චීනයේ ශැන්හයි සහ නැන්ජිං සංචාරය

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    මම දැක්ක දෙයක් තමයි කොහෙවත්, වත්තක් එක්ක ගෙයක් තිබ්බේ නෑ. දුර ඇත ගම් වල නම් සමහර විට එහෙම ඇති. Cities වල නම් හැමෝම ඉන්නේ apartment වල. ඒ රටේ ඉන්න ජනගහනයත් එක්ක එහෙම නැතුව බෑ ඉතින්. City එකේ නම් කුරුල්ලෝ දැක්කේ හෙනම අඩුවෙන්. චීනය කියන්නේ ලෝකයේ වැඩිම වායු දුෂණය තියෙන රට එක නිසා වෙන්න ඇති. allergic තියෙන අය නම් බෙහෙත් අරන් යන්න. පිරිසිදු කියලා පෙනුනට air වල සැහෙන්න carbon particles තියෙනවා අපිට නොපෙනුනාට.

    කතාව සම්පූර්ණ ඇත්ත. මාස්ක් එකක් දාගෙන ඉන්නවනම් හොදයි. හැබැයි මට නම් අපහසුවක් දැනුනෙ ඈ. නගර වල පුද්ගලික ඉඩම් නැහැ. ඔක්කොම මහල් නිවාස. ගම්බදට වෙන්න ගෙවල් තියනවා
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,907
    1,568
    113
    8IPoZy5.jpg



    me ara lankawe issalama corona hedunu china kena wage neda..?
    :confused::confused::confused::confused:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,260
    2,661
    113
    London
    Beijing ඉන්නකොට air pollution තියෙනව කියලා තේරුනේ නැහැ . මම ගියේ 2018 August කාලයේ. Great wall හරියේ clear blue skies . ගොඩක් රස්නෙයි .
     

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    Beijing ඉන්නකොට air pollution තියෙනව කියලා තේරුනේ නැහැ . මම ගියේ 2018 August කාලයේ. Great wall හරියේ clear blue skies . ගොඩක් රස්නෙයි .

    ඔව් මමත් සතියක් විතර බීජිං වල ඉදලා තියනවා. ඔයා කිවුව දේ හරි
     

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    ශැන්හයි කුළුණ(Shanghai Tower)

    ඔබ ශැන්හයි සංචාරය කරනවානම් අනිවාර්යයෙන් යායුතු ස්ථානයක් ලෙසට ශැන්හයි කුළුණ හඳුන්වන්න පුළුවන්.

    ශැන්හයි කුළුණ ගැන තොරතුරු

    චීන නම : 上海中心大厦 (shàng hǎi zhōng xīn dà shà)
    ලිපිනය : 501 Middle Yincheng Rd, Pudong New Area
    උස : 632 m (2,073 ft)
    තට්ටු ගණන : තට්ටු 127 ක් ඉහලට සහ තල්ලු 5 ක් පොළොව අභ්යන්තරයට


    ශැන්හයි කුළුණ පිහිටා තිබෙන්නේ පූඩොංහි Lujiazui මුල්ය හා වෙළඳ කලාපයේ. නැගෙනහිරින් ශැන්හයි ලෝක මූල්ය මධ්යස්ථානය හා උතුරින් ජින් මාවෝ කුළුණ පිහිටා තිබෙනවා. මෙම කුළුණ චීනයේ උසම හා ලෝකයේ දෙවනියට උසම කුළුණ වනවා. පාදම මට්ටමේ සිට තට්ටු 127 ඉහලටත් තට්ටු 5ක් පහළටත් පිහිටා තිබෙනවා

    ශැංහයි කුළුණ අසලදි මේ සේයාරුව ලබා ගත්තෙ

    ugCaENj.jpg


    පහළ සිට බැලූ විට ශැංහයි කුළුණ පෙනෙන හැටි

    LWoKhgx.jpg


    YXqe3Nc.jpg


    ශැංහයි කුළුණු නැරඹුම් මැදිරිය

    ශැංහයි කුළුණේ 118 වන තට්ටුවේ පිහිටා ඇත. එම ස්ථානයට පොළොවේ සිට උස මීටර් 546 කි.අඩි 1791 කි
    සංචාරකයෙකු ශැංහයි කුළුණු නැරඹුම් මැදිරිය නැරඹීමට නොගියොත් ඔහුගේ සංචාරය අසම්පූර්ණ එකකි. මෙය ලෝකයේ උසම ගෘහස්ථ නැරඹුම් මැදිරිය වේ. මෙම ස්ථානයේ සිට අපූර්ව Huangpu ගංගාව. Jin Mao කුළුණ, ලෝක මූල්ය මධ්යස්ථානය පැදිලිව නරඹන්න පුළුවන්. ඔබ මෙහි සංචාරය කරනවානම් මුලින්ම B1 මහලේ ප්රදර්ශන ශාලව මුලින්ම නරඹන්න. අනතුරුව එහි සිට අධිවේගී විදුලි සෝපානයෙන් තත්පර 55 ක් වැනි කෙටි කාලයකින් 118වෙනි මහලේ පිහිටි නැරඹුම් මැදිරියට යන්න. ශැංහයි කුළුණේ විදුලි සෝපාන 149 ක් ක්රියාත්මකයි.


    ශැංහයි කුළුණට ඇතුල් වෙන්නෙ මෙතනින්

    OFFN9oc.jpg


    ශැංහයි කුළුණු නැරඹුම් මැදිරියේ තැනින් තැන මේ වගේ දුරේක්ෂ සවි කරලා තියනවා

    9AJbSrO.jpg


    චූටි චීනෙක් බලලා පොඩි පාඩමකුත් කියලා දුන්නා . ඌට එපා වෙන්න ඇති

    uy0CyBj.jpg


    ශැංහයි කුළුණු නැරඹුම් මැදිරියේ ඉදලා Huangpu නදිය සහ අවට පෙනෙන හැටි

    BD3OsKR.jpg


    cQvb8TX.jpg


    ශැංහයි කුළුණට යන හැටි

    By Metro:

    Take Metro Line 2 and get off at Lujiazui Station. Get out from Exit 6 and walk 500 meters (550 yards) south.

    By Bus:


    1. Take City Sightseeing Bus Line 2 and get off at Jin Mao Tower.
    2. Take bus 583, 799, 939, or Lujiazui Financial City Line 2 and get off at Huayuan Shiqiaolu Dongtailu Station.
    3. Take bus 791, 870, 961, 985 or Lujiazui Financial City Loop Line to Lujiazui Huanlu Dongtailu Station and then walk there.


    By Ferry

    Take ferry Dongjin Line or Dongfu Line and get off at Dongchang Road, then walk to the skyscraper.

    ශැංහයි කුළුණ නරඹන්නට වැඩිහිටි පුද්ගලයෙකුගෙන් යුවාන් 180ක් හා ළමයෙකුගෙන් යුවාන් 90ක් අය කරනවා.
    ශැංහයි කුළුණ උදෑසන 8.30 සිට රාත්රී 10 වෙනකම් විවෘතව තිබුනත් රත්රී 9.30 වෙනකොට ප්රවේශ්පත්ර අලවිය නවතා දමනවා.


    මතු සම්බන්ධයි
     
    • Like
    Reactions: SanjayRocks

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,847
    113
    I love travel in China.

    දිගටම ලියන්න. මම ගුවෑන්න්ශෝ,ශැන්ග්හයි ,යීවූ,බීජිං,හැබෙයි,හෙන්ග්ශුයි,ටෛශෝ ,....වගේ නගර වල හොඳට රවුන් ගහලා තියෙනවා. ඉදිරියට දැනුම බෙදාගන්නම්.
     
    • Like
    Reactions: War Fighter

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    I love travel in China.

    දිගටම ලියන්න. මම ගුවෑන්න්ශෝ,ශැන්ග්හයි ,යීවූ,බීජිං,හැබෙයි,හෙන්ග්ශුයි,ටෛශෝ ,....වගේ නගර වල හොඳට රවුන් ගහලා තියෙනවා. ඉදිරියට දැනුම බෙදාගන්නම්.

    Aniwa
    :love:
     

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    Huangpu River Cruise
    මගේ ශැන්හයි හා නැන්ජින් චාරිකාව පිළිබඳ ලිපිය ගැන එතරම් උනන්දුවක් හෝ උද්යෝගයක් නැති බව පෙනෙන්නට තිබුනත් ආරම්භ කළ කටයුත්තක් අවසන් කළ යුතුව ඇති නිසා මෙම කොටසද එක්කරන්නට තීරණය කළෙමි.
    Huangpu නදිය ශැංහයි පසු කරමින්ගලා බසින විශාලතම නදිය වේ. ඊට ගරු කරමින් චීන වැසියන් ශැංහයි හි මවු ගංගාව ලෙස Huangpu නදිය හදුන්වයි.
    එහි දිගකිලෝ මීටර් 113 කි. පළල මීටර් 400ක් හා ගැඹුර මීටර් 9 කි. Huangpu නදියගලා බසින්නේ ශැන්හයි නගරය කොටස් දෙකකට බෙදා වෙන් කරමිනි. එ නැගෙනහිර කොටස Pudong ලෙසත් බටහිර කොටස Puxi ලෙසත් බෙදා වෙන් කරමිනි.
    එසේම . Huangpu නදිය ශැංහයි හි ප්‍රධානතම පානීය ජල ප්‍රභවය වේ. අද වනවිට සංචාරක ආකර්ශණය දිනා ඇත්තේ මෙම . Huangpu නදිය දිගේ බෝට්ටු මගින් සිදුකරන සිරි නැරඹීම අපූර්වතම අත්දැකීමක් වන නිසාය.
    • Cruise route: Shiliupu Wharf near the Bund – Shanghai Tower – Shanghai World Financial Center – Jinmao Tower – Oriental Pearl TV Tower – Yangpu Bridge – Waibaidu Bridge – Monument to the People's Heroes – Peace Hotel – Customs House – back to the wharf
    • Boarding place: Shiliupu Wharf near the Bund (531 Zhongshan East 2nd Rd)
    • Duration: about 50 minutes
    • Cruise operating hours: 11am–9:30pm
    • Interval: 15–30 minutes
    • Price: 120 yuan (US$18) (for sightseeing only, without dinner or snacks)


    ඔබ බෝට්ටුවේ සංචාරය කරන විට දෙපසින් පැරණි යුරෝපීය ගෘහ නිර්මාණශිල්පයෙන් නිමවෙවූ ගොඩනැගිලි සහ නවීන අහස සිඹින ගොඩනැගිලි දැකිය හැකිය. මා ඔබට නිර්දේශ කරන්නෙ මේ බෝට්ටු සවාරිය රාත්‍රී කාලයේ වඩා උචිත වන බවයි. නියෝන් ආලෝකයෙන් ආලොකමත්ව අයස්කාන්ත දර්ශනයක් මෙමගින් ඔබට දැකිය හැක.

    mPQ9I20.jpg


    ij3i3fi.jpg


    මේ යුරෝපීය ග්‍රිහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිවූ ගොඩනැගිලි වූ කලාපය

    SjODJGD.jpg


    xk3j49J.jpg


    WRi9mDv.jpg


    යමෙකු ශැන්හයි යන්නේ නම් අනුවාර්‍යයෙන්ම මෙම බෝට්ටු සවාරියා යා යුතු බව මගේ හැගීම. ක්‍රමාණුකූල නගර සංවර්ධනය නිතැතින්ම පසක් වන අතර තමා සතු සම්පත් සංචාරක ආකරශනය සහිත කලාප බවට පත් කරගැනීමේ ලා චීනය දක්වන දක්ෂතාව සියැසින්ම දැක බලා ගත් හැක.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    Maru, Balan hitiye aluth post eka enakan.

    Thawa digata post eka dandako saho.
    Api balan inne digatama danda.