චීනය බිලිගත් මහා සාගතය
ඉතිහාසය පුරා ලෝකයේ විවිධ රටවලින්, පාරිසරික හේතුමත ඇතිවන දරුණු ස්වභාවික විපත් පිළිබඳව අපට අසන්නට ලැබි තිබේ. එහෙත් මිනිසුනට සාගතයෙන් මියයාමට සිදුවූ දරුණුම විපත ඇරඹුනේ 1958 චීනයේය. එය ස්වභාවික විපතක් නොව මිනිසා විසින් ඇතිකරගනු ලැබූ විපතක් යයි පැවසීම වඩා නිවැරදි වන්නේ සාගතයට මූලිකව බලපෑ හේතු සාධකය මිනිසා විසින් නිර්මාණය කරනු ලැබිමක් වීම නිසාය.
1958 දී, මාඕ සේතුංගේ නියෝගයකට අනුව චීනයේ සියලුම ගේ කුරුල්ලන් මරා දමනු ලැබිය. එය හැඳින්වූයේ “ගේ කුරුල්ලන් වඳ කිරීමේ ව්‍යාපෘතිය” ලෙසිනි. එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ඊට වසර 3කට පසු මිනිසුන් දස ලක්ෂ ගණනක් සාගතයෙන් මිය ගියේය.
1949 ඔක්. 01 වනදා මහජන චීන සමූහාණ්ඩුව පිහිටු වූ මාඕ සේතුං ඊට වසර 9කට පසු 1958 දී චීනය තුළ විශාල කඩිනම් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම උදෙසා විශේෂයෙන්ම ප්‍රධාන ලෙස කෘෂිකර්මාන්තය මත යැපුනු චීනය, මාක්ස්වාදී පාලනයක් හරහා, කෘෂිකර්මාන්තය මෙන්ම කාර්මික අතින්ද *පොහොසත් රටක් බවට පරිවර්තනය කිරීම උදෙසා විශේෂ ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් සිදු කළේය. ඒ අනුව මිනිසුනට පෞද්ගලික ලෙස වගා ඉඩම්වලට තිබූ අයිතිය අහෝසි කෙරිණි, කෘෂිකාර්මික කටයුතු සියල්ල රජයේ පාලනය යටතට ගැනිණි. සියලු මිනිසුන් සාමුහිකව ඒවායේ ගොවිතැන් කටයුතු කළ යුතු විය.
මේ කර්තව්‍යයේදී චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ මාඕ සේතුං, මහජන සෞඛ්*ය රැක ගැනීම හා කෘෂි කාර්මික භෝග වගාව ආරක්ෂා කර ගැනීම සඳහා සතුන් 4 වර්ගයක් සම්පූර්ණයෙන් වඳකර දැමිය යුතු යයි තීරණය කළේය. ඒ අනුව මදුරුවන්, මැස්සන්, මීයන් හා ගේ කුරුල්ලන් වඳකර දැමීමට නියෝග ලැබිණි.
චීනයේ සියලු රටවැසියනට මේ සතුන් වඳ කිරීමට ඉදිරිපත් වන ලෙස රජයෙන් ඉල්ලීමක් කෙරුනු අතර රජය මේ සත්ව කොට්ඨාස හතරෙන් ගේ කුරුල්ලන් වඳ කිරීමට විශේෂ උනන්දුවක් ගත්තේය. එයිනුත් කැලෑවේ ගස්වල ජීවත්වූ යුරේසියානු ගේ කුරුල්ලා (Urasian Tree Sparrow) කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වූයේ ඌ ධාන්‍ය වර්ග කෑමට විශේෂ කැමැත්තක් දැක්වූ නිසාය. චීන විද්‍යාඥයින් ගණන් බලා තිබූ අන්දමට එක් කුරුල්ලෙකු වසරකට ධාන්‍ය කිලෝ ග්‍රෑම් 4.5ක් කා දමනු ලබයි. ඒ අනුව කුරුල්ලන් දස ලක්ෂයක් මරා දමුවහොත් මිනිසුන් 60,000කට වසරකට අවශ්‍ය ධාන්‍ය ඉතිරිකර ගත හැක. මේ ගණනය කිරීම සාධකයක් කර ගනිමින් මාඕ සේතුංගේ කුරුල්ලන් වඳ කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය දියත් කළේය. අද වැනි කාලයක නම් පරිසරයේ වෙසෙන පරිසර හිතකාමී සතුන් සමූල ඝාතනය කිරීම දෙවරක් සිතා බැලිය යුතු බරපතළ කරුණක් සේ සලකන නමුත් එදා, පෞද්ගලිකව වගා කටයුතු කරමින් සිටි චීන ජාතිකයින්ට, තමන්ට හුරුපුරුදු චර්යාවෙන් මිදී රජයේ ඉඩම්වල සාමුහිකව වගා කටයුතු ආරම්භ කළ යුගයේ, ඔවුන් මුහුණ පෑ ආහාර දුෂ්කරතා හමුවේ, මේ ගේ කුරුල්ලන් වඳකර දැමිය යුතුය කියා මිස ඉන් එහා යමක් කල්පනා නොවීය.

එසේම ගේ කුරුල්ලන් වඳ කර දැමීම මාඕ සේතුංගේ මාක්ස්වාදී ඒකාධිපති වාදයටද ඉතා හොඳින් ගැළපී ගියේය. මාක්ස්වාදයේ නිර්මාතෘ කාල්මාක්ස්ට වුව පරිසරය, පිළිබඳ යථාවබෝධයක් නොවී යයි සඳහන් වේ. ඔහු ඇදහූවේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා වූ නිෂ්පාදන ක්‍රියාවලියේදී පරිසරය මිනිසාට උවමනා ලෙස වෙනස් කරගත යුතු බවය. මාඕ සේතුංට වුව, සතුන් පිළිබඳ කිසිදු දැනීමක් නොවිණි. පාලන කටයුතුවලදී තීන්දු තීරණ ගැනීමේදී ඔහු කිසි විටෙකත් ඔහු ඒ
පිළිබඳ විශේෂඥ මත විමසුමක් නොකළේ යැයි පරිසරවේදී ඩායි ක්විං පවසයි. ඉදින් ගේ කුරුල්ලන් ඇතුළු සතුන් වර්ග 4 වඳ කළ යුතුයයි ඔහු ගත් තීරණය ප්‍රශ්න කිරීමකින් තොරවම ක්‍රියාවට නැගිණි.
මේ ව්‍යාපෘතියේදී දස ලක්ෂ ගණනක් ගේ කුරුල්ලන් මරා දැමීයයි සඳහන් වේ. බොහෝ කුරුල්ලන් මරා දමනු ලැබූ අතර, තවත් බොහොමයක්, මිනිසුන් නිරන්තරව එළවා දැමීම හේතුකොට ගෙන වෙහෙසට පත්ව මැරී වැටුණෝය.
1960 ගණන් වන විට ගේ කුරුල්ලන් වඳ කිරීමේ ක්‍රියාවලියේ අනිටු ප්‍රතිවිපාක දෘශ්‍යමාන වන්නට විය. පෙනෙන්නට තිබූ ආකාරයට, ගේ කුරුල්ලන් කා දමා තිබුණේ ධාන්‍ය ඇට වර්ග පමණක් නොවේ. ඒවා සමග උන් වගා බිම්වල සිටි කෘමි සතුන් බොහොමයක්ද ආහාරයට ගෙන තිබුණි. කාමීන් කා දැමීමට කුරුල්ලන් නොවුණ කල්හි කෘමි සතුන්ගේ වර්ධනය සීග්‍ර විය. විශේෂයෙන්ම පලාගිරවුන් වැනි කෘමීන් රටපුරා විශාල ලෙස සීග්‍රයෙන් ව්‍යාප්ත වි ගියේය. උන් මිනිස් පරිභෝජනය සඳහා වූ ධාන්‍ය ඇතුළුව කා දැමිය හැකි සියල්ල කා දමමින් මහා වගා විනාශයක් සිදු කළේය.
සිදුවූ වගා පාළුව හේතුවෙන් මිනිසුන් දස ලක්ෂ ගණන් සාගතයට ගොදුරු විය. සාගතයෙන් මියගිය මිනිසුන් ගණන රජයේ සංඛ්*යා *ලේඛනවල දැක්වෙන්නේ දස ලක්ෂ 15ක් වුවද සමහර විද්වතුන් පවසන්නේ එය දස ලක්ෂ 45ක් හෝ දස ලක්ෂ 78ක් පමණ විය හැකි බවයි. චීන පුවත්පත් කලාවේදී යැං ජිෂෙං ඔහුගේ ටුම්බස්ටෝන් (Tombstone) නම් ග්‍රන්ථයේ සාගතය ගැන සඳහන් කරමින් මිනිසුන් දස ලක්ෂ 36ක් පමණ මියගිය බව පවසයි (2012 දී හොංකොං හි ප්‍රකාශයට පත් කෙරුනු මේ *පොත චීනයේ බෙදා හැරීම තහනම් කර තිබේ)
පසුගිය වසරේ (NPR (National Public Radio) මාධ්‍ය ආයතනයට යැං පවසා තිබුණේ, සාගතය කොතරම් දරුණු වීද යත් මිනිසුන් විසින් මිනිසුන් කා දමා තිබූ සිද්ධීන් දහස් ගණනක් පිළිබඳව වාර්තා සොයාගත හැකි වූ බවයි. ඒවාට අනුව දෙමාපියන් දරුවන්ව කා දමා තිබූ අවස්ථා මෙන්ම දරුවන් විසින් දෙමාපියන්ව කා දමා තිබූ අවස්ථාද ඒ අතර වෙයි. තත්ත්වය එතරම් බියකරු හා ජුගුප්සාජනක වී තිබුණි. මිනිසුන් දහස් ගණන් ආහාරය සඳහා මරා දමනු ලැබිණි. තවත් දහස් ගණනක් මැරුම් කා තිබුණේ රජයට විරුද්ධව කතා කිරීමේ වරදට දඬුවම් ලෙසිනි.
මේ සා විශාල මිනිසුන් සංඛ්*යාවක් මියයාමට හේතු වූ සාගතය ගේ කුරුල්ලන් වඳ කිරීම මගින් ආරම්භ වුවද 1960 දී ඇතිවූ දරුණු නියඟය මගින් තත්ත්වය තවත් බිහිසුණු බවට පත් කළේය. තත්ත්වය තවත් නරක අතට හැරීමට බලපෑ අනෙක් හේතුව වූයේ මධ්‍යම ආණ්ඩුව මගින් හඳුන්වා දුන් නව කෘෂිකාර්මික ක්රමවේදයත් සම්පූර්ණයෙන්ම අසාර්ථක ඒවා වීමය.
මේ සිද්ධියේදී වඩාත්ම දුක්ඛදායක කරුණ වන්නේ, සිදුවූ බොහොමයක් මරණ වැළැක්විය හැකිව තිබූ ඒවා වීමය. බොහොමයක් වගා බිම් පාළුවට ගොස් තිබුණද, රජයේ විශාල ධාන්‍ය ගබඩාවල මුළු රටටම බෙදා හැරීමට තරම් අවශ්‍ය ධාන්‍ය ගබඩා වී තිබුණේ යයිද, එහෙත් රජයේ වගකිවයුතු නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙත නිසා හෝ රජයේ ප්රතිපත්තිවල වරද නිසා හෝ ඒවා අවශ්‍ය පුද්ගලයිනට බෙදාහැරීම සිදු නොවී, ප්රශ්නය යටගසා දැමුවේ යයිද සඳහන් වේ. රජයේ මේ ක්‍රියාපිළිවෙත ප්‍රශ්න කළ බොහෝ දෙනෙකුට සිදුවූයේ පහරකෑමට ලක්වීමට හෝ සිරබත් කෑමටය. සමහරුනට ජීවිතය පවා අහිමි විය.
අදටද චීනයේ මේ සාගත කාලය හැඳින්වෙන්නේ “අවුරුදු 3ක දුෂ්කර කාල සීමාව” නැතහොත් “ස්වභාවික උවදුරුවලින් පිරි අවුරුදු 3ක කාලය ලෙසිනි. “අද වන විට කොමියුනිස්ට් පක්ෂය මෙන්ම චීන ජන සමාජය සෑහෙන ආර්ථීක දියුණුවක් ලබා තිබෙනවා. අද සිටින මිනිසුන්ට එදා තිබූ අමානුෂික පරිසරය පිළිබඳව විශ්වාස කිරීමට අපහසු තරම්, ඒ නිසා සාගත කාල සීමාව පිළිබඳ සැබෑ තොරතුරු කිසිදා චීනය තුළ ප්‍රකාශයට පත් නොවනු ඇති.” ද ගාඩියන් පුවත්පත අමතමින් යැංජිෂෙං පවසා තිබුණි.
යැංජිෂෙං පුවත්පත් කලාවේදියෙකු බැවින් ඔහුට රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන තොරතුරු මාධ්‍ය පරිහරණය කිරීමේ වරප්‍රසාද තිබුණි. ඔහුව හදා වඩාගත් පියාද ඉහත කී සාගතයට හසුව සාගින්නෙන් මිය ගොස් තිබූ බැවින් සාගතයට හේතු වූ සැබෑ කරුණු පිළිබඳ සෙවීමට ඔහුට අවංක උවමනාවක්ද විය. ඔහු මේ සඳහා අවුරුදු 20ක් තරම් දිගු කාලයක් පුරා තොරතුරු එක්රැස් කළේය. ඒවායේ සඳහන් සිද්ධීන් එකිනෙක ගළපා බැලුවේය. එබැවින් ඔහුගේ “ටුම්බස්ටෝන්” ග්රන්ථයෙහි එන සංඛ්*යා*ලේඛන හා තොරතුරු වඩාත් නිවැරදි විය හැක.
උපුටා ගෑනීම සමුදුර පුවත් පතින්

rep ++++++

rep(+)