දිනිති 1 මෙතනින්....http://www.elakiri.com/forum/showthread.php?t=1849151
ගෙදර ආවත් මගේ ඔලුවේ හිටුයේ දිනිති... එයා කැමති වෙයිද ? බැහැ කියයිද...
අනේ අගේට හිටිය මටත් උනු වැඩක්.
අජිත් මුතුකුමාරනගේ ( ඒ දවස් වල පට්ට ගැහුවේ ඕව තමා. බස් වලත් අජිත් හික් හික්. අහල ඇතිනෙ පොර කියනව නෙමේ අඩනව ) කැසට් එකකුත් දාල ඇදට වැටුන.
පාසල් බිමේ හමු වූ සුර කුමරියේ...
සිප් සතර සේ ඉඩදෙනු මට ඔබේ ළයේ...
සින්දුවත් එක්කම නින්ද ගියා.
AL කරන්න ස්කොලේ පටන් ගන්නේ Results ආවහමනේ. ඉතින් ඒ වෙනකල් computer class එකකට ගියා මම. සදුද ඉදන් බදද වෙනකල් තමා ක්ලාස් තිබ්බේ. ඉස්කෝලෙක රජයෙන් කරපු එකක් ඒක මතක විදියට. ඉතින් අපිට පන්ති ඇරෙන්නේ ස්කෝලෙ ඇරෙන වෙලාවට. 12 ඉදන් 2 වෙනකල් තමා තිබ්බේ.
ඒකට නම් ගයාන් ආවෙ නැහැ. ඒත් හසිත ආව.
ගයාන්.. හසිත.. අමිල.. සන්ක.. පවන්.. වනී ඔය තමයි මගේ ලඟින්ම හිටි අතිජාත සෙට් එක.
එදා ක්ලාස් ඇරිලා අපි බස් හොල්ට් එකට ආවෙ පරක්කු වෙලා ටිකක්. ඒ එක්කම වගේ අපි ක්ලාස් යන ස්කොලේ ( ඒක මික්ස් ස්කෝලයක් ) කෙල්ලෙකුත් ආව බස් හෝල්ට් එකට පොඩි මල්ලි කෙනෙක් එක්ක. ඒ දවස් වල කෙල්ලෙක් දැක්කොත් කියවන එක තමා අපේ විනොදාන්ශය.
" මෙච්චර වෙලා කොහේ ගිහින්ද මන්ද..
ඉස්කෝලෙ ඇරුනෙ කීයටද ? අතුගෑවද මන්දා...
මේ බබා ඔයාගෙද ?? "
මාය් හසිතයයි කියවනව. ( දිනිතිගේ යාලුවො ගාවදි සද්දෙ වහන් හිටියට මගෙත් කට හොද නෑ ඒකාලෙ )
කෙල්ලටත් ගානක් නෑ..
" ඇයි උස්සන් ඉන්නව වගේනෙ...
බබා ගැන අහන්නේ දරු කමට හද ගන්නද "
ඒකිත් හිනා වෙවී කියවනවා.. මික්ස් ස්කොලෙක නිසා ගානක් නෑ ඒකිටත්.
කොහොම හරි ඒකි මාර ෆිට් උනා. ඒ තමා දිනූකා... ඒකිත් දිනිතිගෙ වයසේ. ඒ කියන්නේ O/L කරන්නේ ඒ අවුරුද්දෙ.
අපි අනන්ත කෙල්ලොන්ට විහිලු කරනවනේ මට ඒක එහෙමම අමතක උනා.
එදා ඒකිට කියෙව්වෙ නැත්තම් කියල මට අනන්ත හිතිලා තියෙනවා පස්සෙ... හ්ම්ම්
දිනිති තමයි මගේ ඔලුවෙ හිටියේ....
දිනිති ගියේ ගාල්ලෙ ස්කොලෙකට නෙමෙයි. ගෙවල් ලග ස්කෝලෙකට. ඒත් ඒකත් ළමයි 2500 ක් විතර ඉන්න ලොකු ස්කෝලයක්. මික්ස් එකක් ඒකත්.
මගේ දන්න ෆිට් කොල්ලෙක් හිටියා දිනිතිලගෙ ස්කොලෙ ඒ පන්ති වලම. ජයන්. කොල්ල ස්කෝලේ prefect කෙනෙක්. ඒත් හොද එකා.
මම හවස ගියා ජයන් හම්බෙන්න. සමාධි ට කිව්වට සිකුරාද වෙනකල් ඉන්න ඉස්පාසුවක් නැනෙ. අනික දිනිති ගැන දැන ගන්න.. ඒකිව අදුරන එකෙක් දකින්නත් මට මාර ආසවක් තිබ්බෙ.
" අහ් අය්ය.. මොකො මේ පැත්තෙ ?? "
" නිකම් බන්... මොකො කරන්නෙ.. "
" හික් හික්.. නිකන් ?? වෙන්න බෑ.."
මූ මහ කැත හිනාවක් දැම්ම..
" මොකො යකෝ... "
" නෑ නිකන්... "
ඒකත් මහ කුපාඩි විදියට කිව්වෙ...
මූ දැන ගෙනවත්ද...
" මේ බයිල නෙමෙයි බන් පොඩි සීන් එකක් අහන්න ආවෙ.. මේ උබ දන්නවනේ දිනිතිව.. "
" හික් හික් දන්නව බන්.. උබල අපිට කියන්නෙත් නැතුව හික් හික්
දිනිති සමාධි ඔය සෙට් එක එක්ක තමා මාත් ඉන්නෙ.. "
මට ඌව බදාගන්න තරම් හිතුනා.. ඇය් ඉතින් මූ මගේ වගේම දිනිතිගෙත් ෆිට් එකක් කියන්නෙ.. වැඩෙන් භාගයක් ගොඩ වගේනෙ..
" සමාධි කිව්ව උබේ සීන් එක.. "
" චා ඒකි වන කරලනේ බන්.. තව කාට කිව්වද දන් නේ... "
" නෑ බන්.. ඒකි වන කරල නැහ.. ඔය අපි එකටම ඉන්න උන් ටික තමා දන්නෙ.. "
" හ්ම්ම් එහෙනම් කමක් නෑ.. ඉතින් කියහන්කො.. දිනිති මොකො කිව්වෙ "
" ඒකි එහෙම කැමත්තක් පෙන්නුවෙත් නෑ ඇකමැත්තක් පෙන්නුවෙත් නෑ බන්.
මොකුත් ඒ ගැන කිව්වෙ නැහ. "
" සමධි කිව්ව සිකුරාද ක්ලාස් තියෙනව කියල.. මම එදාට කතා කරන්න බැලුවෙ.. "
" අහ් ඔව් එදාට අපිට ක්ලාස් මචන්. ඒත් කොල්ලො එදාට කතා කරයිද දන් නෑ බන්.. uniform නේ එන්නේ.
ඒකි මචන් prefect කෙනෙක් ස්කෝලේ.. අනික serious ටිකක් ඒකි ඕව ගැන.
අනික මේ අවුරුද්දෙනෙ.. O/L
උබ අතාරින්න එපා. මාත් පුලුවන් සප් එකක් දෙන්නම්. "
මම ඌටත් යන්නම් කියල ආව.. එහෙන් O/L ඒ මදිවට prefect කෙනෙක්ලු මේකි... බලමුකො ඉතින්...
පස්සෙන්දත් ගිහින් එද්දි දිනූකව හම්බුනා..
" මොකෝ මේ අදත් පරක්කු වෙලා.. " ඒ හසිතය..
" අහ් මිස් කෙනෙක් හම්බෙන්න ගියා.. ඒකයි.. "
ඒ එක්කම ආව බස් එකේ අපි නැග්ග... හසිතය තමා දුරම බහින්නෙ.. අපි නගිනවත් එක්කම හිස් උනා සීට් එකක්.. අපි දිනූකට වාඩි වෙන්න කිව්වම..
" මම කලින් බහිනවබේ.. හසිත අයිය වාඩි වෙන්න.. "
දිනූක මම බහින්න හෝල්ට් 2 ක් කලින් බහින්නෙ.. අපි කතා කර කර ආව.. ඒකි බැස්සට පස්සෙ මාත් බහින්න ලෑස්ති වෙලා හසිතයට බහින්නම් කියල බහින්න හදද්දි..
