චින්තන

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,859
    9,604
    113
    චින්තන විදානගේටත් තහනම් උත්තේජක චෝදනා

    g_Vidanage_500x365.jpg


    පසුගිය දා නිමාවට පත් වූ ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ මෙරට බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ එහි දී තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට චෝදනා එල්ලවී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පවසයි.

    ඒ සම්බන්ධයෙන් චීන තහනම් උත්තේජක කමිටුව මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවට වාර්තා වේ.

    පසුගිය දා චීනයේ දී නිමාවට පත් වූ ආසියානු බර ඉසිලිමේ ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් චින්තන ගීතාල් විදානගේ සහභාගී වූ අතර එහි දී ඔහුට පදක්කමක් දිනා ගැනීමට හැකි වූයේ නැත.

    නමුත් ඔහු එම තරග ඉසව්ව සඳහා සහභාගී වීමේ දී තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට එරට තහනම් උත්තේජක කමිටුව විසින් අනාවරණය ‍කර ගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් ද අද(23) පෙරවරුවේ පවත්වා තිබේ.


    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=16277

    :no::(:(:(