චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

aligamaya

Member
Jan 22, 2018
197
19
0
උබ චයිනා ගියේ තනියමද බන්..නැත්තම් කට්ටියක් සෙට් වෙලා ගියාද..
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ADooo eka digata dapan ban,patta.math eka parak giya Guangzhou.me case iwara wunama apahu parak yanna idea thiyan innawa.kello ehema set wenawa lesatama.habai balu kamata nemei fit ekata,un oni help ekak denawa illuwama.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ගිය අවුරුද්දේ මමත් ගියා canton fair තාත්තා එක්ක.අපි ගියේ group එකක් එක්ක. මෙහෙම thread බලලා තනියම නම් යන්න එපා china. පාරේ හිගන්නෙක් වෙලා මැරෙන්න වෙන්නේ. එහෙ මිනිස්සු 100ක් ගත්තොත් දෙන්නෙක් ට වත් English කතා කරන්න බෑ. Google services මොනවත් වැඩ කරන්නේ නෑ. මගේ නම් vpn දාගෙනත් google maps වැඩ කලේ නෑ.

    google services (play store ) වැඩ නොකරන scene එක මම දැනගෙන හිටියා එත් මම පණ්ඩිත පකයා වගේ එහෙ ගිහින්ම apk file එක download කරලා vpn දා ගන්නවා ඕවත් වැඩද කියලා හිටන් ගියේ. apk site වලට යන්නත් බෑ. vpn keyword එක search වෙන්නෙත් නැ. අමාරුවෙන් දා ගත්ත vpn china වලට support නෑ.

    Taxi drivers ලා zero english. fair එක පටන් ගන්නේ 12 යුඅන් වලින්. සාමාන්‍ය හොටෙල් එහෙක නම් receptionist ටත් එච්චාර english බෑ. visa approval check කරලා තමා hotel rooms දෙන්නේ. අපේ නම් එතනත් issue එකක් උනා. rooms නැතුව lobby එකේ බලන් හිටියා. receptionist ගෑණිට එක english explain කරන්නේ නෑ. ඒ ගෑනි බය වෙලා chinese වලින් කියවගෙන කියවගෙන යනවා. පස්සේ supervisor කෙනෙක්ට call කරලා sort out කර ගත්තේ.

    පාරේ මිනිසුන්ගෙන් අහගෙන තැන් හොයාගෙන තනියම travel කරන්න නම් හිතන්න එපා. අනිවාර්යෙන් අතරමන් වෙනවා. chinese කතා කරන්න බැරි මොනවත් කරගන්න බෑ.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    apple phone එකක් නම් තියෙන්නේ මැප්ස් වැඩ කරනවා. apple block නෑ
     
    • Like
    Reactions: jmzsl

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    chinese සිම් එකක් yuan 100ක් විතර වෙනවා. ඕක tourist price එක. සාමාන්‍ය මිනිස්සු නම් ඒ රටේ ෂොප් වලින් ඊට අඩුවෙන් ගන්නේ හැබැයි හොයාගන්න අමාරුයි එහෙම ෂොප් එකක්. පාරේ එවුන්ගෙන් ඇහුවට උන්ට එන්ග්ලිෂ් තේරෙන්නේ නැ. අපි එක්ක කතා කරන්නත් බයයි no no කියලා එලවනවා.
     
    • Like
    Reactions: jmzsl

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    metro එකෙන් නම් city එක ඇතුලේ ඕනි තැනක යන්න පුළුවන්. හැබැයි ගිහින් වැරදි තැනකින් බැස්සොත් Australia, UK වගේ රටක වගේ නෙමෙයි අහගන්න කව්රුත් නැ. tickets ගන්නේ automated machine එකෙන් ලංකාවේ අපිට නම් අලුත් අත්දැකීම්.:shocked:
     
    • Like
    Reactions: jmzsl

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතාම වටිනා ත්‍රෙඩ් එකක් මචන්.....අර උඩ එක්කෙනෙක් කියල තියෙන කතාව සම්පුර්ණ ඇත්ත.

    දැන් ත්‍රෙඩ් ලියන උදවිය හරිම අඩුයි.
    දිගටම ලියපන්.මේ වගේ හොඳට විස්තර කරලා, කෙනෙකුට ගැටළු එන තැන් ගැන හොඳට පැහැදිලි කරලා ලියපන්.

    දිගටම රට රටවල් වල ඇවිදින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    සේරම විස්තරේ එකපාර දාපන් දෙයියෝ...:sorry::yes::yes::yes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    patta.
    Digatama damu wisthara ekka. digatama thread eka balanawa ithuru tikath ikmanta danda. dana post eka 1st post eken link karanda page ekata
     

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    3 වෙනිකොටස

    මුලින්ම හැමෝටම ස්තුතිවන්තව වෙනවා මේ නූල සම්බන්ධයෙන් අදහස් දක්වලා ඉතිරි කොටස් ටික දාන්න මාව දිරිමත් කළාට. යහළුවෝ කීපදෙනෙක් තම මතවාද පවා සඳහන් කරලා තියනවා. එහි පැන නැගුනු යම් කරුණු ගැන යමක් කිව යුතුව තිබුනත් මගේ චාරිකා සටහන නිසි ලෙස තවම ඉදිරි පත් කොට නැති නිසා හැකි අවස්ථා වලදි ඒ ඒ කරුණු ගැන සටහනක් තබන්නම්. හැබැයි එකක් සදහන් කරන්න ඕනේ. තමන් සංචාරය කරන සීමාව තීරණය කරන්නෙ තමන්. ලක්ෂයක් විතර දීලා ටිකක් එකක් අරගෙන අමාරුවෙන් වීසා ගහගෙන රටකට ගිහින් ඔහේ තැනක් දෙකක් බලලා හෝටලයක් ඇතුලට වෙලා ඉදලා ආයෙ එනවට වඩා හොදයි නොයා ඉන්න එක.

    චීනයේ භාෂාමය ගැටලුවක් තියනවා. හැබැයි හොදට සූදානම් වෙලා ගෙදර වැඩ කරලා දැනුම යාවත්කාලින කරගෙන හොදට දැනුවත් වෙලා ගියොත් ගොඩක් ගැටළු විසඳෙයි. අනික ඔය වගේ ගමන් වලදි අනුගමනය කරන්න ඕනේ උපාය උපක්රම තියනවා. මම දන්න දේවල් ඔබත් එක්ක බෙදාගන්න බවට මම පොරොන්දු වෙනවා .

    පොඩ්ඩක් එලියට බැහැල බලනකොට දකින්න හම්බෙනවා චීනය ඉඩකඩ කොහොමද පාවිච්චි කරලා තියෙන්නෙ කියලා. ඉස්තරං නගර සැලසුම් ක්රමයක්. නගරය මනාව තට්ටු පිට තට්ටු විදිහට සිරස් අතටත් ගොඩ නගලා තියනවා. අනික හරිම ක්රමාණු කූලයි. අපිට ඉගන ගන්න ගොඩක් දේවල් මෙහෙ තියනවා.


    iMdybD6.jpg


    FCpFbmn.jpg


    tJZAbuB.jpg


    5L4CHuP.jpg


    qQxgIWS.jpg


    මම කොහොමත් කොයි රටට ගියත් එලියට බැහැලා පයින් ඔලුව හැරුණු අතේ යන එක මගෙ පුරුද්දක්. ඒක වෙනම අද්දැකීමක්. මම පුරුදු විදිහට ඔලුව හැරුණු අත්තේ යද්දී දැක්ක දේවල් ටිකක් තමා මේ. බලන්න මේ දන්න කියන තැනක්ද කියලා

    rJAxpXV.jpg


    ඒ අතරේ සිනමා ශාලාවකුත් තිබුණා. චිත්ත්‍රපටියක් බලන්න නම් යන්න බැරි වුනා. ඒ වුනාට ලගින් ගියා


    1rP8DyL.jpg


    මේ උන්දෑ ගැන දුක හිතිලා පොටෝ එක ගත්තේ


    bybOZpu.jpg


    ශැන්හයි වල ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් දෙකක් තියනවා. එකක් තමා Pudong International Airport එක. එයින් ජත්‍යන්තර ගුවන් ගමන් වලින් 60% විතර පාලනය වෙනවා. ඉතිරි 40% පාලනය වෙන්නේ Hongqiao International Airport එකෙන්. මේ තියෙන්නෙ ඒ ගුවන් තොටුපොළ.

    GVtGnv3.jpg


    චීනයේ විදුලි බලයෙන් ක්‍රියාකරන බස් රථ සුලබයි. මේ පොටෝ එකේ පේනවා විදුලි බලය ලබාගන්න බස් රථය ඉහලි ඇදලා තියන විදුලි රැහැන් වලට සම්බන්ධ වෙලා තියන හැටි.

    E7rxNzH.jpg


    මේ හවස් වරුවක

    meNj79L.jpg


    iNutWU0.jpg


    මේ කොටස මෙතනින් ඉවර කරන්නම්. ඊලග කොටස් වලින් තව විස්තර කියන්නම්. ඔයාලගෙ අදහසුත් කොටාගෙන යන්න.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මම දැක්ක දෙයක් තමයි කොහෙවත්, වත්තක් එක්ක ගෙයක් තිබ්බේ නෑ. දුර ඇත ගම් වල නම් සමහර විට එහෙම ඇති. Cities වල නම් හැමෝම ඉන්නේ apartment වල. ඒ රටේ ඉන්න ජනගහනයත් එක්ක එහෙම නැතුව බෑ ඉතින්. City එකේ නම් කුරුල්ලෝ දැක්කේ හෙනම අඩුවෙන්. චීනය කියන්නේ ලෝකයේ වැඩිම වායු දුෂණය තියෙන රට එක නිසා වෙන්න ඇති. allergic තියෙන අය නම් බෙහෙත් අරන් යන්න. පිරිසිදු කියලා පෙනුනට air වල සැහෙන්න carbon particles තියෙනවා අපිට නොපෙනුනාට.
     
    • Like
    Reactions: War Fighter

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මේ ගොඩක් දෙනෙක් කියනවා google map වැඩ නෑ කියලා..ඒක ගැන සහ තනියම යන්න පුලුවන් රටක්ද කියන එකත් කියපන්..
     

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    මේ ගොඩක් දෙනෙක් කියනවා google map වැඩ නෑ කියලා..ඒක ගැන සහ තනියම යන්න පුලුවන් රටක්ද කියන එකත් කියපන්..

    උඹට තනියම යන්න බයයි නම් ලැහැස්තිවෙයන් මාත් එක්ක යන්න. යන්න පුළුවන් බං ඕන ටිප්ස් ටික මම පොස්ට් එක අතරෙ දාන්නම්
     
    Last edited: