චීනා ඈරියා ද?

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    රොයිටර් වාර්ථා කරන විදිහට දෑනටමත් චීනෙන් ණය ගෙවිම් සම්බන්ධව ලියුම එවලා. උන් කියන්නේ ණය ගෙවීම් තව අවුරුදු 2 කට කල් දාන්න කෑමති කියලා. ඒත් පෑරිස් සමුළුවේ නියෝජිතයෝ කෑමති වුනා අවුරුදු දහයක් දෙන්න. දෑන් චීනා දෙන්නේ අවුරුදු 2 නම්, අනිත් අයත් දෙක තමා.. මොනවා වෙයිද?

    මේ තියෙන්නේ ඉකොනොමෑට්ටා මේ ගෑන කරලා තිබ්බ විග්‍රහයක්

    https://economatta.blogspot.com/2023/

    ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා පනින්නට අවශ්‍ය අවසන් කඩුල්ල වන චීනයේ කැමැත්තද ඉතා ඉක්මණින් ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. ඇතැම් විට අදාළ ලිපිය මේ වන විටද නිකුත් වී අවසන්ව ඇති. චීනයේ මේ තීරණය නිසා ලංකාවට ඉතා ඉක්මණින් අරමුදලේ ණය ලැබෙයිද? එසේ නැත්නම් චීනයේ මේ කැමැත්ත ප්‍රායෝගිකව ඒ තරම් වැඩකට නැති ප්‍රදර්ශනාත්මක කටයුත්තක් පමණක්ද?

    හරියටම දවස මා නොදන්නා නමුත් මේ සතිය තුළ පැරිස් සංසදය රැස්වීමට නියමිතයි. ඊට පෙර චීන ලිපිය ප්‍රකාශයට පත් වනු ඇතැයි සිතිය හැකියි. එම ලිපිය මත පදනම්ව අරමුදල විසින් ණය ලබා දෙනු ලැබීම කෙසේ වුවත්, කවර හෝ හේතුවක් නිසා සතිය තුළ මේ කටයුත්ත සිදු නොවුවහොත් මැතිවරණයට පෙර අරමුදලේ සහාය ලබා ගැනීමේ ආණ්ඩුවේ අපේක්ෂාවන් කඩ වෙනවා.

    පැරිස් සංසදය සාමාන්‍යයෙන් මසකට වරක් රැස්වන නමුත් පෙබරවාරි හා අගෝස්තු මාස තුළ රැස් වන්නේ නැහැ. ඒ නිසා, මේ සතිය තුළ පැරිස් සංසදය චීන තීරණය පිළිනොගත හොත් මාර්තු මාසය දක්වා කිසිවක් කිසිවක් සිදු වන්නේ නැහැ. චීන තීරණය පැරිස් සංසදයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි වනු ඇත්ද?

    සම්ප්‍රදායික ණය දෙන රටවල් සියල්ලම සිටින්නේ පැරිස් සංසදය තුළයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ දේශපාලන බලය තිබෙන රටවල් සිටින්නේද පැරිස් සංසදය තුළයි. මේ තත්ත්වය තුළ පැරිස් සංසදයේ තීරණය හා අරමුදලේ තීරණය අතර තිබෙන්නේ ඉතා සමීප සම්බන්ධයක්.

    අරමුදලේ සහාය පතන අවස්ථාව වන විට ලංකාව තල්ලු කර දමනු ලැබ තිබුණේ සාමාන්‍යයෙන් අරමුදල විසින් යෝජනා කරන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් මගින් ස්ථායී කළ හැකි තත්ත්වයකට නෙමෙයි. වෙනත් විදිහකින් කිවුවොත්, අරමුදලේ සහාය ලබා ගැනීමෙන් පසුව වුවද සාමාන්‍ය පරිදි ණය ආපසු ගෙවා ගෙන යාමේ හැකියාවක් ඒ වන විට ලංකාව සතු වූයේ නැහැ. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා යම් කාලයකට ණය ආපසු නොගෙවා සිටීම අත්‍යාවශ්‍ය කරුණක්ව පැවතුණා.

    අරමුදලේ සහාය ලබා දීමටනම් ණය ප්‍රතිව්‍යුහගත කර අරමුදලේ සහායෙන් ආර්ථිකය ස්ථාවර කළ හැකි තත්ත්වයක් ඇති කර ගැනීම අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුනා. මෙයට ඉඩ සලසමින් පැරිස් සංසදයේ රටවල් මූලික එකඟතාවයකට පැමිනුණා. වාර්තා වී ඇති පරිදි, මෙම එකඟතාවය අනුව ලංකාවට ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා වසර දහයක පමා කාලයක් යෝජනා වී තිබුණු අතර ඉන් පසුව ණය කොටස් වශයෙන් ගෙවීම සඳහා තවත් වසර පහළොවක සහන කාලයක් ලබා දී තිබුණා. වසර විසිපහක් වැනි දිගු කාලයක් තුළ ආර්ථිකයේ අඩුපාඩු මකා ගෙන ණය ආපසු ගෙවීම කළ නොහැක්කක් නෙමෙයි.

    කෙසේ වුවද, පැරිස් සංසදයේ රටවලින් මෙවැනි සහනයක් ලැබෙන්නේ සංසදයට අයත් නොවන රටවලින්ද සමාන මට්ටමේ සහනයක් ලංකාවට ලැබෙන්නේනම් පමණයි. මෙම රටවල් අතර සිටි ප්‍රධානම ණය හිමියන් දෙදෙනා චීනය හා ඉන්දියාවයි.

    පසුගිය සතියේදී ඉන්දියාවේ එකඟත්වය ලංකාවට ලැබුණා. මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ ඉන්දියාවේ එකඟත්වය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ඉවහල් වන මට්ටමේ එකඟත්වයක් බවයි. එය පැරිස් සංසදයේ යෝජනාව හා සැසඳෙන මට්ටමේ එකක්ද නැත්නම් ඊට වඩා අඩු මට්ටමක එකක්ද යන්න පැහැදිලි නැතත් සැලකිය යුතු මට්ටමක සහනයක් බවට සැකයක් නැහැ.

    ඉන්දියාවේ තීරණයත් සමඟ චීනය උණුසුම් පුටුවට පැමිණියා. පෙනෙන්නට ඇති පරිදි, දේශපාලනික හානිය අවම කර ගනිමින් චීනය විසින් ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට යන නමුත් එම ප්‍රතිචාරය ලංකාවට කොපමණ ප්‍රයෝජනවත්ද යන්න පැහැදිලි නැහැ. නිල ප්‍රකාශ නොවුණත්, චීනය විසින් දෙවසරක ණය පමා කාලයක් යෝජනා කර ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.

    චීනයෙන් ලැබෙන සහනය දෙවසරක ණය පමා කාලයක් පමණක්නම්, අනෙක් රටවලින් ඊට වඩා සහනයක් ලංකාවට ලැබෙන්නේ නැහැ. එවිට ඉතිරි වන ප්‍රශ්නය දෙවසරක පමාවකින් පමණක් ලංකාවේ ආර්ථිකය ස්ථායී කළ හැකිද යන්නයි. මෙය බොහෝ විට නොකළ හැක්කක් විය හැකියි. දෙවසරක ණය පමාවකින් පමණක් ආර්ථිකය ස්ථායී කළ නොහැකි බව පැරිස් සංසදයේ හෝ අරමුදලේ නිගමනය වුවහොත් අපේක්ෂා කළ පරිදි අරමුදලේ සහාය ඉක්මණින්ම නොලැබෙන්න පුළුවන්.

    චීනය කරන්න හදන්නේ බටහිර රටවලට බෝලය පාස් කිරීමක්ද?
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Imf hambenne ne
    චීනේ අවුරුදු දෙකකට ඈග්‍රී වුනා කියන්නේ ඒ මත පදනම් වෙලා හරි IMF සහය ගන්න පුලුවන්.. ඒත් එතනින් එහාට අවුරුදු දෙකකින් කොහොමද මේක ගොඩ දාගන්නේ.. කෑරි චීනා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    චීනේ අවුරුදු දෙකකට ඈග්‍රී වුනා කියන්නේ ඒ මත පදනම් වෙලා හරි IMF සහය ගන්න පුලුවන්.. ඒත් එතනින් එහාට අවුරුදු දෙකකින් කොහොමද මේක ගොඩ දාගන්නේ.. කෑරි චීනා
    IMF hambennama masa 8kda koheda yanawa.awuden goda dapallako lol.IMF ekatath arala tama nawatinne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    Sri Lanka owed Chinese lenders $7.4 billion, or nearly a fifth of its public external debt, by the end of last year

