චීනයේ රන් පදක්කම් රහස ගැන අලුත් කතාවක්

thalia

Well-known member
  • Sep 8, 2014
    1,178
    880
    113
    සයිබරේ තමා
    චීනයේ රන් පදක්කම් රහස ගැන අලුත් කතාවක්

    maxresdefault.jpg



    ලබන අගෝස්තු මස 5 වැනිදා සිට 21 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලබාගන්නන් අතරේ චීනය ඉදිරියෙන්ම සිටින රටක් ලෙස බොහෝ දෙනා විශ්වාසය පළ කරලා තියෙනවා. ඒත් ඔවුන් එහෙම ඉදිරියෙන් ඉන්නේ ලොව කිසිවකුත් අනුමත නොකරන කායික වදහිංසා මුසු වූ ක්‍රියාවකින් කියලා දැන් ලෝක ප්‍රජාවටම ඔප්පු වෙලා අවසානයි.
    ලබන අගෝස්තු මස 5 වැනිදා සිට 21 වැනිදා දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලබාගන්නන් අතරේ චීනය ඉදිරියෙන්ම සිටින රටක් ලෙස බොහෝ දෙනා විශ්වාසය පළ කරලා තියෙනවා. ඒත් ඔවුන් එහෙම ඉදිරියෙන් ඉන්නේ ලොව කිසිවකුත් අනුමත නොකරන කායික වදහිංසා මුසු වූ ක්‍රියාවකින් කියලා දැන් ලෝක ප්‍රජාවටම ඔප්පු වෙලා අවසානයි.


    ඔවුන් ඵසේ ඔලිම්පික් පදක්කම් සිහිනය ඉටුකරගැනීම සඳහා ඉදිරියෙන් ඉන්නේ කුඩා දරුවන් බිල්ලට දීලා කියලා ලෝක ප්‍රජාවේ බලවත් පිළිකුලට ලක්වෙලා තිබුණත් චීනය ඒ කිසිවක් මායිම් නොකරමින් ඔවුන්ගේ කටයුත්ත ඒ පරිද්දෙන්ම දිගටම කරගෙන යෑමෙන් අනාගතයේදී චීනයට ඔලිම්පික් තහනමක් පැනවුණහොත් එයද පුදුමයට කරුණක් නොවන බවද ලෝක ප්‍රජාව තුළ මතයක් ගොඩනැගෙමින් ඇති බවද පැවැසේ.


    එවකට චීන සමූහ ආණ්ඩුව නමින් හැඳින්වූ චීනය 1924දී පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙල හා එක්ව තිබුණත් ඔවුන්ට කිසිදු රන්පදක්කමක් ලබාගන්නට හැකිවුණේ නැහැ. ඉන් අනතුරුව 1952 වසරේදී මහජන චීනය නමින් පත්වූ චීනයට එම වසරේදීත් පදක්කමක බලාපොරොත්තු අතහැර ගන්නට සිදුවුණා.
    එසේ වුවත් යුදමය හා දේශපාලනික තත්ත්වයන් හමුවේ 1956 වසරේ සිට 1984 වසර දක්වා ඔලිම්පික් සඳහා ඉදිරිපත් නොවූ චීනය ඉන් අනතුරුව 1984 වසරේදී ඇමෙරිකාවේ ලෝස් ඇන්ජලීස් නුවර පැවැති ඔලිම්පික් උළෙල සඳහා 216ක ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කරවා තිබිණි.
    ලොව ජනගහනය අතින් බලවත්ම රාජ්‍යයක් බවට පත්ව සිටින චීනය එසේ 216ක පිරිසක් සහභාගි කරවා රන් පදක්කම් 15ක්ද දිනා එම ක්‍රීඩා උළෙලේ සිවුවැනි ස්ථානයද දිනාගත්තේ ලෝකයේ අවදානය චීනය දෙසට යොමුකරගනිමිනි.


    ඉන් අනතුරුව 2000 වසරේදී රන් පදක්කම් 28ක් දිනාගනිමින් තෙවැනි තැනත්, 2004 වසරේදී රන් පදක්කම් 32ක් දිනා දෙවැනි තැනත් දිනාගත් චීනය 2008 වසරේදීත් සත්කාරකත්වයටද අත තැබුවේ එතෙක් මෙතෙක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ආධිපත්‍යය දැරූ අනෙකුත් රටවල්වලටද අනතුරු අඟවමිනි.
    2008 දී 639ක ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කරවූ චීනය එහිදී රන් 51 ලබා (ඉන් 11ක්ම ජිම්නාස්ටික් ඉසව්වලින්) මෙතෙක් අගරජු බවට පත්ව සිටි ඇමෙරිකාව දෙවැනි තැනට ඇදදමමින් ඔලිම්පික් ඉතිහාසය වෙනස් කළේය. 2012 අවසන් වරට පැවැති ඔලිම්පික් උළෙලේදී ද රන් පදක්කම් 38ක් දිනා දෙවැනි තැන දිනූ චීනය මෙසේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන්නේ කෙසේද යන්න ලොව පුරා අවධානය ලක්වූ සිදුවීමක් බවට පත්වුණා. ඊට හේතු වී තිබුණේ ඔවුන් ජිම්නාස්ටික් වැනි ඉසව්වලින් වැඩි පදක්කම් ප්‍රමාණයක් ලබා ගැනීමයි.


    සැබවින්ම චීනය මෙසේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නේ කොහොමද කියලා ඇමෙරිකාව ඇතුළු ප්‍රබල රටවල්වලට පවා සිතාගැනීමට නොහැකි වුණත් ඔවුන් කුඩා දරුවන්ට අපමණ දුක් හිරිහැර ලබා දෙමින් ඔවුන්ට කායික හා මානසික වෙහෙසකාරී පුහුණුවකට යොමු කොට මෙවැනි වර්ධනයක් කරා යන බව අද වනවිට ඔප්පුවෙලා තියෙනවා.
    කුමන හෝ පදක්කමක් පිළිබඳව දැඩි ඉලක්කයක් පසුපස හඹා යන චීනය ඔවුන්ගේ කුඩා දරුවන්ගේ (අවුරුදු 3 සිට) ශරීරයේ නම්‍යශීලී ස්වභාවය, දරා ගැනීමේ ශක්තිය හා ආවේගය යන කරුණුවලට මුල් තැන දෙමින් ශරීරයේ ඇට බිඳීමකට පවා ලක්කොට ලබා දෙන පුහුණුව අති භයානක වුවත් තම දරුවාගේ පුහුණුකරුවා ගෙන යන එම සිහිනය පසුපස යෑමට චීනයේ බොහෝ දෙමව්පියන් අකමැත්තක් නොදැක්වීම මේ තත්ත්වය තව තවත් තීව්‍ර කරවීමට හේතු වී තිබේ.
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙන්ම ලොව ළමා හිමිකම් හා ළමා ආරක්‍ෂණ සංවිධාන විසින් චීනය වෙත අනතුරු ඇඟවීම් කළද එය තුට්ටුවකටත් මායිම් නොකරමින් තමන් අරඹා ඇති වැඩසටහන ඉදිරියටත් කරගෙන යන චීනය සම්බන්ධයෙන් ලොව පුරා ව්‍යාප්තව සිටින මානව හිමිකම් සංවිධාන වැනි සංවිධාන ඉදිරියේදී ගන්නා වූ තීරණයන් පිළිබඳව කාගේත් දෑස් යොමු වී ඇතිවාට සැක නැත.


    විචිත්‍ර වීරසිංහ



    source-http://mawbima.lk/141-112791-news-detail.html


    news-graphics-2005-_607129a.jpg

    china-chinese-gymnastics-kids-training-02.jpg

    china-chinese-gymnastics-kids-training-04.jpg

    China4.jpg

    child-gymnasts-1.jpg

    training+children+in+china.jpg
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇමරිකන්කාරයා දෙකට වැටුනම ගහන බයිලානේ බන් ඕවා...

    ඒ දරුවන්ට ඒ දරුවන්ගෙ දෙමව්පියන්ට ඒක හොද නම් මානව හිමිකම් කාරයින්ට් පුකද??
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එහෙම බැලුවොත් ලංකාවේ පොඩි උන් ඔයිට වඩා කායික මානසික පීඩා විඳිනවා. උදේට තඩි පොත් බෑග් එකක් එල්ලගෙන තවලමේ යන හරක් වගේ ඉස්කෝලේ යන්නේ, ඉස්කෝලෙන් පස්සේ රෑ අට නවය වෙනකං ශිෂ්‍යත්ව පන්ති. සෙල්ලං කරන්න වෙලාවක් නැහැ. තව ටික දවසකින් මානව හිමිකම් කාරයෝ කියයි උන්ව ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න කියල.
     
    • Like
    Reactions: malakadss

    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    එහෙම බැලුවොත් ලංකාවේ පොඩි උන් ඔයිට වඩා කායික මානසික පීඩා විඳිනවා. උදේට තඩි පොත් බෑග් එකක් එල්ලගෙන තවලමේ යන හරක් වගේ ඉස්කෝලේ යන්නේ, ඉස්කෝලෙන් පස්සේ රෑ අට නවය වෙනකං ශිෂ්‍යත්ව පන්ති. සෙල්ලං කරන්න වෙලාවක් නැහැ. තව ටික දවසකින් මානව හිමිකම් කාරයෝ කියයි උන්ව ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න කියල.

    eththa
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    අහලතියෙනවා මෙකතාව, ඔය කියනතරන් දෙයක් වෙන්නෙ නැතුව ඇති....
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Torture in the name of SPORT

    This story must be true. About 10-15 years ago Australian Olympic committee hired a chinese woman as their gymnastic coach. She try to do the things she has done in china, and within a very short period of time, all the kids and their parents start to complain about her training methods. She insisted this is the only way to make the best of the best, but ultimately she being kicked out of Australia before she end up in jail for child abuse.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙම බැලුවොත් ලංකාවේ පොඩි උන් ඔයිට වඩා කායික මානසික පීඩා විඳිනවා. උදේට තඩි පොත් බෑග් එකක් එල්ලගෙන තවලමේ යන හරක් වගේ ඉස්කෝලේ යන්නේ, ඉස්කෝලෙන් පස්සේ රෑ අට නවය වෙනකං ශිෂ්‍යත්ව පන්ති. සෙල්ලං කරන්න වෙලාවක් නැහැ. තව ටික දවසකින් මානව හිමිකම් කාරයෝ කියයි උන්ව ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න කියල.
    :yes::yes::yes:

    මානව අයිතිවාසිකම් යනු ඇමරිකන් කාරයගේ ලිංගික වහලියකි