සමහර විට අතීතයේ දී ඔවුන්ට ලෝකය සමඟ ඉදිරියට යාමට හොඳ නායකත්වයක් නොතිබුණි ද?
මා පෙර කීවා මෙන් අතීතයෙ චීනාට ලොව තුල අණසක පැතිරවීමට ඔනෑ තරම් අවකාශය තිබුණි .
එසෙ නොවුයෙ මන්ද ?
වත්මන් චීනාට හරපද්ධති ,සංස්කෘති කිසිවක් නැත.
වත්මන් චීනාට ඇත්තෙ මුදල් ඉතිරි කිරිමෙ ගුණාංගයත් සහ එකමුතු කමත්ය.
කොමියුනිස්ට් ක්‍රමයෙ ඇති ඒකාධිපති තන් පක්ෂ පාලනයත්
ධනවාදී ආර්ථික මොඩලයත් නිසා චීනා මූල්‍යමය බලයක් ලොව තුල පවත්වාගෙන යයි.
චීනා මුදල් නාස්ති කරන්නෙ නැත.
චීන මුදල් ඉතුරු කිරීමට කැමතිය.
චීනුන් සියල්ලෙන් 90 % ක් ම හැන් චයිනීස් වර්ගයට අයත්ය. ඔවුන් සිතන්නෙ ඔවුන් එක වර්ගයක් කියාය. එම නිසා බෙදීම් ගැටීම් අඩුය.
ඉන්දියාවෙ ජනගහනය සිටියද බෙදීම් වැඩි නිසා ගැටීම් වැඩිය.
මූල්‍යමය බලයක් ඇතත් මිලිටරි බලයක් නොමැති නිසා ඇමරිකාව අභිභවා යාමට චීනාට නොහැක
අප වැනි මුදල් නැති දුප්පත් රටවල් ටිකකට වරායක් ,ගුවන් තොටක් ,අධිවෙගි මාර්ගයක් සාදාදි මිනිසුන් චූන් කර අපට නොදැනෙන්න අපිව ආක්‍රමණය කොට රටෙ බලය අල්ලා ගත්තද ඉන් එහාට කළ හැක්කක් නොමැත.