චීස් කන්න කැමතිද
[FONT="]චීස් කන්න කවුද කැමති නැත්තෙ? ලොකු පොඩි අපි කවුරුත් චීස් වලට කැමති නිසාම අනිවා අපි චීස් වලින් හදන්න පුළුවන් Easy Cheesy Snacks ටිකක් ඔයාලට අරන් එන්න හිතුව. බලන්න මේව හදන්න කොච්චර ලේසිද කියල.
[/FONT]Mozzarella Sticks
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
Easy Cheesy Potato Kieves
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
Cheesy Bread Cups
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
ගත්තේ - aniwa.lk
[FONT="]චීස් කන්න කවුද කැමති නැත්තෙ? ලොකු පොඩි අපි කවුරුත් චීස් වලට කැමති නිසාම අනිවා අපි චීස් වලින් හදන්න පුළුවන් Easy Cheesy Snacks ටිකක් ඔයාලට අරන් එන්න හිතුව. බලන්න මේව හදන්න කොච්චර ලේසිද කියල.
[/FONT]Mozzarella Sticks
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
- මහතට දිගට කපා ගත් මොට්සරෙලා චීස්
- බීට් කරගත් බිත්තරයක්
- පාන් කුඩු
- පාන් පිටි කප් 2/3
- කෝන් ෆ්ලා 1/3
- ලුණු
- සුදුලූනු පව්ඩර් (කැමතිනම්)
- පිටි වර්ග දෙක මිශ්‍ර කරගන්න. වෙනම බඳුනක සුදු ලූනු පව්ඩර් සහ ලුණු පාන් කුඩු වලට මිශ්‍ර කර පසෙකින් තබන්න.
- මොසරැල්ල ස්ටික්ස් ගෙන පිටි මිශ්‍රණයේ දවටා ගසාගත් බිත්තරයේ තවරන්න.
- පාන් කුඩු මිශ්‍රණයේ දවටා ගැඹුරු තෙලේ තප්පර 30ක් පමණ බැදගන්න.
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
- කිරි කප් 1/4
- ගා ගත් මොට්සරෙලා චීස් කප් 1/4
- කුඩාවට කපා ගත් චෙඩාර් චීස් කප් 3
- පොඩි කරගත් සොසේජස් කප් 4 (සොසේජස් වෙනුවට තම්බා පොඩි කරගත් මස් ගන්නත් පුළුවන්)
- සිහින්ව කපා ගත් පාස්ලි ටිකක්
- පාන් පිටි කප් 1
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- සෙල්සියස් 180ට අවන් එක රත් වෙන්න තබා බේකින් ට්‍රේ එකකට හොඳින් තෙල් හෝ බටර් තවරා ගන්න.
- පාන් පිටි වලට බේකින් පව්ඩර් එක් කර තෙවරක් හලාගන්න.
- සියළුම දේ හොඳින් මිශ්‍ර කර කුඩා බෝල සාදා බේකින් ට්‍රේ එක මත තබා විනාඩි 20ක් හෝ රන්වන් පැහැ වන තුරු උඳුනේ බේක් කරගන්න.
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
- තම්බා ගත් මැකරෝනි කප් 6
- ගා ගත් මොට්සරෙලා චීස් කප් 2 (අමතරව උඩින් ඉස ගැනීමට ටිකක් අවශ්‍යයි)
- කිරි කප් 1
- හැපී කව් චීස් වෙජස් 4
- තම්බා පොඩි කරගත් මස්
- ගම්මිරිස් කුඩු
- චොප් කරගත් මාළු මිරිස් සහ ලූනු
- බැද ගෙන කුඩාවට කඩා ගත් බේකන් (කැමති නම් චිකන් බේකන් ගන්න පුළුවන්)
- මැකරෝනි වලට මොට්සරෙලා එක් කර හොඳින් මිශ්‍ර කර බටර් තවරා ගත් මෆින් ට්‍රේ එකක මැද ඉඩ හිටින ලෙස අතුරා ගන්න (කප් එකක් ආකාරයට.)
- චීස් වෙජස් සහ කිරි බ්ලෙන්ඩ් කර ක්‍රීම් එකක් සාදා පසෙකින් තබා ගන්න. අනෙක් සියල්ල එකට මිශ්‍ර කර සාදා ගත් මැකරෝනි කප් වලට පුරවා චීස් මිශ්‍රණය උඩින් වත් කරන්න.
- එයට මොට්සරෙලා චීස් ඉස සෙල්සියස් 180ට පෙර රත් කරගත් අවන් එකක දමා විනාඩි 15ක් බේක් කරගන්න.
Easy Cheesy Potato Kieves
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
- තම්බා පොඩි කරගත් අල
- සිහින්ව කපා ගත් පාස්ලි කොල
- චීස් වෙජස්
- බිත්තරයක්
- ලුණු
- ගම්මිරිස් කුඩු
- පාන් කුඩු
- සුදු ලූනු පව්ඩර් (කැමති නම්)
- පොඩි කරගත් අල වලට ලුණු එක් කර මිශ්‍ර කරගන්න.
- චීස් වෙජස් ටික හොඳින් පොඩි කර එයට සුදු ලූනු පව්ඩර් සහ පාස්ලි එක් කරගන්න.
- අල ටිකක් අතට ගෙන එය පැතලි කර චීස් මිශ්‍රණයෙන් ටිකක් මැදට තබා හොඳින් ආවරණය වෙන පරිදි බෝලයක් සාදා ගන්න. (මෙය හොඳින් අතින් තද කර බෝල කර ගත යුතුයි. නැත්නම් බැදීමේදී කැඩී යන්න පුළුවන්)
- බිත්තරය තරමක් ගසා ගෙන සාදා ගත් අල බෝල බිත්තර වල තවරා පාන් කුඩු වල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
Cheesy Bread Cups
[FONT="]අවශ්‍ය ද්‍රව්‍ය:[/FONT]
- පාන් පෙති කීපයක්
- ගා ගත් මොට්සරෙලා චීස්
- බිත්තර 2
- චීස් වෙජස් 4
- කිරි කප් 1/2
- තම්බා කුඩා කොටු කපාගත් අල
- බැද කැබලි කඩාගත් බේකන්
- චොප් කරගත් ලූනු
- ගම්මිරිස් කුඩු
- සිහින්ව කපාගත් පාස්ලි
- කිරි කප් 1/4 සහ බිත්තර හොඳින් ගසා ගෙන පාන් කැබලි කඩා බිත්තර මිශ්‍රණයේ පොඟවා බටර් ගා ගත් මෆින් ට්‍රේ එකක කප් ආකාරයට සිටින්න අතුරා ගන්න.
- ඉතිරි කිරි කප් 1/4 සහ චීස් වෙජස් බ්ලෙන්ඩ් කර ගෙන මොට්සරෙලා චීස් හැර අනෙක් සියල්ල එයට මිශ්‍ර කර සාදාගත් පාන් කප් වලට පුරවන්න.
- මොට්සරෙලා චීස් උඩින් ඉස සෙල්සියස් 160ට පෙර රත් කරගත් උඳුනක විනාඩි 20- 25ක් බේක් කරගන්න.
ගත්තේ - aniwa.lk


Once I made Cheese balls

