චීස් කොත්තු ට්‍රාන්ස්ෆොර්මේෂන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රයිට් අර චීස් කොත්තු සින් එක ඇදිලා ආව නිසා සහ එකෙක් ඉල්ලුව නිසා මේක ලියලා දාන්නේ. මේක බෙසිකලි ඉතාලි ටෙක්නික් එකක් කොත්තු වලට හරි විදිහට දාගන්න විදිහ කිව්වොත් හරි. මේකේ කෑම දෙකක් තියනවා එත් වයිට් සෝස් එක තමා මාස්ටර් කරන්න අමාරු

    කාබෝනාරා
    ----------------------
    මේක හදන්න මුලින් පාන් පිටි අරගෙන එක හලලා එකට ලුණු ඇති ප්‍රමානේ දාගෙන ටිකක් මික්ස් කරගන්න ඕනේ. දැන් මේකට බිත්තර දාගෙන අර රොටි වලට මික්ස් එක අනනවා වගේ අන්න ඕනේ. (පිටි ග්‍රෑම් 250 කට බිත්තර 3-4 විතර ). මේක රොටි හදන පිටි මුලේ පදම තියෙන්න ඕනේ. පිටි ටිකට බිත්තර වැඩි උනා වගේ නම් (තෙත ගතිය වැඩි නම් ) තව පිටි පොඩ්ඩක් දාල ගන්න.

    දැන් මේක රෝලක් අරගෙන හොදට තුනී කරගන්න ඕනේ . ප්‍රමානේ ඇගිලි පුරුකෙන් 1/4 ට තුනී කරගන්න ඕනේ. දැන් මේක පොඩි තීරු වලට කපාගන්න ඕනේ. තීරු වල ගනකමත් අර ගානයි. දැන් නටන උණු වතුර එකක් අරගෙන එකට මේ ටික දාල විනාඩි 5 ක් තම්බා ගන්න ඕනේ. මේක බේසික් පාස්ටා එකේ රෙසපි එක.
    perfect_italiano_fettucine_carbonara.jpg

    වයිට් සෝස්
    --------------------
    මේක තමා කබෝනාරා එකේ සෝස් එක සහ අපි මේකම තමා කොත්තුවට ගන්න යන්නේ. මේක පලවෙනි පාරවල් 4- 5 වරදී කරන්න දෙයක් නැ . මේ ටෙක්නික් එක අල්ලගන්න කාලයක් යනවා. කරන්නේ මෙහෙමයි. බටර් මේස හැදී 2 කට පිටි මේස හැදී 5 ක් සහ Fresh milk මුලින් ලගට ගන්න.

    බජනයක් තියල එකට බටර් දාල දිය වෙන්න දෙන්න(අඩු ගින්දර හොදේ ). එකට පිටි ටික දාල හොදට මික්ස් කරන්න. මේක ඇලෙන්නේ නැති වෙනකන් කුරු ගාගන්න ඕනේ. දැන් ගින්දර පොඩ්ඩක් වැඩි කරලා වතුර එක අතට අරගෙන මේ පිටි එක පොඩ්ඩක් brawn වෙන්න බදාගන්න ඕනේ. බැදුනාම හරිම රස සුවදක් එනවා. ලයිට් බ්‍රව්න් පාට එනකොටම fresh milk ටික දාල කුරු ගාන්න
    (ආයි කියවනකොට අහු උනේ. මෙතැනදී වතුර නෙමේ දාන්නේ ෆ්‍රෙෂ් මිලක්. මම මේකම පොල් කිරි වලින් ට්‍රයි කරලා තියනවා. රසයි. හැබැයි උකු පොල් කිරි එක නම් ගන්න එපා (මිටි කිරි එක ) දිය කිරි තමා දාන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඔයිල් ක්ලොග් වෙලා ස්පොන්ච් වගේ ගතියක් එනවා ).
    දැන් ලුණු සහ කළු ගම්මිරිස් පොඩ්ඩක් දාගන්න. මේක බේස් එක. අඩු වියදමින් කරගන්න පුළුවන් එකක්.අපි මේක අලවෙට් කරමු පස්සේ

    කාබෝනාරා එක කම්ප්ලිට් කරන විදිහ
    =================================
    තාච්චියට බටර් ටිකක් දාල එකට ඉගුරු සුදුලුන් තලලා දාල එකට ඉතා කුඩාවට කපාගත් චිකන් කාලි දාගන්න (ඔරිගිනලි මේකට ගන්නේ Bacon . විනාඩි 2-3 යනකොට චිකන් එක රෙදි වෙන්න ඕනේ. දැන් මේකට අර තම්බපු කබෝනාරා ටික, ටෝමටෝ සෝස් (මේක රස තක්කාලි ගෙඩි දෙකක් බ්ලෙන්ඩ් කරලා දාගන්න) , ලුණු , ගම්මිරිස් , ඔයිස්ටර් සෝස්(හොයාගන්න බැරි නම් සෝයි සෝස් දාන්න. බොහොම ටිකක් ) , සිනි තේ හැදී බාගයක්, විනාකිරි තේ හැන්දක් (ඉතාලියේ දාන්නේ red wine vinegar) , දාල කලවම් කරන්න ඕනේ. දැන් අර හදාගත්ත වයිට් සෝස් එක දාගෙන විනාඩියෙන් බාගන්න ඕනේ. වේලිලා වගේ නම් පාස්ටා තම්බපු වතුර ටිකක් දාගන්න.

    කාබෝනාරා එක ග්ලෙස් කරන්ව් විදිහ (ඕනෙම නැ )
    ===================================
    බිත්තර දෙකක සුදු මද අරගෙන උඩ මික්ස් එක බාපු ගමන් එකට දාල කලවම් කරන්න ඕනේ. අයිඩියා එක වෙන්නේ බිත්තර ටික සුදු නොවෙන්න උඩින් වැක්ස් එකක් වගේ ග්ලෙස් එකක් එනකන් තියන එක. මේකට විනාඩි බාගයක් විතර කලවම් කරන්න ඕනේ . ලිපේ තියෙද්දී මේක දාන්න නම් එපා වැඩේ කෙල වෙනවා. පට්ට රැසක් එන්නේ.

    චීස් කොත්තුව
    =============
    මේ වෙද්දී කරන්න ඕනේ මොකක්ද කියල තේරිලා ඇති. ඒ උනාට කියන්නම්.

    දැන් කොත්තුව හදන විදිහ කියන්න යන්නේ නැ . ඕක ඕනේ එකෙක් දනන්වනේ. අර කට පැලෙන්න සැර කන උන් මේක බලන්න එපා. වයිට් සෝස් එක බාන්න කලින් එකට කඩේ තියන චීස් කැලි 3 -4 අරගෙන දාල හොදට කලවම් කරන්න. එතකොට චීස් එක බටර් සහ පිටි සහිත සෝස් එකට මික්ස් වෙනවා. මේක බිස්කට් එක්ක එහෙම මරු. කොත්තුවට මේකේ වතුර ගතිය ටිකක් වැඩි කරගන්න.

    I have tried these Cheeses
    1. Happy Cow , kothmale cheese kali
    2. Bega Cheese Cheddar
    3. Kotmale Swiss Type Cheese (gana aduyi )

    දැන් කොත්තුව ෆිනිෂ් වෙනකොට මේ වයිට් සෝස් එක දාගන්න. දාල කලවම් කරලා අර උඩින් කිව්ව බිත්තර ග්ලෙස් එක ඕනේ නම් දාගන්න. කැලරි වැඩි කෑමක් හොදේ

    💪
     
    Last edited:

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    රයිට් අර චීස් කොත්තු සින් එක ඇදිලා ආව නිසා සහ එකෙක් ඉල්ලුව නිසා මේක ලියලා දාන්නේ. මේක බෙසිකලි ඉතාලි ටෙක්නික් එකක් කොත්තු වලට හරි විදිහට දාගන්න විදිහ කිව්වොත් හරි. මේකේ කෑම දෙකක් තියනවා එත් වයිට් සෝස් එක තමා මාස්ටර් කරන්න අමාරු

    කාබෝනාරා
    ----------------------
    මේක හදන්න මුලින් පාන් පිටි අරගෙන එක හලලා එකට ලුණු ඇති ප්‍රමානේ දාගෙන ටිකක් මික්ස් කරගන්න ඕනේ. දැන් මේකට බිත්තර දාගෙන අර රොටි වලට මික්ස් එක අනනවා වගේ අන්න ඕනේ. (පිටි ග්‍රෑම් 250 කට බිත්තර 3-4 විතර ). මේක රොටි හදන පිටි මුලේ පදම තියෙන්න ඕනේ. පිටි ටිකට බිත්තර වැඩි උනා වගේ නම් (තෙත ගතිය වැඩි නම් ) තව පිටි පොඩ්ඩක් දාල ගන්න.

    දැන් මේක රෝලක් අරගෙන හොදට තුනී කරගන්න ඕනේ . ප්‍රමානේ ඇගිලි පුරුකෙන් 1/4 ට තුනී කරගන්න ඕනේ. දැන් මේක පොඩි තීරු වලට කපාගන්න ඕනේ. තීරු වල ගනකමත් අර ගානයි. දැන් නටන උණු වතුර එකක් අරගෙන එකට මේ ටික දාල විනාඩි 5 ක් තම්බා ගන්න ඕනේ. මේක බේසික් පාස්ටා එකේ රෙසපි එක.
    perfect_italiano_fettucine_carbonara.jpg

    වයිට් සෝස්
    --------------------
    මේක තමා කබෝනාරා එකේ සෝස් එක සහ අපි මේකම තමා කොත්තුවට ගන්න යන්නේ. මේක පලවෙනි පාරවල් 4- 5 වරදී කරන්න දෙයක් නැ . මේ ටෙක්නික් එක අල්ලගන්න කාලයක් යනවා. කරන්නේ මෙහෙමයි. බටර් මේස හැදී 2 කට පිටි මේස හැදී 5 ක් සහ වතුර මුලින් ලගට ගන්න.

    බජනයක් තියල එකට බටර් දාල දිය වෙන්න දෙන්න(අඩු ගින්දර හොදේ ). එකට පිටි ටික දාල හොදට මික්ස් කරන්න. මේක ඇලෙන්නේ නැති වෙනකන් කුරු ගාගන්න ඕනේ. දැන් ගින්දර පොඩ්ඩක් වැඩි කරලා වතුර එක අතට අරගෙන මේ පිටි එක පොඩ්ඩක් brawn වෙන්න බදාගන්න ඕනේ. බැදුනාම හරිම රස සුවදක් එනවා. ලයිට් බ්‍රව්න් පාට එනකොටම වතුර ටික දාල කුරු ගාන්න. දැන් ලුණු සහ කළු ගම්මිරිස් පොඩ්ඩක් දාගන්න. මේක බේස් එක. අඩු වියදමින් කරගන්න පුළුවන් එකක්.අපි මේක අලවෙට් කරමු පස්සේ

    කාබෝනාරා එක කම්ප්ලිට් කරන විදිහ
    =================================
    තාච්චියට බටර් ටිකක් දාල එකට ඉගුරු සුදුලුන් තලලා දාල එකට ඉතා කුඩාවට කපාගත් චිකන් කාලි දාගන්න (ඔරිගිනලි මේකට ගන්නේ බිෆ් මින්ස් (අබරපු හරක් මස් )). විනාඩි 2-3 යනකොට චිකන් එක රෙදි වෙන්න ඕනේ. දැන් මේකට අර තම්බපු කබෝනාරා ටික, ටෝමටෝ සෝස් (මේක රස තක්කාලි ගෙඩි දෙකක් බ්ලෙන්ඩ් කරලා දාගන්න) , ලුණු , ගම්මිරිස් , ඔයිස්ටර් සෝස්(හොයාගන්න බැරි නම් සෝයි සෝස් දාන්න. බොහොම ටිකක් ) , සිනි තේ හැදී බාගයක්, විනාකිරි තේ හැන්දක් (ඉතාලියේ දාන්නේ red wine vinegar) , දාල කලවම් කරන්න ඕනේ. දැන් අර හදාගත්ත වයිට් සෝස් එක දාගෙන විනාඩියෙන් බාගන්න ඕනේ. වේලිලා වගේ නම් පාස්ටා තම්බපු වතුර ටිකක් දාගන්න.

    කාබෝනාරා එක ග්ලෙස් කරන්ව් විදිහ (ඕනෙම නැ )
    ===================================
    බිත්තර දෙකක සුදු මද අරගෙන උඩ මික්ස් එක බාපු ගමන් එකට දාල කලවම් කරන්න ඕනේ. අයිඩියා එක වෙන්නේ බිත්තර ටික සුදු නොවෙන්න උඩින් වැක්ස් එකක් වගේ ග්ලෙස් එකක් එනකන් තියන එක. මේකට විනාඩි බාගයක් විතර කලවම් කරන්න ඕනේ . ලිපේ තියෙද්දී මේක දාන්න නම් එපා වැඩේ කෙල වෙනවා. පට්ට රැසක් එන්නේ.

    චීස් කොත්තුව
    =============
    මේ වෙද්දී කරන්න ඕනේ මොකක්ද කියල තේරිලා ඇති. ඒ උනාට කියන්නම්.

    දැන් කොත්තුව හදන විදිහ කියන්න යන්නේ නැ . ඕක ඕනේ එකෙක් දනන්වනේ. අර කට පැලෙන්න සැර කන උන් මේක බලන්න එපා. වයිට් සෝස් එක බාන්න කලින් එකට කඩේ තියන චීස් කැලි 3 -4 අරගෙන දාල හොදට කලවම් කරන්න. එතකොට චීස් එක බටර් සහ පිටි සහිත සෝස් එකට මික්ස් වෙනවා. මේක බිස්කට් එක්ක එහෙම මරු. කොත්තුවට මේකේ වතුර ගතිය ටිකක් වැඩි කරගන්න.

    I have tried these Cheeses
    1. Happy Cow , kothmale cheese kali
    2. Bega Cheese Cheddar
    3. Kotmale Swiss Type Cheese (gana aduyi )

    දැන් කොත්තුව ෆිනිෂ් වෙනකොට මේ වයිට් සෝස් එක දාගන්න. දාල කලවම් කරලා අර උඩින් කිව්ව බිත්තර ග්ලෙස් එක ඕනේ නම් දාගන්න. කැලරි වැඩි කෑමක් හොදේ

    💪
    Thanks bro
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සුපිරි කෑමක් තමා. ඔය අඩු ගින්දර වැඩි ගින්දර කේස් එක මට කරන්නම බෑ බං. එක්කො අමුවෙන් හිටිනවා නැත්නම් කර වෙනවා :(
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,013
    12,388
    113
    Behind u :p
    Carbonara , minced beef? 😁 Carbonara walata yanne bacon ban,
    Minced beef yanne bolognaise walata,

    Lipen baala egg yalk eka dahan, white neme,
    Oyster sauce dammoth Raha okkoma wenas wenawa.
    Umba hadana vidiya wenna athi me
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Carbonara , minced beef? 😁 Carbonara walata yanne bacon ban,
    Minced beef yanne bolognaise walata,

    Lipen baala egg yalk eka dahan, white neme,
    Oyster sauce dammoth Raha okkoma wenas wenawa.
    Umba hadana vidiya wenna athi me
    ඔව් බේකන් තමා දාන්නේ. එක වැරද්දක්.:yes:

    හරි මෙහෙම හිතපන්. රටවල් වල ඉන්න මිනිස්සු කන්නේ රස විදලා. අපේ උන් කොත්තුව විනාඩි 3-4 කනවා. ස්ටොක් පව්ඩර් එක තිබ්බ නම් ඇති. මට ඕනේ කොත්තුවට ස්ටොක් පව්ඩර් එකෙන් එන රසේ වගේ එකක් අරගන්න. ඕක නොදා එකක් හදලා දීපන් ලංකාවේ එකෙක් කයිද බලන්න 5% කයි. මෙලෝ රහක් නැ කියයි.

    ඊලග එක මින්ස් බිෆ් හෝ බේකන් වලින් වෙනම රසයක් එනවා. මොකද එකේ ෆැට් එක රස නිසා. ඕක උබට චිකන් වලින් ගන්න බැ බන්. එකයි ලංකාවේ ඕක හදනකොට වෙනසක් කරන්න ඕනේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සුපිරි කෑමක් තමා. ඔය අඩු ගින්දර වැඩි ගින්දර කේස් එක මට කරන්නම බෑ බං. එක්කො අමුවෙන් හිටිනවා නැත්නම් කර වෙනවා :(
    ගින්දර පාලනය බැරි නම් කුකින්ග් බැ . එකේ බේසික් එක කියල දෙන්නම්

    1. වතුර තියන ඕනේ දෙයක් හයි හිට් එකට දැම්මම රත් වෙලා කුක් වෙනවා. හිට් එක අඩු කල ගමන් වතුර වාෂ්ප වෙන ප්‍රමානේ වැඩි වෙනවා. ඒ නිසා ටෙක්නිකලි ඕනේ දෙයක් මුලදී තම හිට් එක වැඩි කරන්නේ. එක සීසන් කලාම අපි හිට් එක අඩු කරනවා. ඒ ඇයි ? හුගක් ස්පයිසක් එක්කෝ ඩ්‍රයි පව්ඩර් , ප්‍රි රොස්ට් කල ඒවා. ඒවා හයි හිට් එකේ තිබ්බම රසේ වෙනසක් එනවා.

    2. දෙයක් කුක් කරගන්න ඕනේ නම් හයි හිට් . රසය වද්දන්න ඕනේ නම් ලෝම හිට් එකේ වැඩි වෙලාවක් තියනවා. උබ නිකන් එළවලු ටික කපලා වතුර එකකට දාල හයි හිට් එකේ තම්බලා ගනින් මොකද වෙන්නේ බලන්න? මෙලෝ රහක් නැ සුප් එකේ. ඇයි ? එළවලු ටික හිට් එක අරගෙන කුක් වෙනවා මිසක් එකේ පර්ටිකල් බ්රේක් වෙලා වතුරට එන්නේ නැ

    දැන් ඒකම ඉතා අඩු උෂ්ණත්වේ පැයක් තියපන්. සුප් එකේ බොර පාට වැඩි වෙනවා. ඇයි එළවලු වල රසය වතුරට ඇවිත් තියෙන්නේ. මේවා ටෙක්නික්.

    3. දෙයක වතුර අදින්න ඕනේ නම් එලියට ලෝ හිට් . උදාහරන අපේ අම්මලා චිකන් එක උයන්නේ තුනපහ දාල එකට වතුර දාල ලිපේ තියන එකනේ. චිකන් සුදු පාට වෙන්නේ එකයි. යකෝ 1KG චිකන් ගත්තොත් බාගෙට වඩා වතුර තියෙන්නේ. එක අදින්න නම් ටෙක්නික් එක ලෝ හිට් . තෙල් ටිකක් හිට් කරලා එකට සුදු ලුණු ඉගුරු දාල කෙලින්ම මස් ටික අමුවෙන් දාල ලුණු දාන්න ඕනේ. දැන් ලෝ හිට් තිබ්බම උබට පෙනෙයි වතුර උනන්නවා. ඒ එන්නේ චිකන් ඇතුලේ තියන වතුර. දැන් එකට තුනපහ දාල සේර කොලයක් එහෙම දාල හිට් එක වැඩි කරන්න. දැන් චිකන් එකට තුනපහ අල්ලනවා. ඊට පස්සේ මිටි කිරි එක දානකොට චිකන් එකට ෆ්ලෙවර් එක අල්ලලා ඉවරයි

    ටෙක්නික් තමා ඔක්කොම . කරලම ඉගෙන ගනින්