චීන_ජනපති හෙට දිවයිනට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චීන_ජනපති හෙට දිවයිනට

    3-17-2013_92616_l.jpg

    දෙදින නිල සංචාරයක්‌ සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හෙට (16දා) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙයි.

    හෙට පෙරවරු 11.30 ට කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත චීන ජනාධිපතිවරයා ළඟාවීමට නියමිතය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් චීන ජනාධිපතිවරයා පිළිගන්නා අතර චීන නායකයා පිළිගැනීමේ තවත් උත්සවයක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේදීද පැවැත්වීමට නියමිතය.

    අනතුරුව චීන ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමටත් සාකච්ඡාවලින් අනතුරුව දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමටත් නියමිතය.

    චීන ජනාධිපතිවරයා කොළඹ වරාය නගරය හඳුන්වාදීමේ අවස්‌ථාවටත් පස්‌වරුවේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන අදියර සමාරම්භක අවස්‌ථාවටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සහභාගිවීමට නියමිතය.

    17 වැනිදා පෙරවරුවේ චීන ජනාධිපතිවරයා අගමැති දි.මු. ජයරත්න හා කථානායක චමල් රාජපක්‍ෂ යන මහත්වරුන් හමු වේ.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරාධනයෙන් දෙදින නිල සංචාරයක්‌ සඳහා පැමිණෙන චීන ජනාධිපතිවරයා 17 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නොරෝචෝලේ පපඩම් 2 අරගෙන ලු එන්නේ
    තව ටකරං ප්‍රොජෙක්ට් 5-6 ම ඇති කොමිස් සහිතව

    යටින් ගේම් නැතුව සිංහලුන්ට උදව් කරන ජපානේ අගමැති ආවම පොරට 2.50 සැලකිල්ලක් දීලා චීනා එද්දී උගේ ගාව දනින් වැටෙන්න යනවා මහරජා.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ada api wadata gihillath hamaraida......eka eka awata aulak na...jana jeevithe epa karonawane mun tika...minissunta yana enamak na ita passe
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නොරෝචෝලේ පපඩම් 2 අරගෙන ලු එන්නේ
    තව ටකරං ප්‍රොජෙක්ට් 5-6 ම ඇති කොමිස් සහිතව

    යටින් ගේම් නැතුව සිංහලුන්ට උදව් කරන ජපානේ අගමැති ආවම පොරට 2.50 සැලකිල්ලක් දීලා චීනා එද්දී උගේ ගාව දනින් වැටෙන්න යනවා මහරජා.

    Lankawe ape karume :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නොරෝචෝලේ පපඩම් 2 අරගෙන ලු එන්නේ
    තව ටකරං ප්‍රොජෙක්ට් 5-6 ම ඇති කොමිස් සහිතව

    යටින් ගේම් නැතුව සිංහලුන්ට උදව් කරන ජපානේ අගමැති ආවම පොරට 2.50 සැලකිල්ලක් දීලා චීනා එද්දී උගේ ගාව දනින් වැටෙන්න යනවා මහරජා.

    තියෙන එකත් දවසක් වැඩ අනිත් දවසේ කැඩිලා..ලැජ්ජ නැතුව අනිත් ටික හදන්නත් උන්ටම දෙන්න හදනවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තියෙන එකත් දවසක් වැඩ අනිත් දවසේ කැඩිලා..ලැජ්ජ නැතුව අනිත් ටික හදන්නත් උන්ටම දෙන්න හදනවා..
    dan kadenne naha ban

    warayath untama dunne huuuuuuuuuuuuuuuuuuuuu:lol: