චීනය බලුමස් දිනයට සැරසෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
චීනය බලුමස් දිනයට සැරසෙයි

චීනය බලු මස් කන්න සැරැසෙයි
Dogs-and-Cat-Meat-Market.jpg

2014 ජූනි මස 20 11:42:52 | . , කෝවිද ගුණසේකර

වසරේ දිගුම දිනය හෙවත් ‘‘සූර්යනිවෘන්ති‘‘ (සොල්ස්ටිස්) දිනය අත ළග හෙයින් එය සැමරීම සදහා මහා පරිමානයෙන් බල්ලන් එක් රැස් කිරීම චීනයේ දැනටමත් ආරම්භ වී ඇත.
මෙම එක්රැස් කරගන්නා සුනඛයින් අවසානයේ මරා දැමෙන අතර එම මස් අනුභව කිරීමෙන් සීත සෘතුව සුවෙන් ගත කළ හැකි යැයි චීන ජාතිකයෝ විශ්වාස කරති.
මේ විශ්වාසයේ එල්බ ගෙන සිටින්නවුන් බලූ මස් කෑමෙන් යෙදෙනුයේ කිලෝ ගණනිනි.බලූ මස් මිලදී ගැනීම සදහා වෙනම වෙළද සල්ද මේ සමයෙහි චීනයේ ඉදිකෙරේ.
කෙසේනමුත් අතීතය හා වර්තමානය සැළකීමේදී ගෝලීයකරණයත් සමග චීන ජාතිකයින් බොහෝ දෙනා මෙවැනි චාරිත‍්‍ර පිළිකෙව් කරති.විශේෂයෙන් තමන්ගේම යැයි සුරතලූන් ඇතිකරන පුද්ගලයෝ මෙවන් චාරිත‍්‍ර විධි අනුගමනය කිරීමෙන් වැළකී සිටින්නෝය.
චීනයේ සිදුවන මේ මහා සත්ත්ව සංහාරය සත්ත්ව හිමිකම් සම්බන්ධයෙන් පෙනී සිටින සංවිධානයන්ගේද අවධානය දිනා ගෙන ඇත.මෙනිසාම වසරක් පාසා සූර්යනිවෘන්ති දිනය ළං වෙද්දී ඔවුහු නොයෙකුත් ආකාරයේ විරෝධතා සංවිධානය කරති.
මෙවන් සංවිධාන වල විරෝධතා නිසා චීනයේ බොහෝ ප‍්‍රදේශවල මෙවන් චාරිත‍්‍ර විධි දැනට කි‍්‍රයාත්මක වන්නේ නැත.
කෙසේවුවද චීනයේ සිටින චාරිත‍්‍ර විධි ගැති ජන කොට්ඨාශය කිසියම් සංවිධානයක් කියූ පමණින් තම පුරුදු අත්හැරීමට සූදානම් නැත.මෙවර ඔවුන් කර ඇත්තේ සූර්යනිවෘන්ත දිනයේදී විවිධ සංවිධානයන් තමන්ගේ සතුටට බාධා කිරීමට පැමිණෙන හෙයින් එම දිනයට කලින්ම ඇති පදම් මස් අනුභව කිරීමයි.
සත්ත්ව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙසේ සුනඛයින් මරා අනුභව කිරීම කිසිදු ප‍්‍රමිතියක් අනුව සිදුනොවන්නක් බැවින් විවිධාකාරයේ ලෙඩ රෝග ඇතිවීමේ අවදානමකටත් චීන ජාතිකයින් මුහුණ දෙන බවයි.තමන් පෙනී සිටින්නේ සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වුවත් මිනිසුන්ට වන හානිය ගැනද සැළකිලිමත් බව එම සංවිධානයන් කියයි.

images
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බලුමස් මොන රහයිද බන්? කාල තියෙන එකෙක් කියහන්කො....:oo: