චීන_ජනපති හෙට දිවයිනට
දෙදින නිල සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හෙට (16දා) පෙරවරුවේ ශ්රී ලංකාවට පැමිණෙයි.
හෙට පෙරවරු 11.30 ට කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත චීන ජනාධිපතිවරයා ළඟාවීමට නියමිතය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපතිවරයා පිළිගන්නා අතර චීන නායකයා පිළිගැනීමේ තවත් උත්සවයක් ජනාධිපති ලේකම් කාර්යාලයේදීද පැවැත්වීමට නියමිතය.
අනතුරුව චීන ජනාධිපතිවරයා හා ශ්රී ලංකා ජනාධිපතිවරයා අතර ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමටත් සාකච්ඡාවලින් අනතුරුව දෙරටට වැදගත් ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමටත් නියමිතය.
චීන ජනාධිපතිවරයා කොළඹ වරාය නගරය හඳුන්වාදීමේ අවස්ථාවටත් පස්වරුවේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන අදියර සමාරම්භක අවස්ථාවටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සහභාගිවීමට නියමිතය.
17 වැනිදා පෙරවරුවේ චීන ජනාධිපතිවරයා අගමැති දි.මු. ජයරත්න හා කථානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් හමු වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන චීන ජනාධිපතිවරයා 17 වැනිදා ශ්රී ලංකාවෙන් පිටත්ව යයි.