චීන ෆෙන්ෂුයි ඇදහීමට අනුග්‍රහය බුද්ධ ශාසන

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    චීන ෆෙන්ෂුයි ඇදහීමට අනුග්‍රහය බුද්ධ ශාසන

    චීන ෆෙන්ෂුයි ඇදහීමට අනුග්‍රහය බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන්..







    බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් කැෂියන් හේරත් ගේ හැසිරීමේ ප්‍රශ්නකාරී එකක් බවට පත්වී තිබෙන බව අප කීපවිටක්ම පවසා ඇත්තෙමු.

    මෑත කාලීනව නීති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ආගමික මධ්‍යස්ථාන වැටලීමේදීද ඔහු ඒවාට සෘජුවම විරුද්ධ විය.

    අනුරාධපුරයේ අනවසර පල්ලිය ඉවත් කිරීම, ලිබර්ටි ප්ලාසාහි ජනතාවගේ මුදල් ගසා කෑ ආගමික ස්ථානය ඉවත්කිරීම සම්බන්ධයෙන් ඔහු විරුද්ධ වී තිබුණි. ඒ අනුව ඒවා ඉවත්කිරීමට නියෝග ලබාදුන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ජේෂ්ඨ ලේකම් එම්.එස් කපුකොටුව මහත්මිය ඔහු විසින් වෙනත් අමාත්‍යංශයකට මාරුකොට යැවුනේ මීට මාස 8කට කලිනි.:P



    බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් වනාහි මහාපරිමාණ ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිඳ තිලංගනී හේරත් මෙරටට ෆෙන්ග් ෂුයි වන්දනාව පුරුදු කිරීමට මුලිකත්වය ගෙන කටයුතු කල තැනැත්තියක් බව මීට පෙර අප පවසා ඇත්තෙමු

    ෆෙන්ග් ෂුයි උපදේශන සේවා ලබාදෙන ඇයගේ මධ්‍යස්ථානයද පිහිටා තිබෙන්නේ ලිබර්ටි ප්ලාසාහිය. එයට අමතරව ඇය "නිර්මාණ ඉංජිනේරු උපදේශන සේවාව" පවත්වාගෙන යයි. කැෂියන් හේරත් සහ තිලංගනී හේරත් ගේ පුතු දුලිත් හේරත් කප්රුක වෙබ් අඩවිය පවත්වාගෙන යයි.

    2008-2009 වසර වලදී ලංකාව තුල ඉතා සැලසුම් ගතව ජනතාවට ලංවූ ෆෙන්ෂුයි වංචා කරුවන් මුළු රට පුරාම ෆෙන්ෂුයි පිළිම භාවිතයට ජනතාවට පුරුදු කලේය. කකුල් තුනේ ගෙම්බන්, ගෝනුස්සන් ඉබ්බන්, අශ්ව ලාඩම්, ලාෆින් ගෝඩ් හෙවත් කුබේර පදළදම නිවසේ ව්‍යාපාර ස්ථානයේ තබා ගැනීමෙන් "හතර මහා නිධානය" පහළ වන මානසික තත්ත්වයකට ජනතාව රැගෙන ඒමට ඔවුන්ගේ කපටි උපක්‍රම වලට හැකිවිය.



    අමාත්‍ය මර්වින් සිල්වාද කැෂියන් හේරත්ගේ බිරිඳ වන තිලංගනී හේරත් මහත්මිය විසින් ලංකාවට බෝ කළ චීන ෆෙන්ෂුයි පිළිමවන්දනාවට ඇබැහිවී ඇති අයෙක් බව ඊයේ ප්‍රසිද්ධියේ පිළිගත්තේය.

