චීනා කැලේ පැනලා මාට්ටු..
කතුන් සමග දඩයමේ ගිය චීන ජාතිකයා දැලේ
May 29, 2013 08:50 am
ගෝන මස් තොගයක් සමඟ චීන ජාතිකයෙකු මොරගහකන්ද ජලාශ භූමියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මොරගහකන්ද ජලාශයේ වැඩබිම් පරීක්ෂකවරයෙකු ලෙස සේවයේ නියුතු අයෙකු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව ඇළහැර සහ බකමූණ වනජීවි නිලධාරීන් සිදුකළ වැටලීමක දී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරු සමග තවත් චීන ජාතික කාන්තාවන් කිහිපදෙනෙකු ද එම ස්ථානයේ සිටි බව වනජීවි නිලධාරීන් පවසයි.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයා නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.