චීනයට විරුද්ධව කටයුතු කිරීමට ජී – 7 නායකයින් සන්ධානගත වෙයි
ජී – 7 සමුළුවේ නායකයින් චීනයට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමට සන්ධානගත වී තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයෙන් එල්ල වන බලපෑම් දිනෙන් දින උග්‍ර වීම හමුවේ ජී – 7 රටවල නායකයින් එම පියවර ගෙන ඇති බවය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී සහය දැක්වීමට සැලසුමක් සකස් කිරීම සඳහා ජී 7 නායකයින් අපේක්ෂා කරන බවය.
ඒ, සංවර්ධනය වෙමින් පවතින රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ මුවාවෙන් චීනය සිදුකරන බලපෑම් හේතුවෙනි.
මෙම සමුළුවේදී අමෙරිකාව, චීනයේ ණය රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත විවේචනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අමෙරිකාව දිගින් දිගට ම චෝදනා කළේ, චීනය ෂින්ජියෑන් පළාතේ කම්කරු ශ්‍රමය සූරාකමින් මානව හිමිකම් උල්ලංඝණය කරන බවටයි.
එම චෝදනා පදනම් කර ගනිමින් ඇතැම් අවස්ථාවල චීනයට සංචරණ සීමා ඇතුළු සම්බාධක පැනවීමටත් අමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව සහ එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ.
ලෝකයේ ධනවත්ම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එක්ව සිදු කරන ජී – 7 සමුළුවෙහි දෙවන දිනයට එක්වෙමින් අමෙරිකානු ජනපති මේ බව පවසා ඇත.