චූඩාමාණීක්‍යට වැඳීම

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චූඩාමාණීක්‍යට වැඳීම

    79211567_2503032613286272_7415320964222681088_o.jpg


    පසුගිය දිනෙක අශෝක අබේසිංහ මන්ත්‍රීවරයා විසින් මහා සෑයේ චූඩාමාණීක්‍ය පිළිබඳව යම් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකොට තිබුනි. දේශපාලන පරමාර්ථයකින් තොරව චූඩාමාණීක්‍ය වන්දනාව පිළිබඳව සියල්ලෝම දැන ගනිත්වා.

    මාණික්‍ය යනු වැඳියයුත්තක් නොවේ. එසේ වඳින්නේ නම් පාර දෙපස ඇති ජුවලරි ශොප් වලට මග දෙපස සිට වන්දනා කරනු ඇත. එසේ නම් පසුගිය කාලයේ චූඩාමාණීක්‍යකට වැන්දේ ඇයි.

    මෙය විමසීමට පෙර බුද්ධපූජාවට අතගසන්නේ ඇයි යනුවෙන් විමසුවේ නම් ප්‍රශ්නය ඔබට ම නිරාකරණය වනු ඇත. සාමාන්‍ය කෑම පිඟානට නොවඳින ඔබ බුද්ධ පූජාවට වඳී. යටත් පිරිසෙන් ස්වාමින්වහන්සේ නමකට පූජාකරන පිරිකරකට පවා බෞද්ධයා අත ගසා වඳී. කෑම යනු වන්දනා කල යුතුදෙයක් නොවේ යැයි කරුණු නොදත් මුග්ධයෙකුට ප්‍රශ්න කල හැකිය. නමුත් බුද්ධපූජාවට අතගැසීම, වන්දනාව යනු කෙනෙකුගේ සිතෙහි පවත්නා අලෝභ, අද්වේශ, අමෝහ සහගත සිතකින් උපන් දෙයකි. ඒ සිතෙහි ඇත්තේ බුදුගුණ පිළිබඳව අපිරිමිත ශ්‍රද්ධාවකි. එය කායික වාචසික ක්‍රියාවක් දක්වාම වර්ධනය වීම සාධුකාර දී වන්දනා කිරීමයි.

    බෞද්ධයා බුද්ධපූජාවට අතගසන්නේ ඒ කුසලය සිදුවන ආකාරය හා එතනදී ඇතිවන සිත ගැන ඇති අවබෝධය නිසාය. චූඩාමාණීක්‍යයේ කතාවද මෙයමය. වටිනා මැණික්වලට බෞද්ධයා වඳින්නේ නම් උදෑසන දිගු පෝලිම් ජුවලරි ශොප් ඉදිරියේ දැකගනු හැකිය. නමුත් බෞද්ධයා නිකන් ගල් වලට වඳින්නට තරම් හිස් තැනැත්තෙකු නොවේ. ඔවුන් චූඩාමාණීක්‍යයට වන්දනා කලේ එය උතුම් බුද්ධ පූජාවක් වන නිසාය. එය අනුමෝදන් වීම් වශයෙනි. උක්ත මැණිකකට වැඳීම ගැන කතාකල මන්ත්‍රීවරයා බෞද්ධයෙක්දැයි මම නොදනිමි. නමුත් ඔහු බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය නොදන්නා බවනම් ඉතාමත් පැහැදිලිය. එසේ නොදැන බෞද්ධයා ගැන කතාකිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් ඇත්තෙන්ම නැත. කවුරුත් ගියේ මැණිකකට වන්දනා කරීමට නොවේ. උතුම් මහා සෑයේ සිදුවන යුගයේ අසිරිමත් බුද්ධ පූජාවට අතගසා වන්දනා කිරීමටය. ඒ සිත කුසල් සිතක් බව බෞද්ධයා හොඳින්ම හඳුනයි.

    එසේම මෙතනදී කතාව ඊටත්වඩා වෙනස් වෙන්නේ මෙය සාමාන්‍ය චූඩාමාණීක්‍යක් නොවීමය. අවසන් ප්‍රතිසංස්කරණයේදී සිදුවූ මහා සෑයේ කොත සැකසීමේදී චූඩාමාණීක්‍ය පාදමේ සර්වඥධාතු තැන්පත් කරන ලද බව සඳහන්වේ. එසේනම් ඒ ධාතුන් වහන්සේලා එලෙසම මෙම චූඩාමාණීක්‍යය පාදමේද තැන්පත්ව ඇත. එසේනම් සාමාන්‍ය අතගසා කරන වන්දනාවට වඩා වැඩි වන්දනාවක් බෞද්ධයා මේ උතුම් සර්වඥධාතුන් වහන්සේලා තැන්පත් චූඩාමාණීක්‍යට කලයුතුමය. එසේනම් එලෙස උත්තරීතර කටයුත්තකට නිග්‍රහ කිරීමේ පාපයද සුලුපටු නොවේ. ඔහු තුණුරුවන් කමා කරවා ගන්නේ නම් යෙහෙකි. එමෙන්ම සැදැහැති බෞද්ධයාට කල නිග්‍රහය වෙනුවෙන් ඔහු ප්‍රසිද්ධියේ බෞද්ධයන්ගෙන් සමාවගත යුතුය. එලෙසවත් කිරීමට තරම් බුද්ධියක් නැත්නම් මිථ්‍යාදෘෂ්ටික එවැනි පුද්ගලයන් අප පාලකයන් වියයුතු දැයි බෞද්ධයා කල්පනා කලයුතුව ඇත.

    දේශපාලකයා යනු සමාජ නියෝජකයෙකි. සමාජ නියෝජනය කරන ඕනෑම කෙනෙකු සතුව තිබිය යුතු ගුණාංගයක් නම් කරුණු දැන සහේතුකව කතාකිරීමයි. අවාසනාවකට අද දේශපාලකයා මේ බව කෙතෙක් දුරට තේරැම් ගෙන ඇත්දැයි ඇත්තේ ප්‍රශ්නයකි. වගකීම් විරහිත කටට එන වචන කියවන වේදිකා දෙදරවන එහෙත් ප්‍රායෝගික නොවන කතා සමූහයකට නූතන දෙශපාලන කෘතහස්ත තාවයයැයි ඇතැමෙකු කල්පනා කරන බවක් දක්නට ඇත.

    අවාසනාවට කරුණ නම් ඔවුන් විසින් ධර්මය හා සාසනය ගැන කතා කලද දක්නට හැක්කේ එවැනිම ප්‍රකාශන සමුදායකි. පසුගිය කාලය පුරාවට ඇතැම් මන්ත්‍රීවරුන් භික්ෂුන් වහන්සේලා පිළිබඳව සිදුකල ප්‍රකාශද අපට අසන්නට ලැබුනි. ඔවුන් භික්ෂුන්ගේ වැරදි කතාකරනු මිස ගුණදහම් පුරණ නිවන කෙරෙහි මෙහෙයවූ සිත් ඇති භික්ෂුන් ගැන හෝ උන්වහන්සේලා වෙනුවෙන් කලයුතු දෙයක් ගැන කතා කරනු මේ දක්වාත් අප අසා නැත.

    මෑතක තවත් මන්ත්‍රීවරයෙකු කියා තිබුනේ මේරට පසුපසට යෑමට හේතුවත් චීවරධාරීන් ලෙසය. ඔහු අපේ ඉතිහාසය උගත්තෙකුදැයි අපට ඇත්තේ සැකයකි. අපේ ජාතිය ගොඩ නැගී ඇත්තේම බෞද්ධ සංස්කෘතිය මතය. භික්ෂුන් වහන්සේ මූලිකව සිටි අවධියේ අපේ රටේ අද්විතීය සෞභාග්‍යමත් ලෙස තිබූ තත්වය අදටත් අනුරාධපුර පොලොන්නරුවට ගියහොත් නටඹුන් දෙස බලා කාටත් තේරැම් ගත හැකිය. බෞද්ධ සංස්කෘතිය තුළ අදීන ලෙස නැගී සිටිය ජාතියක් දීනයන් කලේ භික්ෂුව නොව පරගැති පාළන තන්ත්‍රයයි කිවහොත් නිවැරදිය. එබැවින් එලෙස වගකීම් විරහිත සාසනද්‍රෝහී ප්‍රකාශන සිදු නොකරන ලෙස ඔවුන්ට සිහිපත් කල යුතුව ඇත. එසේම කනගාටුවට කරුණ නම් එවැනි ජාති ද්‍රෝහී සාසනද්‍රෝහීන් පාර්ලිමේන්තුව දක්වා ඔසවා තබනුයේද අපේම බෞද්ධයැයි සිතන ජනතාව විසින් වීමය.

    ඒ නිසා මේ ගැන බෞද්ධයා සිතිය යුතු කාලය එළඹ ඇත. සියලුම ආරණ්‍ය සේනාසන වාසී ස්වාමින්වහන්සේලාට නිදහසේ වනගතව ගුණදහම් පුරන්නට තරම්වත් නිදහසක් හෝ නීතියක් අප රටේ නැත. ආරණ්‍ය සේනාසන පවත්වාගෙන යන්නේ රටේ ඉන්නවාටත් බදු ගෙවමින් හා බොහෝමයක් සේනාසන නීත්‍යානුකූල ලෙස අනවසර ඉදිකිරීම් ලෙසය. ජාතියකට මග පෙන්වූ නිවෙන්නට මග කිවූ ඒ උතුම් පිරිසට රටේ ජීවත්වෙනවාට වනගතව ඉන්නවාටත් බදු ගෙවන්නට සිදුවී ඇත. ඒවාට පහසුව හෝ සිදුවිය යුත්ත නොසොයන නාමික බෞද්ධයැයි කියන මිථ්‍යාදෘෂ්ටික, භික්ෂුන්ගේ ගුණය කිසිම ලෙසක නොපෙනෙන පාලකයන්ට භික්ෂුන්ගේ වැරදි ගැනම කතා කිරීමට ඇති අයිතිය කුමක්ද? ඔවුන් සාසනයක් ධර්මයක් නොදැන කරන එබදු ප්‍රකාශන ගැන බෞද්ධයා මීට වඩා සංවේදී වියයුතුව ඇත. මේ අදහස් පළකලේ දේශපාලන මතවාදය උලුප්පා දැක්වීමට නොවේ. සාසනයේ සුරක්ෂිත බව සඳහා බෞද්ධයා මීට වඩා කල්පනා කාරී වියයුතු බව පැහැදිලි කිරීම සඳහායි. ඒ නිසා පක්ෂ භේදයකින් තොරව සාසනයට ඇතිවන අර්බුද එල්ලවන දිශාවන් හඳුනාගෙන ඒවා වැලැක්වීමට අප කටයුතු කල යුතුමය.

    ශාසන ලැදි සිතින්.
    සම්බුද්ධ ශාසනය තව බොහෝකල් මේ ලක්දිව බැබලේවා...!!!​
    [/CENTER]

    උපුටා ගන්නා ලදි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුද්ධ පූජාව , මල් කියන්නෙ බුදුන්ට පූජා කරන දෙවල්නෙ බන්
    ඒත් බන් චුඩාමනික්‍ය හයිකරන්නෙ චෛත්‍යයට ගහන අකුනු වලින් චෛත්‍ය ආරක්ෂා කරන්න හයිකෆන එකක් නෙ. පන්සළෙ උලුකෑට වලටත් වදී මෙවිදියට
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මෙය විමසීමට පෙර බුද්ධපූජාවට අතගසන්නේ ඇයි යනුවෙන් විමසුවේ නම් ප්‍රශ්නය ඔබට ම නිරාකරණය වනු ඇත.
    මටත් ඔය ප්‍රශ්නෙ තිබ්බ.. ඒත් මේටික කියෙව්වාම ප්‍රශ්නෙ විසදුනා.. ඔබට පිං.. බුදුසරණයි..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,707
    2,822
    113
    colombo
    රජ කාලේ දාගැබ් උස් ගොඩනැගිලි අකුණු වලින් ආරක්ෂා කර ගත්තේ කොහොමද