    Imf hambenawa.lankawen un eka ussanawa.rata yanawa.sinhaluta tawa kela wenawa.anathama wenawa
     
    • Sad
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Sri Lanka owed Chinese lenders $7.4 billion, or nearly a fifth of its public external debt, by the end of last year

    Imf hambenawa.lankawen un eka ussanawa.rata yanawa.sinhaluta tawa kela wenawa.anathama wenawa
    sada adure.. goda yamak na
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    අකමැත්තෙන් උනත් කියනන් වෙන්නෙ රටක් විදියට ගොඩ එන්න නන් ඔය ණය නොලැබී යන්නම ඕනි.
    කොහොමද ගොඩ යන්නේ? ගෙවන්න තියෙන නය ටික ගෙවන්නම වෙනවා.. ආයේ නය ගන්නත් බෑරි වෙනවා.. කොහෙන්ද සල්ලි හොයා ගන්නේ? IMF එක මෑදිහත් වෙලා අවුරුදු 8-10 ණය පෑහෑර හෑරලා හිමින් ඔලුව උස්සන එක තමා එකම විසදුම. නෑත්නම් ලන්කාවේ මිනිස්සු මෑරෙන්නේ බඩගින්නේ නෑත්නම් බෙහෙත් නෑතුව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    අකමැත්තෙන් උනත් කියනන් වෙන්නෙ රටක් විදියට ගොඩ එන්න නන් ඔය ණය නොලැබී යන්නම ඕනි.
    Ehema goda yamak ne.7.4b denna one awurudu dekak athulatha.nattan capital interest add wenawa.sada anathai
     
    • Like
    Reactions: KadawathaKolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    කොහොමද ගොඩ යන්නේ? ගෙවන්න තියෙන නය ටික ගෙවන්නම වෙනවා.. ආයේ නය ගන්නත් බෑරි වෙනවා.. කොහෙන්ද සල්ලි හොයා ගන්නේ? IMF එක මෑදිහත් වෙලා අවුරුදු 8-10 ණය පෑහෑර හෑරලා හිමින් ඔලුව උස්සන එක තමා එකම විසදුම. නෑත්නම් ලන්කාවේ මිනිස්සු මෑරෙන්නේ බඩගින්නේ නෑත්නම් බෙහෙත් නෑතුව
    China hadanne awurudu 10k wath aduma lankawa unta down karala tiyaganna
     
    • Like
    Reactions: KadawathaKolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    කොහොමද ගොඩ යන්නේ? ගෙවන්න තියෙන නය ටික ගෙවන්නම වෙනවා.. ආයේ නය ගන්නත් බෑරි වෙනවා.. කොහෙන්ද සල්ලි හොයා ගන්නේ? IMF එක මෑදිහත් වෙලා අවුරුදු 8-10 ණය පෑහෑර හෑරලා හිමින් ඔලුව උස්සන එක තමා එකම විසදුම. නෑත්නම් ලන්කාවේ මිනිස්සු මෑරෙන්නේ බඩගින්නේ නෑත්නම් බෙහෙත් නෑතුව
    Ehema goda yamak ne.7.4b denna one awurudu dekak athulatha.nattan capital interest add wenawa.sada anathai
    ණය ටූල් එකක් විතරයි අපේ දේශපාලුවන්ට ප්‍රදාන ආදායම් මාරගය උනාට.

    ඔය මයින්ඩ් එක අයින් වෙන්නම ඕනි මේක ගොඩ දාගන්න. ණය දෙන්න එකෙක් හරි ඉන්නව නන් ඕක හැදෙන්නෙත් නෑ.

    ඔය කිව්ව දේවල් කොහොමත් වෙනව
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Chinese-new-year-20232-e1670329544551.png
    04d32c3325c84866918bfdfa.jpg

    ඇරියද ඇරියද අහ අහ ඉන්න බේසිකයෝ 22 කැවුම් කෑවේ නැද්ද??
     
    • Like
    Reactions: KadawathaKolla

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Chinese-new-year-20232-e1670329544551.png
    04d32c3325c84866918bfdfa.jpg

    ඇරියද ඇරියද අහ අහ ඉන්න බේසිකයෝ 22 කැවුම් කෑවේ නැද්ද??
    කෑවුම් සෙට් වෙන්නේ ලබන මාසේ මුල.. චීන්නු ආපහු ගමේන් ලෝකේ පුරා කොවිඩ් අරන් යනකොට