චීන තඹ ආකරයට යටවන ඇෆ්ගන් බෞද්ධ උරුමය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    චීන තඹ ආකරයට යටවන ඇෆ්ගන් බෞද්ධ උරුමය

    චීන තඹ ආකරයට යටවන ඇෆ්ගන් බෞද්ධ උරුමය

    1449784593839
    ඇෆ්ගනිස්‌ථානයේ ලෝගාර් ප්‍රාන්තයේ මොහොමඩ් අගා දිස්‌ත්‍රික්‌කයේ "මෙස්‌ අයිනැක්‌" යන ස්‌ථානය ගැන ලොවම කතා කරයි. ලෝගාර් ප්‍රාන්තයේ ප්‍රාදේශීය දාරී භාෂාවට අනුව "මෙස්‌" යනු තඹය. මෙස්‌ අයිනැක්‌හි අර්ථය වන්නේ කුඩා තඹ ළිඳ යන්නයි. කාබුල් නගරයට කිලෝමීටර් 40 ක්‌ ගිනිකොන දිගින් පිහිටා ඇති මේ ස්‌ථානය 1999 කාලයේදී අල්ඛයිඩා සාමාජිකයන්ගේ පුහුණු කඳවුරක්‌ව පැවැති අතර සැප්තැම්බර් 11 ප්‍රහාරය සඳහා එම සාමාජිකයන් පුහුණු කිරීම සඳහා යොදාගත් ස්‌ථානයක්‌ බවට ද සැක කෙරේ. අඩි පන්දහසක්‌ උසැති මේ ප්‍රදේශය ලෝක බෞද්ධ ශිෂ්ඨාචාරයට ඉතා වැදගත් බෞද්ධ ආරාමයක නටඹුන් ද පිහිටා ඇත. ඇත්තෙන්ම "මෙස්‌ අයිනැක්‌" බෞද්ධ විහාරයේ අතීතය ක්‍රි.පූ. 3 වැනි සියවස දක්‌වා දිවෙන අතර තලෙබාන්වරුන් රජකරන ඇෆ්ගනිස්‌ථානයේ දෙවැනි වැදගත්ම බෞද්ධ විහාර නටඹුන් මෙහි සොයාගෙන ඇත.

    බාමියන් පිළිමයට පසු වැදගත්ම බෞද්ධ ඉතිහාසය හමුවන්නේ මෙහිදීය. මෙය තලෙබාන්වරුන්ගේ ඇසට ලක්‌ නොවූවේ එම විහාරය පස්‌ යට මිහිදන්ව පැවැති නිසාය. නමුත් එය දැන් ගොඩගනිමින් පවතී. එහෙත් චීන තඹ ආකරය නිසා මේ විශිෂ්ට බෞද්ධ උරුමය විනාශ වී යයි ද යන සැකය බොහෝ පුරාවිද්‍යාඥයන් විසින් මතු කරනු ලබයි.

    2007 වසරේදී මේ ලෝක පූජිත බෞද්ධ නටඹුන් ඇති විහාරස්‌ථාන සංකීර්ණයේ ඉරණම වෙනස්‌වීම ආරම්භ විය. ඒ ඇෆ්ගන් රජය ලොව විශාලත්වයෙන් දෙවැනි තඹ නිධිය ඇති මේ ස්‌ථානය ඩොලර් බිලියන 03 කට චීන රජයට අනුබද්ධ "චීන ලෝක විද්‍යාත්මක සමූහය" නමැති සමාගමට වසර තිහකට බදු දීමත් සමගය. 2014 වසරේදී තඹ සෙවීමේ කැණීම් ආරම්භ කරන අතර මේ වන විට සිදු කෙරෙන්නේ යටිතල පහසුකම් සකස්‌ කිරීමය.


    FNFCKAEsqQpVAnK-1600x900-noPad.jpg


    ප්‍රංශ පුරාවිද්‍යාඥ µsලිපේ මාකේස්‌ පවසන්නේ මෙස්‌ අයිනැක්‌ බෞද්ධ විහාර නටඹුන් ඇති මේ ස්‌ථානය අතීතයේ සේද මාවතේ වැදගත් ස්‌ථානයක්‌ වූ බවය. වසර 2000 කට වැඩි ඉතිහාසයක්‌ ඇති මේ ස්‌ථානයට මහා ඇලෙක්‌සැන්ඩර් රජුගේ හමුදාවන් ද පැමිණි බවට සාධක හමුව ඇත. ඇත්තෙන්ම ලොව ලොකුම තඹ ආකරය මෙම ස්‌ථානයේ ආරම්භ වන බව පැහැදිලිය. එවිට මේ පැරැණි බෞද්ධ නටඹුන් විනාශ වී යා හැකි බව ඇෆ්ගනිස්‌ථාන පුරාවිද්‍යාඥයකු වන අබ්දුල් කාලිඩ් ප්‍රකාශ කරයි. "ලෝකය පුරාම ඉන්න ජනතාව ඇෆ්ගනිස්‌ථානය ගැන දැනගත්තේ යුද ගැටුම් නිසයි. නමුත් මෙවැනි ස්‌ථාන හරහා අපේ පැරැණි විශිෂ්ට ඉතිහාසය ගැන හොඳින් දැනගත හැකියි" කාලිඩ් පවසයි.

    පුරාවිද්‍යා කැණීම් සිදු කිරීම සඳහා චීන සමාගමට වසර කිහිපයක කාලයක්‌ ලබාදී ඇත. 2010 මැයි සිට 2011 ජුලි දක්‌වා කාලය තුළ විවිධ පිළිම හා අනෙකුත් පුරාවස්‌තු කොටස්‌ 400 ක්‌ පමණ හමුවී ඇත. විශේෂයෙන්ම මේ අතර හමුවූ සිද්ධාර්ථ කුමාරයා දැක්‌වෙන ගලින් නෙළු පිළිමය ගැන බොහෝ ඉතිහාසඥයන්ගේ අවධානය යොමුව ඇත. 2010 දී හමුවූ මෙම පිළිමය ප්‍රංශ මහාචාර්ය ජෙරාඩ් µස්‌මන් හඳුන්වාදී ඇත්තේ ගෞතම සිද්ධාර්ථ ශාක්‍යමුණි ලෙසය. අඟල් 11 ක්‌ උසැති මෙම පිළිමය වසර 1600 ක්‌ පැරැණි බව ප්‍රංශ මහාචාර්යවරයා පවසයි. මෙම පිළිමයේ හැටියට සිද්ධාර්ථ කුමරු දොaතියක්‌ ඇඳ ඔළුවේ ජටාවක්‌ බැඳ සිටින අතර බෙල්ලේ මාලයක්‌ ද අතේ වළලු ද දමා සිටින අයුරු නිරූපණය කර ඇත. මෙම ප්‍රතිමාවේම දකුණු පැත්තේ භික්‍ෂුවක්‌ සිටින අතර එහි දකුණු අත ඉදිරියට එසවී ඇති අතර එහි නෙළුම් මලක්‌ තිබූ බවට සලකුණු ඇත. (එය මඳක්‌ කැඩී තිබේ) ඇත්තෙන්ම මහාචාර්යවරයා දක්‌වන පරිදි සිද්ධාර්ථ කුමාරයාත් බුද්ධත්වය ලැබූ ගෞතම බුදුන් ද මේ පිළිමයේ දක්‌වා ඇත. සැබවින්ම මෙය ඓතිහාසික වටිනාකමක්‌ ඇති සොයා ගැනීමකි. එවන් ඉතිහාසය තඹ ආකාරයකට යටවී විනාශ වී යැම සැබවින්ම කනගාටුදායකය.

    මෙස්‌ අයිනැක්‌ හි කැණීම් කටයුතු ආරම්භ වූයේ 2009 වසරේදීය. චෛත්‍ය කිහිපයක නටඹුන් ද මෙහි හමුව තිබෙන අතර වර්ග අඩි 260 ක වටදාගෙයක නටඹුන් ද හමුව ඇත. මෙහි බුදු හිමියන් දැක්‌වෙන බිතු සිතුවම් ද පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. ඇත්තෙන්ම මේ විශිෂ්ට බෞද්ධ විහාර සංකීර්ණයේ කැණීම් කටයුතු තව මාස 14 කින් නිම කළ නොහැකිය. එහෙත් චීන ජාතිකයෝ 2014 දී තඹ ආකරයේ කැණීම් ආරම්භ කරනු ඇත. විශිෂ්ට බෞද්ධ ඉතිහාසයක, ශිෂ්ටාචාරයක නටඹුන් තඹ ආකරය නිසා වැනසී යයිද? මෙය ලෝකවාසී බෞද්ධ ජනතාවම සංවේගයට පත් කරවන පුවතකි.

    2009 වසරේ සිට මේ දක්‌වා සිදු කරන ලද කැණීම් සඳහා වැය කරන ලද මුදල ඩොලර් මිලියන 28 කි. එහෙත් මෙතෙක්‌ සොයා ගන්නා ලද බෞද්ධ උරුමය, නොඑසේනම් පුරාවස්‌තු ප්‍රමාණය සීමිතය. තවත් බොහෝ දේ පස්‌ යට තිබිය හැක. නමුත් 2014 න් පසුව තඹ ආකරය ක්‍රියාත්මක වූ විට බුදු පිළිම සොයා කැණීම් සිදු කළ නොහැකිය. ඇෆ්ගනිස්‌ථානයේ සංස්‌කෘතික නියෝජ්‍ය ඇමැති ඕමාර් සුල්තාන් පවසා තිබුණේ මේ කැණීම් සඳහා යොදවන පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රමාණය 65 දක්‌වා වැඩි කර ඇති බවත් කම්කරුවන් ප්‍රමාණය 900 දක්‌වා වැඩි කර ඇති බවත්ය. මීට වසර කිහිපයකට පෙර මුළු ලෝගාර් ප්‍රාන්තයේ ආරක්‍ෂාව සඳහා සිටි පොලිස්‌ නිලධාරීන් ප්‍රමාණය 750 කි. නමුත් මේ තඹ ආකරය මෙන්ම පුරවිද්‍යා ස්‌ථානයේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස්‌ නිලධාරීන් 1600 ක්‌ යොදවා ඇත. ඇත්තෙන්ම 2010 වසර අග වන විට මෙම විහාර සංකීර්ණයෙන් බුදුපිළිම කොටස්‌ පමණක්‌ 150 ක්‌ සොයාගනු ලැබූ අතර සමහර ඒවා එතැනින් ඉවත් කිරීමට නොහැකි තරම් විශාල ඒවා වේ. කාබුල් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයත් මේ බෞද්ධ විහාරයේ කැණීම් කටයුතු සඳහා ඩොලර් මිලියනයක්‌ පරිත්‍යාග කර ඇත. ඇමරිකාවේ සිට පැමිණි පුරාවිද්‍යාඥ ලෝරා ටෙඩෙස්‌කෝ පවසන්නේ මේ කැණීම් කටයුතු සඳහා අවම වශයෙන් වසර දහයක්‌වත් අවශ්‍ය බවයි. එසේ නම් 2019 දක්‌වාම මේ කැණීම් සිදුවිය යුතුය. නමුත් තඹ සෙවීම 2014 දී ඇරඹේ. එවිට චීන තඹ ආකරයේ කළු දුමින් මේ විශිෂ්ට බෞද්ධ ඉතිහාසය අඳුරුව විනාශ වී යනු ඇත්ද? සැබවින්ම කනගාටුදායකය. මේ විහාරාරාම කැණීම්වලින් සොයාගත් බුදුපිළිම හා අනෙක්‌ පුරාවස්‌තු ප්‍රදර්ශනය සඳහා ලෝගාර් ප්‍රාන්තයේ වෙනම කෞතුකාගාරයක්‌ තනන බව නම් ඇෆ්ගන් රජය පවසයි. මේ වැනසෙන බොදු උරුමය ගැන සියලු දෙනාම අවදියෙන් සිටිය යුතුව ඇත.
     
    • Like
    Reactions: King GBN

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ රටේ අස් පනාපිට වෙන දේවල් දිහා ඔහේ බලන් ඉන්න උන්ට නොපෙනෙන රටක දේවල් ගැන කොහොමත් කතා කරලා වැඩක් නැ:baffled:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මරුසිරා;19425778 said:
    අපේ රටේ අස් පනාපිට වෙන දේවල් දිහා ඔහේ බලන් ඉන්න උන්ට නොපෙනෙන රටක දේවල් ගැන කොහොමත් කතා කරලා වැඩක් නැ:baffled:

    :(:(:(
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙහෙම දෙයක් තියනව කියල හරි දැන ගත්තේ චීනෙට තඹ ගන්න දුන්න නිසා තමයි. තලෙයිබාන් කාරොයෝ දැන ගත්තනම් මෙහෙම දකින්න වෙන්නෙත් නැ.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මරුසිරා;19425778 said:
    අපේ රටේ අස් පනාපිට වෙන දේවල් දිහා ඔහේ බලන් ඉන්න උන්ට නොපෙනෙන රටක දේවල් ගැන කොහොමත් කතා කරලා වැඩක් නැ:baffled:

    :yes::yes:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරුසිරා;19425778 said:
    අපේ රටේ අස් පනාපිට වෙන දේවල් දිහා ඔහේ බලන් ඉන්න උන්ට නොපෙනෙන රටක දේවල් ගැන කොහොමත් කතා කරලා වැඩක් නැ:baffled:

    ඔව් මචන් එකනම් ඇත්ත :(