටම කරන්න බැරි නිසා අපි දවස් තුන හතරකට ඇතිවෙන්න බඩු විතරක් කිචන් එකේ තියලා අනෙක් බඩු ස්ටෝ රූම් එකක දාල තිබ්බා, ඕක කරන්න ගත්තු ගමන් හිටි ගමන් දවස් කීපෙක සල්ලිත් වැඩිපුර අරන් එන්නෙ නැතිව නතර උනා
පස්සෙ අපි වෙන කෙනෙක් බබා බලාගන්න හොයා ගත්තා,