චීනය අපිට සහාය දෙනු ඇතැයි විශ්වාස කරනවා – ජනපති

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    China Loop GIF by xponentialdesign


    චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාවට සහාය දැක්වූ බවත් මේ අසීරු අවස්ථාවේදීත් චීනය ලංකාවට සහාය පළකරනු ඇතැයි විශ්වාස කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

    “ලෝක නායකයින් සමග අදහස් හුවමාරු කර ගත්තා. සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළඳගිවිසුම පණගන්වන්න හැකි වුණොත් රටට ලැබෙන වාසිය අත්මහත්.

    මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමත් සමග ශ්‍රී ලංකාව සමග ස්ථාවර ආර්තික සබඳතාවක් ඇති කර ගැනීමට හැකිවෙනු ඇතැයි සිංගප්පූරු අගමැති විශ්වාසය පළ කරනවා.

    ජාපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව සමගත් සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට සහාය දෙන බව ඔවුන් කීවා.

    ජපාන අගමැති සමග පැවැති සාකච්ඡාවේදී රටට සහාය දෙන බව ජපාන අගමැති කිව්වා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට සහාය ලබාදෙන බව ජපානය කිව්වා.

    ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් පැවැත්වෙන සමුළුවේදී සම සභාපතිත්වය ලබා ගන්න ජපානය එකඟ වුණා. ජපානය සමග හොඳ සබඳතා ගොඩ ගැනීමට හැකිවුණා. පෙර පැවැති මිත්‍රත්වය යළි ඇති කිරීමට කටයුතු කරනවා.

    චීනය සමග මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කරන්න ජපානය මැදිහත්වීම සුබ ලකුණක්.

    චීන කොමියුනිස් පක්ෂ සම්මේලනයෙන් පසුව යළිත් චීනය සමග සාකච්ඡා ආරම්භ කරනවා. චීනය අතීතයේදී පටන් අපිට සහයෝගය ලබාදි තිබෙනවා.

    මේ අසීරු අවස්ථාවේදීත් චීනය අපිට සහාය දෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඉන්දියාව සමගත් සාකච්ඡා කරමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිතුමා හමුවූ අවස්තාවේදී ලංකාවේ තත්ත්වය සාකච්ඡා කරන්න නව දිල්ලියට එන බව මම කිව්වා.

    මෝදි අගමැතිතුමාගේ සහාය අපිට ලැබුනා. පසුගිය අවස්ථා වලදී ඉන්දියාව අපිට සහාය දැක්වූවා අපි කිහිපවාරයක්ම ඒ පිළිබඳව ඔවුන්ට ස්තූතිය ප්‍රකාශ කළා.

    එංගලන්තයේදීත්, ජපානයේදීත්, පිලිපිනයේදී අපේ රටට වැදගත් රාජ්‍ය නායකයන් හා ජාත්‍යන්ත සංවිධාන සමග මෙන්ම මුදල් අමාත්‍යවරුන් හමුවීම හරහා අපේ රටට විශාල සහායක් ගන්න මම වෙහෙසුනා.”