" හා හා බැහපන්කො "
කියල කුපාඩි හිනාවක් දැම්ම.
හසිතය දිනිති ගැන දන්නෙ නෑ තාම. හරි ගියොත් කියන්න තමා මන් හිතන් හිටියේ.
පස්සෙන්ද හසිතය ක්ලාස් එකෙදි දිනූක ගැන විකාරයක් කියවන්න ගත්තා.
" මේ අයේශ්.. අරකි උබට ට්‍රය් ද කොහෙද බන්.. "
" කව්ද ?? "
මමත් පුදුම උනා.. කෙල්ලෙක් ට්‍රය් කිව්වම.. මූ හීනයක් වත් දැකලද කියල..
" දිනූකා.. "
මූට පිස්සු කියල මට හිතුනට.....
" තොට පිස්සුද බන්. ඒකි දවස් 2 කයි කතා කලෙත්.. අනික ඇය් උබ එහෙම කිව්වෙ.. ? "
" හික් හික්.. නිකන් හිතුනා.. බලමුකො.. "
එදා හවසත් අපිට දිනූකව හම්බුනා... ඒකි අපි එනකම් ඕනි කමින් පරක්කු වෙනවද කියලත් මට හිතුන...
කොහොමින් හරි සිකුරාදත් උනා...
ජයන් කිව්ව වගේ කත කරන්න බැරි උනොත්... ගානක් නැහ.. දිනිතිව දැක්කත් ඇති කියල හිතන් මම උදේම ගයාන් ලහ ගියා. තනියම යනවට වඩා මූව ඇදන් යන එක හය්යක්නේ..
මම සාමන්යෙන් ගයාන් එක්ක හුඟක් දේවල් කියනවා..
ජයන් කියපුව වගේම computer class එක ඇරිල එද්දි හම්බුන දිනූකා.. හසිතය කියපුව... ඔක්කොම ඌත් එක්ක කිව්ව..
" තොට සිකුරා හොදම එකෙන් වැඩලද කොහෙද... හික් හික් "
මූ මගුලක් කියනව ඒ අස්සේ..
" උබට දිනිතිව දාගන්න ඕනි නම් ඔය කෙලොන්ට කියවන්න යන්න එපා.. පිලිවෙලකට හිටු.. සමාධි කිව්වෙ බන් ඒකි හරි serious කියලා..
අනික හසිතයට ඉව තියෙනවනේ බන්.. ඕකා කෙල්ලො ගැන phd එකක් කරල ඉන්නෙ... ඌ කිව කතාව ඇත්තනම්... උබ ඔය කෙල්ලගෙන් ඈත් වෙලා ඉදපන්. නැත්තම් ඕක ඇනයක් වෙයි.. "
හසිතය ගැන කිව්ව කතාව ඇත්ත උනත් මූටත් පිස්සු කියල මට හිතුන...
" උබල දෙන්නටම පිස්සු බන්.. මේ වරෙන් යන්න.. උන්ගෙ ස්කෝලෙ ඇරෙන වෙලාවට එතනට සෙට් වෙන බස් එකක නැග්ගනම් උන් එක්ක ම ගාලු යත් හැකි බන්.. "
" ඇය් යකෝ ගාලු ගිහින් ක්ලාස් ඇරෙනකමුත් ඉන්න ඕනි කිව්ව නේ.. "
" හරි බන් පැය 2 - 3 ක් නේ බන්.. ඔය වලක් බහිමු යමන්කෝ.. "
කියලා ඌවත් ඇදන් ගියත් බස් එක දිනිතිලගෙ ස්කෝලෙ ගාවට යද්දි කලින් බස් එකේ ලමයි හුඟාක් ගිහින්..
කමක් නෑ හවස එය්නේ... කියලා අපි ගාලු ගිහින් බස් ස්ටෑන්ඩ් එකේ තාප්පෙකට හේත්තු වෙලා හෙන කට්ටකට සෙට් උනා.
ඇනේ මේ කෙල්ලෙක් හින්ද කන කට්ට.. ඒ මදිවට ගයාන් ගේ අදෝනාව.
" මම කිව්වෙ උබට 5 ට එමු කියල.. බලපන් දැන් කට්ට... "
මූ අඩනව ඉද්ගෙන...
ඒ අස්සෙ බඩගිනිත් වෙලා.. ගෙදරින් කාල ආවෙ දඩ පිගානක්...
" ඇයි බන් උබ කෑවෙ අර අලි සයිස් පිගානක්.. "
" ඒ දවල්නේ බන්... යමන් යමන් නිකන් කටු කන්නත් බෑ නේ.. අනික ලව් කරන්න කලින් කාල ඉන්න කියල අපේ අම්ම කියන්නේ "
මූ මාවත් ඇදන් කඩේකට රින්ගුවා.
ඒ දවස් වල අපේ ජාතික ආහරය රෝල් 2 ක් කාල plain tea 2 කුත් බීල ස්ටෑන්ඩ් එකට එද්දිම අපිට ජයන් හම්බුනා.
" අහ් මචන් ක්ලාස් ඇරියද... ? "
" ඔව් බන් ක්ලාස් ඇරියා.. මේ අද නම් කතා කරන්න එපා කියන්න කිව්ව බන් උබට.. uniform නිසා මම හිතන්නේ.. උබ හෙට shape එකේ කතා කරපන්.. "
මට නිකන් හරිම හිස් හැගීමක් ආවේ.. කමක් නෑ හෙට වත් බලමුකො..
දිනිත් ස්ටෑන්ඩ් එකට ඇතුලු උනේ ඒ එක්කම...
කොන්ඩෙ කරල් දෙකට ගොතල...
මායි ගයානුත් දිනිතිල නැග්ග බස් එකේම නැග්ග...
දිනිතියි තව කෙල්ලෙකුයි වාඩි වෙලා. සමධි නම් හිටගෙන. මායි ගයානුයි එතනට කිට්ටු උනා. පන්ති යනව වගේනෙ එන්නේ.. මගෙ අතේ පොතකුත් තිබ්බ.
දිනිති මාව දැකක යන්තම් හිනා වෙලා අතේ තිබ්බ පොත ඉල්ල ගත්ත.
සමාධි නම් uniform කියල ගානක් නෑ ගයාන් එක්ක කයිය.
මමත් කිට්ටු වෙලා..
" සමාධි යාලුව මොකද කියන්නේ.. "
" මන්ද අයේශ් අයිය... මම කිව්ව එයාට. ඔයා කතා කරල බලන්නකො.. "
" ජයන් කිව්වෙ අද එපා කියල කතා කරන්න... "
" අහ් ඔව්.. එය prefect කෙනෙක්නේ.. ළමයි දැක්කොත් හොඳ නෑනේ..
හෙට මන් chance එකක් අරන් දෙන්නම්කො.. "
සමාදි හොද කෙල්ල...
මම බහින්න කිට්ටු වෙලා පොතත් ඉල්ලගෙන යන්නම් දිනිති කියල බැස්ස...
-----------------------------------------------------
හිත නිකම් යකාගේ කම්මල වගේ.. දිනිති මොනව කියයිද කියල.. ගෙදර ගියත් හෙට වෙනකම් ඉවසිල්ලක් නැහ... අජිත් ගේ පට්ට ගහන කැසට් එකකුත් දාල ඇදට වැටුනේ හෙට ගැන හිතාගෙන...
සෙනසුරාද.. දිනිතිල අපේ ගෙදර ඇවිත් සතියක්...
උදේ මම නැගිටල දිනිතිල ක්ලාස් යනවනේ කියල තේ එකත් අරන් ඉස්සරහට ගියා. පාර දිහා බලන් ඉද්දි කට්ටිය පන්ති යනවා. දිනිති බිම බලාගෙන යනවා.. සමාධි මාව දැකල අතකුත් වනල දිනිතිට කිව්ව.. ඒකි යාන්තමට බැලල ආයේ බිම බලාගත්ත...
මමත් ලෑස්ති වෙලා උදේ පන්ති ගියා. ගියාට ඔලුව තිබුනේ නම් පන්තියේ නෙමෙයි.
