ඔබ නොදුටු ඔබේ ලෝකයේ ලස්සන හොයන් යන්න ඔබව උනන්දු කරවන චිත්‍රපටි 12ක්
12 Movies that will inspire you to travel
1451
SHARES
ShareTweet
ඔබත් ෆිල්ම් පිස්සෙක්ද? ට්‍රිප් යන්නම දඟලන උණකින් පෙලෙන්නෙක්ද? කොහොමද ඔය දෙකම එකට සෙට් උනොත්. ලෝකෙ වටේම හැදුනු සමහර ෆිල්ම්ස් තියෙනව බැලුවට පස්සෙ ලෝකෙ වටේම රවම් ගහන්න යන්න හිතෙන. විවිධ හේතූන් නිසා මේ පෙළඹවීම ඇතිවෙන්න පුලුවන්. මොකද මේ සිනමා නිර්මාණ එකිනෙකට වෙනස්. සමහර ඒව අතිශය සරල විනෝදාත්මක කතා, තවත් ඒව සම්මානනීය සම්භාව්‍ය නිර්මාණ, තවත් සමහරක් ප්‍රේමාන්විත සිනමාපට වෙද්දි ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ ආදී විවිධ කුලකවලට වර්ග කරන්න පුලුවන්. ඇත්තටම බැලුවොත් මේ පෙළඹවීම ඇතිකරන බහුතරයක් සිනමා නිර්මාණ Road Movies කියන කැටගරියට තමයි වැටෙන්නෙ. හැබැයි Road Movie එකක් වූ පමණින්ම ඒක බලල ට්‍රිප් යන්න හිතෙන්නෙ නෑ වගේම තමයි එහෙම පෙළඹවීමක් ඇතිකරන හම ෆිල්ම් එකක්ම Road Movie එහෙකුත් නෙමෙයි.
රයිට්, අපි අද කියන්න හදන්නෙ ට්‍රිප් යන්න උත්තේජනයක් ඇතිකරවන විදිහෙ ෆිල්ම් 12ක් ගැන.
12. The Bucket List (2007)
වයසක අන්කල්ල දෙන්නෙක්ගෙ කතාවක්. මේක කොමඩි ෆිල්ම් එකක්. ජීවිතේ සැඳෑ සමය ගතකරමින් ඉන්න මහලු පුද්ගලයින් දෙදෙනෙක් පළමුවෙනි වතාවට මුණගැහෙනව රෝහලකදි. ඒ තමන්ගෙ අසනීප තත්ත්වයන් නිසා කන්න සිද්ධවුණු කට්ටක් හේතුවෙන්. හැබැයි මේ දෙන්නටම තියෙනව පොදු අරමුණක්. ඒ තමයි ජීවිතෙන් සමුගන්න කලින් ලෝකෙ වටේ ගිහින් පිස්සුවක් නටන්න. රොබ් රයිනර් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටයෙ වයසක අන්කල්ල දෙන්නට රඟපාන්නෙ ඇකඩමි සම්මාන දිනූ රංගන ශිල්පීන් දෙපලක් වන ජැක් නිකල්සන් සහ මෝගන් ෆ්‍රීමන්.
11. The Darjeeling Limited (2007)
මේක වෙස් ඇන්ඩර්සන්ගෙ ෆිල්ම් එකක්. වෙස් ඇන්ඩර්සන් සාමන්‍යයෙන් ටිකක් වෙනස් ස්ටයිල් එහෙකින් ෆිල්ම්ස් හදන අධ්‍යක්ෂකවරයෙක්. මේ ෆිල්ම් එකේ තියෙන්නෙ තමන්ගෙ පියාගෙ මරණයෙන් වසරකට පස්සෙ එකිනෙකා අතර දුරස්වෙලා ගිය බැඳීම තහවුරු කරගැනීමේ අරමුණින් ඉන්දියාව හරහා දුම්රිය චාරිකාවක යෙදෙන සහෝදරයින් තිදෙනෙක්ගෙ කතාවක්. රඟපෑම් ඕවන් විල්සන්, ඒඩ්‍රියන් බ්‍රෝඩි සහ ජේසන් ෂ්වෝර්ට්ස්මන්.
10. The Motorcycle Diaries (2004)
සම්මානනීය සිනමා නිර්මාණයක්. චේ ගුවේරා ගැන දන්නවනෙ. මෙනන මේ චේ ගුවේරා විප්ලවවාදියෙක් වෙන්න කලින් වයස අවුරුදු 23 දි තමන්ගෙ මිත්‍රය ඇල්බර්තො ග්‍රනාදෝ එක්ක මෝටර් බයික් එහෙකින් ලතින් ඇමරිකාව වටා සංචාරය කරනව. මේ ගමන චේගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක්. මෙන්න මේ කතාව තමයි මේ සිනමාපටයෙ තියෙන්නෙ. වෝල්ටර් සාලිස් අධ්‍යක්ෂණය කළ මේ සිනමාපටයෙ ප්‍රධාන චරිත නිරූපය කළේ ගයෙල් ගා(ර්)සියා බ(ර්)නාල් එක්ක රොඩ්රිගො ඩි ලා සෙර්නා.
09. Wild (2014)
ඉතාම මෑතකදි ආපු ෆිල්ම් එකක්. ඒ වගේම මේකත් සත්‍ය කතාවක් පදනම් කරගෙන හැදුනු ෆිල්ම් එකක්. ෂෙරිල් ස්ට්‍රේඩ් ගෙ Wild: From Lost to Found on the Pacific Crest Trail කියන ඇගේම කතාව තමයි මෙසේ සිනමාවට නැගෙන්නෙ. මෙහි රඟපෑම උදෙසා රීස් විතර්ස්පූන් ඇකඩමි සම්මානයට පවා නිර්දේශ වෙනව. අධ්‍යක්ෂණය ජෝන් මාක් වැලේ. ප්‍රශ්නවලින් ඔළුව අවුල්වෙලා තියෙන වෙලාවට ඇවිදින එක තරම් හො බෙහෙතක් තවත් නෑ කියන්න හොඳ උදාහරණයක් තමයි මේ.
08. Zindagi Na Milegi Dobara (2011)
ඔන්න හින්දි ෆිල්ම් එහෙකුත් තියෙනව. ජීවත්වෙනව කියල කියන්නෙ මොකක්ද කියල කියල දෙන කතාවක් තමයි මේ. කාලයත් එක්ක මගහැරුණු බැඳීම්, මිත්‍රත්වයට ආපහු පන දෙන්න වගේම අතීතයේ නටපු පිස්සු ආයිත් නටන්න පරණ සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යනව තරම් ජොලි වැඩක් තවත් තියෙනවද. සෝයා අක්තාර් අධ්‍යක්ෂණය කරපු මේ සුන්දර සිනමාපටයේ රඟපෑවෙ රිතික් රෝෂන්, අබේ ඩියෝල්, ෆර්හාන් අක්තාර් එක්ක කත්‍රිනා කයිෆ් සහ කල්කි කේක්ලා.
07. Midnight in Paris (2011)
වූඩි ඇලන් කියන්නෙත් සාමාන්‍යයෙන් වෙනස් වැඩ කරන අධ්‍යක්ෂකවරයෙක්. රොමැන්ටික් ෆිල්ම්ස් සම්බන්ධයෙන් විශේෂඥයෙක්. Midnight in Paris කියන්නෙත් එහෙම වෙනස් සිනමා නිර්මාණයක්. මේක ෆැන්ටසියක්. විවාහ ගිවිසගත් සහකාරිය සමඟ සුන්දර පැරිස් නුවර චාරිකාවකට එකතුවෙන තිර රචකයෙකුට මුහුණ දෙන්න සිද්දවෙන අපූරු සිදුවීම් රැසක් තමයි මේ සිනමා නිර්මාණයට පාදක වෙන්නෙ. ඒ වගේම විසිවන සියවසේ මුල් භාගයේ සිටි කලාකරුවන්, සාහිත්‍යකරුවන් ඇතුලු බොහෝ දෙනෙක් මේ තුළින් ඔබට මුණගැසේවි. ප්‍රධාන චරිත ඕවන් විල්සන් සහ රේචල් මැක්ඇඩම්ස්.
06. Up in the Air (2009)
මේ තියෙන්නෙ ඇකඩමි සම්මාන හයකට නිර්දේශ වූ සිනමාපටයක්. ජේසන් රීට්මන් අධ්‍යක්ෂණය කළ මෙය සංචාරක සිනමාපට අතර තරමක් වෙනස් ආකාරයක කතාවක්. ෂෙල්ඩන් ටර්නර්ගෙ Up in the Air නවකතාව ආශ්‍රයෙන් තමයි මේ සිනමාපටය නිර්මාණය වෙන්නෙ. විශේෂයෙන්ම මානව හැඟීම් සහ සබඳතාවයන් ගැන විවරණය කරපු නිර්මාණයක්. රඟපෑම් ජෝජ් ක්ලූනි, වේරා ෆා(ර්)මිගා සමඟ ආනා කෙන්ඩ්‍රික්.
05. Before Sunrise (1995)
රිචඩ් ලින්ක්ලේටර් අධ්‍යක්ෂණය කරපු ආදරණීයම සිනමාපට ත්‍රිත්වයේ පළමුවැන්න. දුම්රියක් තුළදි මුණගැසෙන තරුණ යුවලක් ඔස්ට්‍රියාවෙ වියෙනා නුවර සුන්දර සන්ධ්‍යාවක් ගතකරන ආකාරය තමයි සමස්ථ සිනමාපටය පුරාවටම දිගහැරෙන්නෙ. කතාවෙ ඉතුරු ටික දැනගන්න ඕනෙනම් මේ ෆිල්ම් එකට අමතරව Before Sunset සහ Before Midnight ෆිල්ම්ස් දෙකත් බලන්නම වෙනව. ප්‍රධාන චරිත ඊතන් හෝක් සමඟ ජුලී ඩෙල්පි.
04. Y Tu Mamá También (2001)
ජීවිතය ගැනත් මානව බැඳීම් ගැනත් හොඳ විග්‍රහයක් ලබා දෙන සිනමාපටයක්. ඒ වගේම සමකාලීනව මෙක්සිකෝවේ පැවති දේශපාලන හා ආර්ථික තත්ත්වයන්හි පිළිබිඹුවක්ද මේ තුළ අන්තර්ගතයි. නාඹර වයසේ පසුවන තරුණයින් දෙදෙනෙක් විවාහක කාන්තාවක් සමඟ මෝටර් රථයකින් සිදුකළ රෝඩ් ට්‍රිප් එකක් හා ඒ ආශ්‍රිත සිදුවීම් පෙළක් තමයි මෙහි අන්තර්ගතය. තරමක් ලිංගිකත්වයට බර වූවක් ලෙස පෙනුනත් ඉතාම ප්‍රභල යටි පෙළක් සහිත සිනමාපටයක්. අල්ෆොන්සෝ කුරෝන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ප්‍රධාන චරිත නිරූපණය ගයෙල් ගා(ර්)සියා බ(ර්)නාල්, දියෝගෝ ලූනා සමඟ මැරිබෙල් ව(ර්)ඩු.
03. Easy Rider (1969)
මේක ටිකක් පරණ ෆිල්ම් එකක්. ටිකක් කිව්වට ටිකක්ම නෙමෙයි. ඒ යුගයේ ඇමෙරිකානු සමාජයේ සිදුවෙමින් පැවති සංස්කෘතික පරිවර්ථනයන් පිළිබඳව කතා කළ සිනමා නිර්මාණයක් වගේම නව සිනමා යුගයකට පදනම සකස්කළ සිනමාපට කිහිපයෙන් එකක් ලෙසත් මෙම සිනමාපටය ඉතිහාසගතවී තිබෙනව. ලොස් ඇන්ජලිස් සිට නිව් ඔර්ලියන්ස් දක්වා මෝටර් බයික් සංචාරයක් තමයි මෙහි තිබෙන්නෙ. ඩෙනිස් හොපර් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටයෙ රඟපෑවෙ පීටර් ෆොන්ඩා, ඩෙනිස් හොපර් සමඟ ජැක් නිකල්සන්.
02. Samsara (2011)
ඉතාමත්ම දර්ශනීය අලංකාර සිනමා නිර්මාණයක්. ඇත්තටම මේක වාර්තා චිත්‍රපටයක්. මහද්වීප පහක, රටවල් විසි පහක, වසර පහක් පුරා රූගත කළ මෙම සිනමාපටය දෘශ්‍ය අලංකාරය අතින් ඉතාම ඉහළ තලයක තිබෙන්නක්. මේ ලස්සන හින්දම සංචාරකයින්ට හොඳ උත්තේජනයක් ලැබෙන බවත් කිව යුතුයි. මෙය රොන් ෆ්‍රික්ගේ අධ්‍යක්ෂණයක්.
01. Into the Wild (2007)
ඇකඩමි සම්මානලාභී රංගන ශිල්පියෙකු වන ෂෝන් පෙන් විසින් අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් තමයි Into the Wild. ක්‍රිස්ටෝපර් මැකැන්ඩ්ලස් ගේ සත්‍යය කතාව පදනම් කරගෙන ජෝන් ක්‍රැකර් විසින් රචිත නවකතාව තුළින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙන්නෙ. තමන් සතු සියල්ල අතහැර ඇලස්කාවේ වනගත ප්‍රදේශයක් කරා සංචාරයක නිරතවෙන උපාධිධාරී තරුණයෙකුගෙ කතාවක් තමයි මේ. ඇත්තටම ජීවිතය ගැන වෙනස් මානයකින් බලන්න කියාදෙන ෆිල්ම් එකක්. මේ තරුණයගෙ චරිතයට පන දුන්නෙ ඒමිල් හර්ෂ්.
මෙවැනි සිනමාපට තව විශාල ප්‍රමාණයක් ලෝකයේ විවිධ රටවල බිහිවෙලා තියෙනව. The Beach, Zin Nombre, The Way, The Way Back, Seven Years in Tibet, Out of Africa, The Road Within, EuroTrip, Yeh Jawaani Hai Deewani වැනි සිනමාපට මෙන්ම අපේ රටේ හැදුනු මිල්ල සොයා, තන්හා රති රඟා වැනි සිනමාපටද මතක් කළ යුතුයි.
efresh.lk