    එම පිළිම භාවිතයෙන් වාසනාව හා සම්පත් උදාවෙන බව මර්වින් සිල්වා විසින් ඊයේ ඊයේ පලාගල පරවනගමදී වීර කැප්පිටිපොළ පිළිරුව විවෘත කරමින් බුද්ධ ශාසන අමාත්‍ය ලේකම් කැෂියන් හේරත් මහතා දෙසට හැරෙමින් පැවසුවේ

    "මේ ලේකම්තුමාගේ නෝනා තමයි ෆෙන්ෂුයි පිළිම ලංකාවට ගෙන්වන්නේ. මාත් පුද පූජා කරනවා. මම මේ රත‍්‍රං පළඳින්නේ ඒ නිසායි." යනුවෙනි.:yes::yes::yes:

    පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ බෙල්ලන්තර සිරි සදහම් ආරාමයේද මෙවන් චීන ෆෙන්ෂුයි ඇදහීමට ගන්නා පිළිම දක්නට ලැබෙනවා. පහත ජායාරූපයේ දැක්වෙන්නේ එහි දක්නට ලැබෙන පිළිමයකි










     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    චීන ෆෙන්ෂුයි කලාව ධනවත්වීමේ ක්‍රමයක් නොවේ.




    අපේ රටේ අයට එක එක කාලෙට එක එක ජාතියේ පිස්සු හැදේ.කාලෙකට ක්‍රිකට් පිස්සුවය.තවත් කාලෙකට සුපර් ස්ටාර් පිස්සුවය.බාල තරුණ මහළු සෑම දෙනා අතර වයස,තත්ත්වය දැන උගත්කම වත් පොහොසත් කම් අනුව කලින් කලට විවිධාකාර පිස්සු වසංගතයන් ලෙස පැතිර යයි.මින් සමහරක් ඒවා එක් කලකට පමණි නැවත පැමිණීමක් නැත.දොළුකන්දේ පිරිත් පැන් පිස්සුව ටයිටැනික් පිස්සුව එලෙස යටපත් වී ගිය පිස්සුය.තවත් සමහර පිස්සු ටීක කලක් යටපත් වී නැවත හිස ඔසවයි.විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බොරු ජීවකයන් එලෙස වරින් වර ඉස්මතුවේ.එකෙක්ගේ රෙදි ගැලවෙන විට තව එකෙක් සළුපිලි දවටාගෙන කරලියට පැමිනේ.රුවන්වැල්ලේ හොර භික්‍ෂුවගේ රෙදි ගැලවුන නමුත් මුදල් හා දේශපාලන බලය අතැතිව සිටින ගාල්තැන්නේ හොර කපුවා තවමත් කරලියේය.


    ඉතා වේගයෙන් ප්‍රචලිතව ඒහා වේගයෙන්ම ඉවත් වූ පිස්සුවක් පසුගිය කාලයේදී අපේ රටේ මිනිසුන් අතර වසංගතයක් ලෙස පැති ගියේය.පෙන්ෂුයි පිස්සුව හෙවත් "ඉක්මනින් ධනවත් වීමේ පිස්සුව" ලෙස හැදින්වූ මෙය අපේ රටට බෝ වූවා නොව බෝ කළා යැයි කිවහොත් වඩාත් නිවැරදිය.කලක් යටපත්ව තිබූ මෙම ෆෙන්ෂුයි පිස්සුව නැවත ප්‍රචලිත කිරීමට ඇතැමුන් මෑත කාලීනව මහත් උත්සාහයක් ගන්නා බව ඊයේ පෙරේදා රූපවාහිනී වැඩ සටහනක් දුටු විට දැක ගත හැකි විය.
    සත්‍ය වශයෙන්ම චීන ෆෙන්ෂුයි කලාව හේතුමය පදනම් මත ගොඩනැගුණකි.එය හෑල්ලු කිරීම විවේචනය කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ලේඛකයාගේ අරමුණ නොවේ.නමුත් අපේ අයට ෆෙන්ෂුයි පුරුදු කළ ලංකාවේ ෆෙන්ෂුයි විශේෂඥයන් එය "ධනවත් වීමේ ක්‍රමයක්" ලෙස මවා පෑමක් සිදු කරන්නේ ජනතාව මුලා කොට ඔවුන්ගේ මුදල් ගසාකෑමට හැකි හොදම හා පහසුම ක්‍රමයක් කර ගනිමිනි.චීන ෆෙන්ෂුයි විද්‍යාවේ මූලික සංකල්ප තුළ එය ධන සම්පත් ලඟා කරදෙන විජ්ජාවක් ලෙස විශේෂ කොට දක්වා නැත.එය අපේ ෆෙන්ෂුයි මාස්ටර්ලා විසින්ම තමන්ගේ බඩවඩා ගැනීමට සිදුකල උප්පරවැට්ටියක්ය.
    ලංකාව තුල ෆෙන්ෂුයි කලාව ප්‍රචලිත වීම වැඩිපුරම සිදුවූයේ 2008-2009 වසර වලදීය.එකල ඉතා සැලසුම් ගතව ජනතාවට ලංවූ ෆෙන්ෂුයි වංචා කරුවන් මුළු රට පුරාම ෆෙන්ෂුයි පිළිම භාවිතයට ජනතාවට පුරුදු කලේය.කකුල් තුනේ ගෙම්බන්,ගෝනුස්සන් ඉබ්බන් ,අශ්ව ලාඩම් ලාෆින් ගෝඩ්(එකල මෙය ලාෆින් බුද්ධ ලෙස භාවිතා කිරීමට තරම් ෆෙන්ෂුයි කාරයෝ අමන වූහ.) හෙවත් කුබේර පදළදම නිවසේ ව්‍යාපාර ස්ථානයේ තබා ගැනීමෙන් "හතර මහා නිධානය" පහළ වන මානසික තත්ත්වයකට ජනතාව රැගෙන ඒමට ඔවුන්ගේ කපටි උපක්‍රම වලට හැකිවිය.මොනම ක්‍රමයකින් හෝ මුදල් රැස් කිරීමටම මාන බලමින් කලින් කලට එක එක ජාතියේ උපක්‍රම භාවිතා කරමින් අසරණ ජනතා මුදල් ගසා කෑ එක්තරා ජ්‍යොතිෂ පුවත්පතක ප්‍රධාන කතුවරයකු ෆෙන්ෂුයි කලාව ලංකාවට ගෙනා වොලී බැස්ටියන් අනුප්‍රාප්තිකයා විය.එක්තරා රූපවාහිණී නාලිකාවකට තමා විසින්ම මුදල් දී රූපවාහිනී නාලිකාවේ ආරාධනයෙන් පවත්වන වැඩසටහනක් ලෙස මවා පාමින් වෙළද දැන්වීම් ස්වරූපයෙන් ෆෙන්ෂුයි වැඩසටහන් පැය ගනන් විකාශය කරගත් අයුරු අමුතු රහසක් නොවේ.වැඩසටහන මෙහෙයවන නිවේදිකාව විසින් චීන කාසි වල ,ෆෙන්ෂුයි මංජුසා වල මිල ගනන් කියවීම මෙන්ම ෆෙන්ෂුයි උපදේශණ සේවා ලබාගැනීමට තමන්ගේ පෞද්ගලික සේවා ස්ථානය දුරකථන අංක පවා නිවේදිකාවගේ සුමියුරු හඩින් පේක්‍ෂක පාරිභෝගිකයන් වෙත දැනුම් දීම පවා එම ෆෙන්ෂුයි වැඩසටහන් තුලින් ඔහු නිර්ලජ්ජ ලෙස සිදු කලේය.
    ෆෙන්ෂුයි යන චීන වචනයේ අරුත සුලඟ හා ජලය යන්නයි.මෙය පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ යන පංච මහා ධාතූන් අතරින් වායෝ හා ආපෝ ධාතුව නියෝජනය කරයි.චින ෆෙන්ෂුයි කලාවේ දැක්වෙන ආකාරයට මෙම පංච මහා ධාතූන්ගෙන් ස්වභාවික ශක්තියක් ඇතිවේ.මෙම ශක්තිය චී(CHI) ලෙස හැදින්වේ.මෙම පංච මහා ධාතූන් හා එමගින් ඇතිවන චී ශක්තියේ සමතුලිත බවක් පැවතිය යුතුය.මෙම සමතුලිත බව බිදුනු විට දොස් පරස් ඇතිවේ.
    ෆෙන්ෂුයි කලාවේ මූලික අඩිතාලම මෙම පංච මහා ධාතූන්ගේ සමතුලිතතාව මත ගොඩනැගී ඇත.මිනිසාට දුක් කරදර ලෙඩ රෝග බවභෝග විනාශය ස්වභාවික විපත් ඇතිවන්නේ මෙම පංච ධාතූන් අසංතුලිත වීමෙන් බව පෙන්ෂුයි පිළිබද ලියැවුනු The Rules for Burials වැනි මූලික කෘති වල සදහන්වේ.
    පංච මහා ශූතයන්ගේ සමතුලිතතාව බිද නොවැටී චී ශක්තිය ස්ථායිව පවත්වා ගැනීමට ෆෙන්ෂුයි කලාවේ විවිධ ක්‍රම දක්වා ඇත.තමන් වාසය කරන නිවස පරිසරය තුල පමනක් නොව තම ශරීරය හා අඳින පළදින ඇදුම් ආයිත්තම් වල පවා සමතුලිත බව රැක ගැනීමට උපදෙස් දී ඇත.මෙහිදී ප්‍රධාන දිශා අටේ සෑම දිශාවකම ඉහත කී සමතුලිත බව පැවතීම අනිවාර්්‍යවේ.යම්කිසි අයුරකින් එක් දිශාවක හෝ අසමතුලිත බවක් ඇති වුවහොත් එය හදුනා ගැනීම හා එම දිශාවේ චී ශක්තිය සමතුලිත කිරීමේ ක්‍රම විධි හදුන්වා ඇත.සමතුලිත බව සිදුවී ඇත්තේ කුමන ධාතුවේ අඩු වැඩි වීමෙන්ද බලපෑමෙන්ද යන්න හදුනා ගැනීමත් එය නැවත සංතුලනය කිරීමත් ෆෙන්ෂුයි වලින් සිදුවේ.මෙහිදී දොර පියන් වා කවුළු ජනෙල් තිර ආදිය මෙන්ම විවිධාකාර පිළිම භාවිතා කිරීම සිදු කරයි.භාවිතා කරන පිළිම හා සංකේත වල අමුතු කළාත්මක හා ගුප්ත බවක් දක්නට ඇත.විවිධ ස්වභාවික සත්ත්වයන් මනඃකල්පිත සතත්වයන් පැරණි වීරයන් පුද්ගලයන්ගේ රූප වැනි දෑ භාවිතා කරයි.
    ලාෆින් ගෝඩ් හෙවත් කුබේරන් පිළිමය පැරණි ඉන්දියාවේ තිරුපති කෝවිලේ නිර්මාතෘ කුවේර සිටුවරයාගේය.(ඇතැම් අය මේ පැරණි චීන භික්‍ෂුවක් ලෙසද දක්වති)."වික්ටර් හෝස්" අශ්වයා පැරණි චීන අධිරාජ්‍යයකුගේ යුධ අශ්වයාය.චීන ජනකතාවක දැක්වෙන කල්‍යාන මිතුරන් තිදෙනා ඇසුරින් "කල්‍යාන මිතුරන් තිදෙනා" පදළිමය නිර්මාණය වී ඇත.මීට අමතරව කකඔල් තුනේ ගෙම්බා,ඉදිඹුවා,උණගස් ,චීන කාසි තුන,මංජුසාව,සීනු ආදී ෆෙන්ෂුයද සංකේත පිළිම රාශියකි.මෙම පදළිම සංකේත නියමාකාර ලෙස දිශානුගත කිරීමෙන් චී ශක්තියේ සමතුලිතතාව රැකගත හැකි බව ෆෙන්ෂුයි කලාවේ සදහන්ය.

    ඉහත ඡේදයෙන් දැක්වූයේ ෆෙන්ෂුයි කලාව පිළිබදව හා එහි විශේෂ අංගයක් වන පිළිම සංකේත හා එහි හේතුමය සිද්ධාන්ත පිළිබදව කෙටි හැදින්වීමකි.යහපත්බව,සමතුලිතබව,සුවදායක බව මධ්‍යස්ථ බව මිස පෝසතුන් වීමට ක්‍රමවිධි විශේෂ ආකාරයකින් චීන ෆෙන්ෂුයි කලාවේ දක්වා නැත.
    අපේරටේ ෆෙන්ෂුයි මාස්ටර්ලා කතා කරන්නේ ලියන්නේ ෆෙන්ෂුයි මගින් පෝසතුන් වන අයුරුයි.එම ෆෙන්ෂුයි උපදෙස් පිළිපදින ජනතාව කෙසේ වෙතත් ෆෙන්ෂුයද කියා දුන් හා විකුණූ ෆෙන්ෂුයි මාස්ටර්ලා හා ඔවුන්ගේ ගෝල බාලයන් ගජ පෝසතුන් බවට පත්විය."ෆෙන්ෂුයි මාස්ටර්ලා" එකිනෙකා අතර ඇති තරඟකාරී බව හා මුදල්වලට ඇති කෑදර බව වටහා ගැනීමට ඔවුන් ක්‍රියා කරන අයුරු දේශණ පවත්වන අයුරු දකින ඕනෑම කෙනෙකුට හොදින් වැටහේ.
    බොහෝ ෆෙන්ෂුයද මාස්ටර්ලා ෆෙන්ෂුයි විද්‍යාවේ දැක්වෙන "කුආ අංකය " ගණනය කිරීම වැනි ඉතා පහසු ගණිත ක්‍රම පවා ඉතා සංකීර්ණ අපහසු කාර්්‍යයන් ලෙස මවාපාති.නිවාසවල දෝෂ ඉවත් කිරීමට පෙර හා ෆෙන්ෂුයද ක්‍රමයෙන් පලාඵල පැවසීමට ප්‍රඵම කුආ අංකය ඉතාමත් නිවැරදිව දැන සිටිය යුතු බව කියන ෆෙන්ෂුයි මාස්ටර්ලා ඔවුන්ගේ ආයතනවල මුදල් තැන්පත් කරන සේවය ලබා ගන්නන්ට නොමිලේ කුආ අංකය ලබා දෙන බව කියති.
    එක් ෆෙන්ෂුයි මාස්ටර් කෙනෙකු තම වාණිජ දේශණයකදී තවත් ෆෙන්ෂුයි මාස්ටර් කෙනෙකුව විවේචනය කලේ අනිකා හා ඔහුගේ කණ්ඩායම පිරිමින් වැඩට යන දහවල් කාලයේ කොළඹ අවට නිවෙස්වලට ගොස් පාරම්පරික මෝඩ ගැහැණුන් රවටා නිවෙස් තුළ වාස්තු දෝෂ ඇති බව දක්වමින් බිය ගන්වා ඉතා අධික මුදල් අයකරමින් ඇදන් පුටු එහාට මෙහාට ඇද මල් පෝච්චි තබමින් ජනෙල් රෙදි අඳිමින් රැවටීම් සිදු කරන බවයි.ඔවුනොවුන් අතර ඇති එකිනෙකා විවේචනය කිරීම හා තරඟකාරී බව දැකීමෙන්ම ඔවුන්ගේ ෆෙන්ෂුයි විජ්ජාවල ඇති සත්‍ය අසත්‍ය බව ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය.
    බටහිර වාස්තු විද්‍යාව අපේ රටට ගැලපේ නම් චීන වාස්තු විද්‍යාව අප රටටත් ගැලපෙනවා නොවේදැයි ෆෙන්ෂුයි මාස්ටර්ලා ප්‍රශ්ණ කරති.ප්‍රශ්ණයක් නැත.චීන වාස්තු විද්‍යාව පමනක් නොව චීන සංස්කෘතික අංග,චීන ප්‍රතිකාර ක්‍රම, චීන සටන ක්‍රම ආදී චීන අංග රාශියක් අපේ රටට ලැබී ඇත.එසේ වුවත් චීනයේ ඇති සෑම දෙයක්ම අපේරටට ගැලපේදැයද දෙවරක් සිතා බැලිය යුතුය.උදාහරණයක් ලෙස චීන්නු සර්පයන් ගෝනුස්සන් වැනි සතුන් ආහාරයට ගනිති.නමුතා අපටද ඔවුන් ලෙස එවැනි ආහාර වලට පුරුදු විය හැකිද?චීනය යනු භූමි ප්‍රමාණය ,භූ විෂමතාව ,ජනගහනය,දේශගුණයෙන් අපේ රටට හාත්පසින්ම වෙනස් රටකි.චීනය උත්තර අරධ ගෝලයො පිහිටද රටකි.ලංකාව සමකය ආසන්න රටකි.චීනයේ සූර්යයා ගමන් කරන් අපේ රටේ මෙන් දවල් 12 ට හිස මුදුනෙන් පිහිටන පරිදි නොවේ.එහි සූර්යයා ගමන් කරන්නේ තරමක් දකුනට බරවය.චීන්නු නිවෙසක දකුණු පැත්තේ ජනෙල් වැඩි ප්‍රමාණයක් දමන්නේ එබැවිනි.එමෙන්ම චීනය යනු ලෝකයේ ඉහළම ජනගහනයක් ඇති රටකි.මිනිසුන් වැඩිපුර ගැවසන ස්ථානවල කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි නිසා ගස් කොළං වැඩිපුර වැවීමට චීන්නු කැමතිය.එමෙන්ම නිතර නිතර පීඩන අවපාත ඇතිවන බෙංගාල බොක්ක අපේ රටට ඊශාන දිගින් පිහිටා ඇතත් චීනයට එය වෙනත් දිශාවකි.ඒ අනුව අට දිශාවේ වායෝ ධාතුව සංතුලනය කිරීමට චීනයො භාවිතා කරන ක්‍රම අපේ රටට ගැලපෙන්නේ නැත.ස්වභාවික උන පදුරු අසළ සිසිළසක් සුවයක් ලැබුනත් වේලුනු උන අවට පරිසරයේ උෂ්නත්වය ඉහළ යයි.එනිසා උණබට සැරසිළි මොස්තර ඇතුලත් ෆෙන්ෂුයි සංකේත නිවසේ තබා ගැනීමද සමකය ආසන්න අප රටට නොගැලපේ.
    මේඅනුව බලන කල අපේ රටට ෆෙන්ෂුයි කලාව පුරුදු කළ ෆෙන්ෂුයි මාස්ටර්ලාගේ අරමුණ වූයේ ඒ හරහා තමන් පෝසතුන් වීම මිස ජනතා මෙහෙයක් ඉටු කිරීම නොවන බව අමුතුවෙන් පැවසිය යුතු නැත.




    ප.ලි.
    මේ වන විට ලංකාව තුල ෆෙන්ෂුයි වංචාකරුවන් සිදුකල ප්‍රෝඩාව ජනතාවටම වැටහී මෝඩ අයුරින් ෆෙන්ෂුයි භාවිතා කිරීම ශුන්‍ය වී ඇතත් නැවත පසුකලෙක මෙම ප්‍රෝඩාව වෙනත් මුහුණුවරකින් හෝ ඉස්මතු විය හැක.එහි අනිසි බලපෑමෙන් ඉදිරි පරම්පරාව මුදාගනු පිණිස මෙම සටහණ තබන ලදී.ෆෙන්ෂුයි ගැන ලියවුනු මෙම ලිපිය 2009 පෙබරවාරි 15 දින ඉරිදා ලක්බිම පුවත්පතට මා විසින්ම ලියූ ලිපියක් නැවත සංශෝධනය කර ලියන ලද්දකි.අන්තර්ජාලය තුලින් ඉදිරියේදී කවුරුන් හෝ "ෆෙන්ෂුයි" ගැන ලිපි සොයන විට මෙම ලිපියද කියවීමට ඉඩ ලැබේවා
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොඩක් වටින ලිපියක්..+rep
    අපි නම් අහු වෙන්නේ නැහැ මේ වගේ බොරු දේවල් වලට ..
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මරු කතාව.සහතික ඇත්ත මචං. අපෙ පුංචිට ත් ඔය කියන ෆෙන්ශුයි උන තියෙනව...
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    කොපි කරනවා..... පේස්ට් කරනවා..... තමන්ගේ මතයක් වගේ සද්දෙ දානවා:lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පිස්සු බන්... අපේ අම්ම මටත් එකක් ගෙනත් දුන්න. හිත රිද්දන්නේ නැතුව සතුටින් භාරගත්තා. දැන් කොහෙද කියලවත් මතක නෑ...
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    Eththa kathawa. buddhistlama Buddhism winasha karanawa. E wagema ape Buddhist affairs ministry eke inna aya gdak denek Buddhist la newei. Inna Buddhist lawath anith kattiya discriminate karala thiyennne. Lankawe buddshit kiyala kiwwata mewage kattiya nisa wegayenma lankawe buddshism winasa wenawa. Mekata monahari ikmanata kaanna one