කොහොම හරි පන්ති ඇරිල ස්ටෑන්ඩ් එකට එද්දි ගයානුත් ඇවිත්..
" මචන් දිනිති මොනව කියයිද දන් නෑනෙ.. "
" නෑනේ.. "
පුත්තලම් අමනුස්සය වගේ උත්තර දුන්න මූත්...
" යකෝ.. උබට මොකද හිතෙන්නේ.. "
" උබ ගැනද.. ? "
මූත් එක්ක මට තද වෙන්නෙ ඔය වෙලාවට..
" මම ගැන තෝ හිතන ඒව මට වැඩක් නෑ බන්.. දිනිතිගෙ සීන් එක ගැන... "
" අහ්.. දැන් ආවම අහපන්කො... "
මම රත් වෙලා ඉන්නව.. මූට වගක් නෑ...
ඌත් එක්ක කතා කරල වැඩක් නැති නිසා මම කට වහ ගත්ත..
හපොච්චියේ ඒ වෙලාවට ක්ලාස් ඇරිල එන.. ක්ලාස් යන කෙල්ලොන්ගෙන් ගාල්ල පිරිලා... නිකන් මල් වත්ත වගේ.
ඒ වගේම අයිතිකාරයොත් ඉන්නවා...
හික් හික් මම වගේ වෙන්න අයිතිකාරයො තම හුඟක්ම.
" උබට තද උනාද හික් හික්.. Joke ඒකට බන්.. ඕක හරි යයි.. ඒකිට බය තියෙන්නේ.. "
මූ කියනව.. අනේ මන්දා.. මූ නිකන් අහල වගේ...
දිනිතිල ක්ලාස් ඇරිල ආවා... ඒ එක්කම ස්ටෑන්ඩ් එකට ආව බස් එකක්... හිස්...
දිනිතිල බස් එහෙකට නැගල වාඩිත් වුනා.
පස්සෙම සීට් එකේ සමාධියි තව කෙල්ලො 2 කුයි යි.. ඒට ඉස්සරහ සීට් එකේ කෙලවෑරේ දිනිති.. මෙහා පැත්තෙ තව කෙල්ලෙක්.
දැන් කොහොමද කතා කරන්නේ...
" මචන් ඒකි වාඩි වෙලානේ.."
" වරෙන් ඉතින් බලන්න " කියල ගයාන් මාවත් ඇදන් බස් එකට නැග්ග..
මායි ගයනුයි බස් එකට නැග්ග ගමන් අර දිනිති ගාව හිටි කෙල්ල නැගිට්ට... නැගිටල ඒකිත් ගිහින් සමාධිල ගාවින් වාඩි උනා.
" ඉද ගනින්... "
ගයාන් මාව තල්ලු කරා... මාත් එහෙමම වාඩි උනා...
දිනිති එක පාර කලබල වෙලා වගේ... අර කෙල්ල නැගිටියි කියල ඒකි හිතන්න නැතුවද මන්ද...
ඒකි පස්ස හැරිලා..." මේ මමත් ඔතනට එනවා.. "
" ඔහොම ඉදපන් බන්.. අපෝ ලැජ්ජවා... " ඒ සමාධි.
මටත් හෙනට අවුල් උනා..
" දිනිති ඔයා ඉන්න... මම නැගිටින්නම්... " කියල මමත් පස්ස හැරිල අර නගිට්ට කෙල්ලට කිව්ව..
" කමක් නෑ.. ඔයා මෙතනට එන්න "
කියල...
" මේ මේ දෙන්නගෙම බොරුව.. ඔන්න ඔහොම ඉන්න.. වද නොදී. "
සමාධි.. හිනා වෙවී කියනවා.
කොහොම හරි දිනිති ඊට පස්සෙ දැගලුවේ නැහ.
මමත් ඉදල බස් එක ඇද්දුවට පස්සෙ හිමින් සරේ දිනිතිට ලං වෙලා...
" දිනිති.... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනි... "
ඒකි සද්ද නැහ... කමක් නැහ.. ඇහෙනවනේ...
