ටික කාලයක සිට චීන සංස්කෘතිය, සොබාදහම සහ චීන ජාතිකයන් ආශ්රිත මුදල් ගෙවා Facebook සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන පෝස්ට් වැඩි වශයෙන් දැක ගැනීමට ඔබටත් හැකි වෙන්නට ඇති.
විශේෂත්වය වන්නේ මෙම ප්‍රචාරණ කටයුත්ත ඉතාමත් ක්‍රමානුකූලව සිදු වීමයි. ප්‍රථමයෙන් චීනයේ අලංකාර නිවාස ගෘහ නිර්මාණ ශිල්ප ආදිය ද, ඊට පසුව ඔවුන්ගේ සංස්කෘතික වටිනාකමකින් යුක්ත දේවල් ද, වශයෙන් ඇරඹි මෙය මේ වන විට චීන කාන්තාවන් යොදා ගනිමින් (සිංහල භාෂාවෙන් කතා කරන) ඔවුන්ගේ රට අගය කිරීමත් සිදු වනවා
මෙම පෝස්ට්ස් වල ඇති කමෙන්ට්ස් බැලූ විට ඔවුන් මේ කාර්යයේ කෙතරම් සාර්ථක ද යන්න ඔබට වටහා ගත හැකියි. ශ්‍රී ලාංකික බොහෝ දෙනා ඔවුන් ව අගය කිරීම, බොහොමයක් පිරිමින් ඔවුන්ට ආදරය ප්‍රකාෂ කිරීම පවා සිදු කරනවා.
විශේෂත්වය වන්නේ මේ posts සියල්ලම Sponsored ඒවා වීමයි. එනම් මෙම posts ජනතාව වෙත යැවීම සඳහා ඔවුන් විශාල වියදමක් දරනවා. මේ වන විට “චීනය ගැන ඉගෙන ගනිමු” වැනි posts වැඩි වැඩියෙන් දැක ගත හැකියි.
අරුම පුදුම කාරණය වන්නේ දැඩි සමාජවාදී රටක් වන චීනයේ Facebook, Instagram වැනි සමාජ ජාල භාවිතය එරට පුරවැසියන්ට තහනම් වීමයි. ඒ අනුව මෙම පෝස්ට්ස් ඔබ වෙතට ලගා කරවීමට ඔවුන් කෙතරම් වෙහෙසක් ගන්නවාද යන්න ඔබට වටහා ගත හැකියි.
මේවායෙහි අරමුණු කීපයක් නිරීක්ෂණය කරගත හැකියි
මෙහි දී ඔවුන් මූලික අදියර වශයෙන් අදාළ රාජ්‍යයන්ට ඉතා ඉහල පොළී අනුපාතයන් යටතේ ඉතා විශාල ණය මුදල් ලබා දීම කරනවා. සාමාන්‍යයෙන් ණයක් ලබා දීමේ දී විදේශ රාජ්‍යයන් ණය ලබා ගන්නා රටට එය නැවත ගෙවීමේ හැකියාවක් ඇත්දැයි විමසා බලා ඒ සීමාවන් යටතේ සාධාරණ පොළියකට ණය ලබා දීමයි සිදු කරන්නේ.
එහි දී ඔවුන් එම ණය නිවැරදි ආකාරයට භාවිතා කරනවාද යන්නත් එම ණය ලබා දෙන රාජ්‍යන් නිරීක්ෂණය කරනවා. දූෂිත දේශපාලකයන් සිටින රටක දේශපාලකයන්ට මෙය හිසරදයක්. කෙසේ වෙතත් චීනය ණය ලබා දීමේ දී එවැනි දේ සොයා බලන්නේ නැහැ. එම ණය, අදාළ කාල සීමාවේ දී ගෙවා නොදැම්මහොත් ඔවුන් රටේ මර්මස්ථාන එයට හිලව් වශයෙන් ලබා ගැනීමට ක්‍රයා කරනවා. බොහෝ දුප්පත් අෆ්රිකානු රටවලට සහ ශ්‍රී ලංකාවට මේ වන විට අත්ව තිබෙන්නේ ඒ ඉරණමයි.
මේ අයුරින් රටේ සම්පත් ලබා ගැනීමේ දී රට වැසියන්ගේ එල්ල වන විරෝධය අඩු කිරීමට ඔවුන් යොදා ගන්නා ප්‍රභලතම උපාංගය වන්නේ Facebook වැනි සමාජ මාධ්‍යයයි. භෞතික යුද්ධයකින් රටක් යටත් කරගන්නවාට වඩා රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීම මගින් රටක් යටත් කර ගැනීම පහසු බව චීනය හොඳින් තේරුන් අරන් තිබෙනවා. එය සාමාන්යෙන් කාලයක් ගත වන ක්‍රියා දාමයක් වුවද ඉතා සාර්තක ක්‍රම වේදයක්.
ශ්‍රී ලංකාව ගත් විට මෙහි දේශපාලකයින් මුස්ලිම් සිංහල දෙමළ වර්ගවාදය ඔසවා තබමින් වෛරය පතුරවමින් සිටිය ද අපේ රටෙ ස්වෛරීභාවයට ඇති ප්‍රභලතම තර්ජනය ඇත්තේ චීනයෙන් බව අප තේරුම් ගත යුතුමයි. මිත්‍රත්වයේ වෙස් මුහුණු බැඳන් එන සැබෑ සතුරන් හඳුනා ගැනීම වගකීම් සහගත පුරවැසියන් වන අපගේ කාර්යයක් බව මතකයේ තබා ගත යුතුයි.

- චීනය සහ ශ්‍රී ලංකාව සංස්කෘතික වශයෙන් සමාන රාජ්‍යයන් දෙකක් බව පෙන්වීම.
- චීනය ලංකාවේ හොඳ මිතුරු රාජ්‍යයක් බව පෙන්වීම.
- රටවල් දෙකෙහි මිනිසුන් දැනට වඩා සමීපව ඇසුරු කළ හැකි බව පෙන්වීම. විශේෂයෙන්ම විවාහ ආදි කටයුතු ( රසිකා ලී, වරුනි JZ මිශ්‍ර නම් භාවිතයත් එවැනි පේජ් වල ශ්‍රී ලාංකිකයන්ගේ කමෙන්ට්ස් නැරඹීමෙන් ඔබට මෙය වඩා තහවුරු කරගත හැකියි.)
- බටහිර සංකෘතියට වඩා චීන සංස්කෘතිය උසස් බව පෙන්වීම.