චුල්ල රාජපක්ස ජාතකය | Chulla Rajapaksa Jathakaya

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
40
Red Deer, Canada
චුල්ල රාජපක්ස ජාතකය | Chulla Rajapaksa Jathakaya

යටගිය දවස බරණැස් නුවර මායාවති නම් රැජනක රාජ්‍ය කර වදාරන සමයෙහි ඊට නුදුරින් රාජපක්සදීපය නමින් සසිරිබර පුණ්‍යවන්ත රාජ්‍යයක් වූයේය. පද බිඳෙන අයුරින් මේ ද්වීපයේ නම දෙ අරුතක් ගති. ඒ කෙසේද යත්: රාජ-පක්ස-දීපය (The Land of Royal-Loyals) හා රාජ-පක්-සදීපය (The Good Land of Royal Dicks) ලෙසිනි. හුදී ජනයෝ, තම තම නැණ පමණින්, තම තම උදර පෝෂණයේ හා කුටුම්භ රක්ෂණයේ අභිමතාර්ථයන්ට පටහැණි නොවන ආකාරයෙන් මේ දෙ අරුතින් එකක් භාවිතා කළෝය.

එකල්හි මේ රාජ්‍යයේ රජකළ මහ රජ්ජුරුවන් වහන්සේ උත්තර දේශයෙහි වැසි අසූ කෙළක් පර සතුරු බල බිඳ විජයග්‍රහණයෙන් ඔද වැඩී අමන්දානන්දයට පත්ව සත් මසක් තිස්සේ ප්‍රීතෝත්සව පවත්වන්නාහුය. දන්සැල් පවත්වන්නාහුය. මඟ යන්නෝ සිහ ධජය ඔසවා වළක්වා ඔවුනට බලයෙන්ම ගිතෙල් මිශ්‍ර ඇඹුල් කිරිබත් කවන්නාහුය. පසල් දනව් වැසි මානවකයෝ දේශප්‍රේමයෙන් මඬනා ලද්දෝ සිහ ධජයෙන් අමුඩ ගසා, එම්බල දෙමළ කොල්ලනි, තොපිට මේ අප නිය පිටින් ගැසුවා පමණකැයි කේසර සිංහ නාද කොට මහත් වූ කෝලාහල කරන්නෝය. මහ රජාණෝද මා හා සම කළැකි අන් කවර නිරිඳකු සිංහබාහු පුත් විජයන්ගේ පටන් පහළ වී දැයි සිතන්නෝ, සිතාගත නොහී මම්ම මේ දෙරණට උතුම් වන්නෙම්ය සැක හැර දැන හැඳින, මහ සඟරුවනට ඇත් පැටවුන් පුදා බාර හාර ඔප්පුකොට, උන්ට විපක්ෂවූ රන්න පොනිල් නම් අමාත්‍යවරයාගේ අධෝමාර්ගයෙහි මහත් වූ ගැටැති මුගුරක් යවන්නාක් සේ වධ කොට, දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරන්නහුය.

මෙසේ රාජ්‍ය කරන කල්හි මහ රජ්ජුරුවන් වහන්සේට මහත් වූ පැණයෙක් වන්නේය. ඒ කුමක්ද යත්: උන් වහන්සේගේ සෙනෙවිරත්හු ජනී ජනයා පෙළන්නෝය. මහ සෙනෙවි පුතුනට සතුරු වූ මානවකයන් පැහැර ගොස් තළා පෙළා දමන්නෝය. උන්ට පරුෂ වචනයෙන් සංග්‍රහ කරන්නෝය. තමන්ට නැති හිසක් උනට ඇති නියාව දැක ඊර්ෂ්‍යා පරවශව ඒ හිසට පොළු මුගුරින් පහර දෙන්නෝය. මහ සෙනෙවිරදුන් හා සාද වූ නගර ශෝභිනීන්ගේ බස් අසා අහිංසකයන් මරා මහ වීදියෙහි දමන්නෝය.

එකල්හි හුදී ජනයා මේ කවර නම් විපතෙක්දැයි සිතා තුමූම කිරිබත් කැවූ සෙනෙවිරදුන්ගේ මෑණියන් සිහිකොට නින්දාපරවශ කරන්නෝය. සෙනෙවිරත් පායයන් අභිමුඛයේ ඝෝෂා කරන්නෝය. අන්තර්ජාලයෙහි බොලොග ලියන අමනයෝ සෙනෙවිරදුන්ට කැට මුගුරු වලින් පහර දිය යුතුය බණන්නෝය. මේ සෙනෙවිරදුනට දණ්ඩන නොපණවන්නේ මන්දැයි මහරජතුමන්ගෙන් අසන්නෝය.

එකල්හි අප මහ රජ්ජුරුවෝ කෝපාග්නියෙන් දැවී, එම්බා ජනයිනි, මේ සෙනෙවිරත්හු මගේ ප්‍රාණ සම මිත්‍රයෝය. උහු මට මන්ත්‍රීශ්වරණයේදී නේක උපකාර කළාහුය. මගේ එදිරිවාදීන්ගේ පායන් ගිනිබත් කළෝය. උන්ගේ අතවැස්සන්ට පොළු මුගුරු වලින් පැටි කළ බිව් කිරි මුවින් වෑහෙන්නට තරම් වන සංග්‍රහ කළෝය. මුන් නොවේ නම් මතු දින මගේ සැඳැ පැස (වර්තමාන ව්‍යවහාරය අනුව ‘ඡන්ද පෙට්ටි’) පුරවා මගේ විජයග්‍රහණය සහතික කරන්නාහු තොපේ මෑණියන්දෑද කියා පෙරළා හුදී ජනයා විචාලෝය. මේ පුණ්‍යභූමියෙහි වසන්නෝ දෙවර්ගයෙකි. දේශප්‍රේමියෝ හෙවත් රාජප්‍රේමියෝය. නැතොත් දේශද්‍රොහියෝ හෙවත් රාජද්‍රෝහියෝය. තොප අයත් වන්නේ උන්ටද මුන්ටදැයි අඩි පොළොවේ ගසා, මේඝ ගර්ජනා කළෝය. හුදී ජනයෝද වික්‍රමතුංග මානවකයා ගිය මඟ යනු නොකැමැත්තෝ, නුඹ වහන්සේට යහපත් නම් අපට තව කවර නම් පුක්ඛාබාධයක් වේදැයි මුවින් නොබැණ ඉවසා වදාරන්නෝ, මහරජ්ජුරුවන් වහන්සේගේ මෑණියන් වහන්සේටද පුණ්‍යානුමෝදනා කොට, තම මුක පූට්ටුකර ගත්තෝය.

එතෙකින් නොනැවතුණු අප මහ රජ්ජුරුවන් වහන්සේ චුල්ල ධීවර තෙමේ දැල් පියා තෝරුන් මෝරුන් හැර හාල්මැස්සන් අල්වා ගන්නේ යම්සේද, එසේම මහ සෙනෙවිරදුන් හැර පියා, චුල්ල සෙනෙවියන් අල්ලාගෙන අධිකරණ ශාලාවට ගෙනැවිත් උන්ට මින් මතු මෙවන් අපරාධ නොකරැයි තරයේ අවවාද කොට, එමතු නොව උන්ට දණ්ඩෙන් පහර බැගින් දී නිදහස් කළාහුය. එදුටු තිස් තුන් කෝටියක් සම්‍යක් දෘෂ්ඨික දේවතා තෙමේ මතු නොව මරණින් මතු භූතාත්ම භාවයට පත්ව සිටින්නා වූ ප්‍රභාකරන් නම් වූ චණ්ඩ වු සොරදෙටුවාද චිත්ත ප්‍රීතියට පත්ව සාධුකාර දුන්නේය. එතෙකින් පසු යුක්තිය පසිඳලීම ගැන අප මහ රජ්ජුරුවන් වහන්සේගේ කීර්තිය දේශ දේශාන්තරයන්හි පතළේය.

හුදී ජන පහන් සංවේගය තකා රචිත චුල්ල රාජපක්ස ජාතක කතා වස්තුව මින් නිමියේය.

;);););):oo::oo::oo::oo::oo::oo::confused::confused::confused::confused::D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

All credits for da Original Writer

http://taboosubjects.wordpress.com/2009/08/18/01-18/
 
Last edited:
  • Like
Reactions: Amalka101

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:lol: :lol: :lol: කියල වැඩක් නෑ......පස්වනක් ප්‍රීතියෙන් හිනාව නවත්තගන්න බැරිවුණා මේක කියවලා....... තෑන්ක්ස් අලි අයියෙ පෝස්ට් කලාට
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
40
Red Deer, Canada
:lol: :lol: :lol: කියල වැඩක් නෑ......පස්වනක් ප්‍රීතියෙන් හිනාව නවත්තගන්න බැරිවුණා මේක කියවලා....... තෑන්ක්ස් අලි අයියෙ පෝස්ට් කලාට

වැඩක් නැහැ කියලා, මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ මට හා හා පුරා කියලා -1 rep හම්බුනාම :lol: :rofl::P:P:P:P:P
 
  • Like
Reactions: urajdrlk

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
වැඩක් නැහැ කියලා, මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ මට හා හා පුරා කියලා -1 rep හම්බුනාම :lol: :rofl::P:P:P:P:P
ඔව්මයි......මටත් තව පොඩ්ඩෙන් යුතුකම් අමතක වෙනවා.....:D
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
40
Red Deer, Canada
Aniwaa....Copy karanawa nam, aka gaththe kohenda kiyalaa daanawaa nam thamai hoda.....!! :D :D

Nathnam owaayee case wisadanna bahinna wenne mata.....!! :P :P

හෙ හෙ. ඒක තමයි, මමත් දැක්ක ඔබතුමා ඒ පැත්තෙත් කරක් ගහල තියෙනවා කියලා,ලින්කය දාල තියෙන්නේ:P:D:D:D:D
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පික්සුනෙ නංගෝ,මම කිව්වේ ඒකට නෙමෙයි, මට වෙන වැඩ ගැන :rofl::rofl::rofl::rofl::rofl:
ඉහි ඉහි.....මම නොදන්නවයැ ඒ වග......අපි අපිනේ..............:P