" දිනිති... ඔයා දැනටමත් දන්නව ඇතිනේ මොනා ගැනද කියල... සමාධි ඔයාට කිව්වනේ.. ඔයා මොකද දිනිති කියන්නේ... "
අපායට ගියත් කලින් යන්න ඕනි කියල තියෙන නිසා මමත් කෙලින්ම සීන් එකට බැස්සා...
ඒකි පොත දිහා බලාගෙන අනිමිස ලෝචනේ... සද්ද නැහ....
ටිකක් වෙලා ඉදල මම ආයෙත්...
" දිනිති... "
ඒකි හිමින් සැරේ මං දිහා බැලුවා...
" මම ඒ වගේ දෙයක් ගැන තාම හිතල නැහ අයේශ් අයියා... "
මේක හරියන්නේ නැහනේ... මටත් කවදා කරපු ලව් උනත් වචන ටිකක් ආව නිසා...
" මමත් හිතුවේ නැහ දිනිති ඔයාව දකිනකම් එදා... මට හදිස්සියක් නැහ.. ඔයා තව ටිකක් හිතල උත්තරයක් දෙන්න... "
කියල කිව්ව...
කොහොම හරි අපිට පන්තිත් යන්න එපැයි හවස... බෙලි ගහ හන්දියෙන් බැස්සනම් කෙලිම පන්තිය ගාවට යන බස් එකක් අල්ල ගන්න පුලුවන්. අනික මේකෙ දිගටම යන්නත් බැහ මොකෝ ගෙදර යන්නය...
ඒක නිසා හන්දියට කිට්ටු වුනාම...
" දිනිති එහෙනම් මම බහින්නම්... ඔය හිතල උත්තරයක් දෙන්නකො... "
ඒකි එක පාරම මම දිහ බලල...
" ඇය් බහින්නේ... ???? "
ඒකි හිතන්න ඇති මම ගෙදර යනව කියල...
" අහ් නැහ දිනිති... හවස අපිට ක්ලාස්.. ඒකයි.. "
" අහ්.. හා එහෙනම්.. " කියල ලාවට හිනා වෙලා කිව්ව...
" එහෙනම් යන්නම්... " කියල පස්සෙ හිටි සමාධිටයි අනික් කෙල්ලොන්ටයි හිනා පාරකුත් දාල මමයි ගයානුයි බැස්ස..
" මොකො බන් උනේ... " ගයාන්...
" මොකුත් නැහ බන්.. "
" අන්න අන්න... කියහන් කියහන්... හුරතල් නොවී... "
ශික්.. මූට තියෙන හදිස්සිය...
" උබටයි මටයි තරම් හදිස්සියක් නැහනේ බන් ඒකිට... "
කියල මම කතා කරල ටික කිව්ව ඌට..
" අහ් දාපන් පහක්. ඕක හරි බන්... ඔය කෙල්ලො ඔහොම තමා... පොඩ්ඩක් ගනන් උස්සනවා... යමන් යමන් මොනා හරි කන්න.. බඩත් ගිනියි "
මූ මේ උපදින්න ඉන්න ළමයි රස්සවට දාල පඩියෙන් තෑගි ඉල්ලන කතා නේ කියන්නේ...
" කන්න නෙමෙයි.. ඕයි.. පන්ති යන්නේ නැද්ද ?? "
පන්ති 2ට පටන් ගන්නේ... එතනම 2.10 වෙලා... කොහොම හරි ආපු බස් එකක් එල්ලිල පන්තිය ගාවට යද්දි 2.30 ත් පහු වෙලා...
කලින් කියන්න බැරි උනානේ... ඒක අපේ අම්ම අදුරන සර් කෙනෙක් කරපු පුන්චිම පින්චි එකක්. පලවෙනි දවසෙ ළමයි 3 දෙනයි හිටියෙ... අපි දෙන්නත් එක්කම...
ඉතින් කොහොම හරි අපි යද්දි පන්තිය නැහ...
" ඒ බන් අද සර් නැද්ද දන් නැහනේ... "
" හික් හික්.. අපි දෙන්නත් නැතුව එකෙක්ට මොන ක්ලාස් ද බන්... සර් ඇවිත් ගියාද දන්නේ නැහ... "
මොනා උනත් ගයාන්ටත් යාන්තමට මොලේ තියෙනව..
" මේ ආයෙ සර් ආවොත් ඉගෙන ගන්න මූඩ් එකකුත් නැහ බන්.. යන්ද ?? "
ඇත්තටම මට ඉගෙන ගන්න මූඩ් එකක් තිබ්බෙ නැහ එවෙලේ..
" එහෙනම් යමන් ඉක්මනට "
හික් හික්... ගයානුත් ඕනි වලකට හා කියලනේ...
අපි ස්ටෑන්ඩ් එකට යද්දි පවන් ඉන්නව අර තාප්පෙකට හේත්තු වෙලා... මල මූඩ් එකකින්...
" අහ් මචන්... කොහෙද මේ... "
" අහ් කොහෙද බූරුවො තොපිල මක බෑවුනේ... උලමො දෙන්න වගේ.. "
මූ නිකන් රා බීල වගේ අර ස්ටෑන්ඩ් එක මැද කෑ ගහනවා... කෝකටත් අපි දෙන්න ඈත් උනේ මූට තද උනාම අත පයත් වනන නිසා.. හිහි.. අනික මූ කෑගහන්නේ හරියට මූට අපි එන්න කිව්ව වගේ.
" ඇය් දන් උබට අපි එන්න කිව්වද ?? මොකක්ද බන් සීන් එක ?? " ගයනුත් ටිකක් ඈතට වෙලා ඇහුව..
" කොහෙද තොපි ගියේ පන්ති නෑවිත්... "
යකො අම්ම තාත්ත අහන්න ඕනි ප්‍රශ්න මූ අහන්වා...
" ඇය් බන් අපි පන්ති නොගිය එක ට උබට තද උනේ... "
" තොපි යන හින්ද මටත් ඒ ක්ලාස් එකට යන්න කියල අපේ අම්ම කිව්ව... කෝහ්ඩ එකෙක් වත් නෑ පරයො... සර් ඇවිත් ටිකක් වෙලා ඉදල මට විතරක් කරල වැඩක් නැති නිසා ලබන සතියේ කට්රමු කියල ගියා... මම මෙතන කට්ට කනව... "
මූට හොදටම මල... පව් වැඩේ... අනික මූ එනව කියල දන්නවය අපි.. දැන් සර් අම්මට කිව්වොත් තවත් ලෙඩක්. ගානකුත් නෑ...
කොහොම හරි පවන්යවත් shape කරන් අපි අවට සිරි නරඹල ගෙදර ගියා.
දිනිති මොනා කියයිද කියන එක තමා මගේ ඔලුවේ තිබ්බෙ හැම තිස්සෙම... ආයේ ඉතින් සිකුරාද වෙනකල් ඉන්න එපැයි...
හෙට සමාධි හම්බුනා නම් updates ටිකක් ගන්න තිබ්බ....
ඉරිද හවස තමා ප්‍රසන්න සර් ගේ chemstryක්ලාස් පටන් ගත්තේ.. ඒක නිසා පලවෙනි දවසෙම කියල ළමයි අර combined ක්ලාස් එකේ දවස වෙනස් කර ගත්තා... ප්‍රසන්න සර් ගේ ක්ලාස් එකට ඉතින් මුල් ටිකේ හැමෝම වගේ යනවනේ...
ප්‍රසන්න සර් ගේ ක්ලාස් ගිහින් හවස සමාධි හම්බෙන්න හිතාගෙන මමත් ක්ලාස් ගියා.
ඒකට ඉතින් අපි සෙට් එකමයි තව ඉතින් ලගින් ආස්‍රය කල සෙට් එකයි කොහොම හරි 15 ක් විතර එකට තමා ගියේ. හපොයි ඒ වෙච් දේ ක්ලාස් ගිහින්...
කොහොම හරි නෝන්ඩියත් කාල... පන්ති ඉවර වෙලා කට්ටියම ස්ටෑන්ඩ් එකට ආව.
----------------------------------
ඉතිරි ටික හෙට.... හාද.....?

Last edited: