චිලී#තාප්පයේ No Parking ෆොටෝ අධිකරණයට...!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    චිලී#තාප්පයේ No Parking ෆොටෝ අධිකරණයට...!

    චිලීට ඇප ලැබෙද්දී ඩෙංගු පරීක්ෂා වීඩියෝව හා තාප්පයේ No Parking ෆොටෝ අධිකරණයට...!

    14680643_883485888418217_7695635351501679284_n.jpg


    චිලීට ඇප ලැබෙද්දී ඩෙංගු පරීක්ෂා වීඩියෝව හා තාප්පයේ No Parking ෆොටෝ අධිකරණයට...!

    චිලීට ඇප ලැබෙද්දී
    ඩෙංගු පරීක්ෂා වීඩියෝව හා
    තාප්පයේ No Parking ෆොටෝ අධිකරණයට

    පසුගියදා වැඩිහිටි පුද්ගලයෙකුට මහමගදී බැණවැදී පහරදීමේ සිද්ධියක් නිසා පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගායක චිලී තිලංක අද රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත කඩුවෙල අධිකරණයෙන් නිදහස ලැබුවා.
    එම අවස්ථාවේ ඔහුට ඇප ලබාදීම නොකරන්නැයි ඉල්ලා සිටි පැමිණිලි පාර්ශ්වයේ
    නීතිඥයින් ඔහුට ඇප ලැබෙන්නේ නම් පැමිණිලිකරුට අගතියක් සිදුවිය හැකි බවත් විත්තිකරුගේ පෙර වැරදි ඇති බවත් කියා සිටියා.
    ඒ බව ඔප්පු කරන්නට ඔවුන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරූ ‘ඩෙංගු පරීක්ෂක’ වීඩියෝවද ඉදිරිපත් කළා. 2014 වසරේ ඩෙංගු රෝගයෙන් පරිසරය ආරක්ෂා කිරීමේ නිලධාරීන් චිලීගේ නිවසට ඇතුළුවන්නට දැරූ උත්සාහයකදී චිලී සහ මව ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් එළවාගන්නා හැටි එහි සටහන්ව තිබුණ අතර එය නැරඹූ මහේස්ත‍්‍රාත්වරයා කියා සිටියේ එය බරපතල කාරණාවක් බවත් මේ ගැන වෙනම නඩුවක් ගොනු කරන ලෙසත්ය.

    ඒ අවස්ථාවේ විත්ති පාර්ශ්වය දන්වා සිටියේ එකී වරද සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පෙර චිලීගේ මව අධිකරණයට ඉදිරිපත්ව වරද පිළිගෙන දඩ මුදලක්ද ගෙවා එම ප‍්‍රශ්නය අවසන් කර ඇති බවකි.

    දෙවනුව කරුණු දැක්වූ පැමිණිලිකරුවන්ගේ නීතීඥයින් කියා සිටියේ චිලී තිලංකගේ නිවසේ තාප්පයේ මිනිසුන් නොමග යවන ව්‍යාජ නියෝගයක් සටහන් කර ඇති බවකි.
    ‘වාහන නතර කිරීම තහනම් මීට අණපරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුගේගොඩ‘ යනුවෙන් සටහන් කර තිබූ ඡායාරූපද අධිකරණයට ඉදිරිපත් විය.

    මේවා සම්බන්ධ නඩු විභාග ඉදිරියේදී විමසුමට ලක්වන අතර ලබන 24 වනදා අධිකරණයේ යළි පෙනී සිටින්නට නියෝග කරමින් ගායක චිලී තිලංකට මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා මගින් ඇප ලබාදෙනු ලැබුවා.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දෙවනුව කරුණු දැක්වූ පැමිණිලිකරුවන්ගේ නීතීඥයින් කියා සිටියේ චිලී තිලංකගේ නිවසේ තාප්පයේ මිනිසුන් නොමග යවන ව්‍යාජ නියෝගයක් සටහන් කර ඇති බවකි.
    ‘වාහන නතර කිරීම තහනම් මීට අණපරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුගේගොඩ‘ යනුවෙන් සටහන් කර තිබූ ඡායාරූපද අධිකරණයට ඉදිරිපත් විය.

    :lol:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    Muta niyama porial ekak ne set wela thiyenne ekak yanakota thawa ekak
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    චිලී මල්ලි උස නිසා සිකුරිටි.. ඒකයි තාප්පෙ ඔහොම නෝටිස් එකක් ගහන්න බලය තියෙන්නේ..
    මීට අන පරිදි, එස්. එ.ස් පී. නුගේගොඩ