චූටි විහිලු කතා II

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    චූටි විහිලු කතා II

    ඔන්න අදත් චූටි විහිළු කතා ටිකක් අරන් ආවා ඔයාලට.....:):yes::)

    (11) සන්නිවේදනයේ ඉක්මන්ම ක්‍රම 3ක් තියෙනවා,
    ටෙලිෆෝන්, රූපවාහිනිය, ගෑනු කෙනෙක්ට කීම.
    තව ඉක්මන් කරගන්න ඕනෙද? එහෙනම් ගෑනු කෙනාට කියන්න මේක කාටවත් කියන්නෙපා කියල.
    9346864-women-enjoying-cup-of-coffee-cartoon-150x117.jpg


    (12) ගුරුතුමී - ඇයි ඔයා පරක්කු උනේ?
    ළමය - අර ස්කොලේ ළඟ ගහලා තියෙන බෝර්ඩ් 1ක් නිසා මිස්.
    ගුරුතුමී - මොකක්?
    ළමය - ඔව් මිස්, අර බෝර්ඩ් 1ක් ගහලා තියෙන්නේ "School Ahead, Go Slow" කියල.
    rsz_1slow_school-150x150.jpg


    (13) බිරිඳ - අරගොල්ලෝ බැඳලා දැන් අවුරුදු 25ක් වෙනවා, තාමත් ආදරෙන් ඉන්නවා.
    සැමියා - ඒ කොහොමද??
    බිරිඳ - මිනිහ එයාගේ ලේකම් එක්ක, ගෑනු එක්කෙනා එයාගේ ඩොක්ටර් එක්ක.
    love-150x150.jpg


    (14) කෙල්ල - ඔයා මාව බැන්දොත් සිගරට් බොන 1 නවත්තන්න?
    කොල්ල - හා.
    කෙල්ල - තව අරක්කු බොන 1ත් නවත්තන්න?
    කොල්ල - හා.
    කෙල්ල - තව මොනවද ඔයාට නවත්තන්න පුළුවන්?
    කොල්ල - ඔයාව බඳින 1.
    7645548-cartoon-boy-present-flowers-to-girl-150x122.jpg


    (15) ඔයාල දන්නවද කෙල්ලොන්ට වඩා කොල්ලෝ කරුණාවන්ත ඇයි කියල?
    මොකද කෙල්ලෝ කවදාවත් අඳුනන්නේ නැති කොල්ලෙක්ට උදව් කරන්නේ නෑ,
    ඒ උනාට කොල්ලෝ අඳුනන්නේ නැති උනත් කෙල්ලොන්ට උදව් කරනවා.
    බොරුද මං කිව්වේ?
    rsz_1cutecharacterintro-150x150.jpg


    (16) සැමියා - ඔයා මගේ ජිවිතේට ආගම අදහන 1 ගෙනාවා.
    බිරිඳ - ඒ කොහොමද?
    සැමියා - මම අපාය ගැන විශ්වාස කලේ නෑ ඔයාව බඳිනකන්.
    devil_and_fire_poster-p228613714245433814t5wm_400-150x150.jpg


    (17) ටැක්සි රියදුරු - මට $20ක් දෙන්න, අපි 20km ඇවිත් තියෙනවා.
    ජෝන් - මාව 10km ආපහු එක්කන් යන්න, මොකද මං ළඟ තියෙන්නේ $10යි.
    taxi-150x150.jpg


    (18) Mr. බීන් කරපු බුද්දිමත්ම දේ - එයාගේ ලැප් 1එ password 1 "INCORRECT" කියල වෙනස් කලා.
    මොකද වැරදි 1ක් ගැහුවම, හැම තිස්සෙම එයාට ලැප් 1 password 1 මතක් කරලා දෙනවා password is "INCORRECT" කියලා.
    bean-150x150.jpg


    (19) ගුරුතුමී - මෝඩයෝ ගොඩක් ප්‍රශ්න අහනවා, බුද්දිමත් මිනිහෙක්ව පිස්සු වට්ටන්න.
    ළමයි - ඔයා හරි මිස්, විභාගේදීත් ඔය වැඩේම තමා වෙන්නේ අපිට.
    q2-150x150.jpg


    (20) රජයේ දෙපාර්තමේන්තුවක මෙහෙම බෝර්ඩ් 1ක් ගහලා තියෙනවා "සද්ද කරන්නෙපා" කියලා.
    කව්රු හරි කෙනෙක් ඒකට යටින් මෙහෙම ලියලා "නැත්නම් අපිව නින්දෙන් ඇහැරෙයි" කියලා.
    silence-150x150.jpg


    බොහොම අමාරුවෙන් type කලේ.......:):oo:
    හිනා ගියානම්, ආසයිනම් Rep++ 1කුත් දාලම යන්න.............:):yes::) ඒක බොහොම වටිනවා.......:):yes:
    අනිත් අයටත් බලන්න BUMP 1කුත් දාලම යන්ඩෝ......:yes: